ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

July 21, 2021 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් මෙටිි‍්‍රක් ටොන් 120,000ක් ලබා ගැනීම සදහා ඊයේ දින විවෘත කරන ලද ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු ඉදිරිපත් කරන්න නැතැයි වාර්තා වේ.

මේ තත්ත්වය මත එම ටෙන්ඩරය නැවත දින වෙනස් කර ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව සූදානම් වන බවද වාර්තා වෙයි.

මෙසේ සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා උනන්දුවක් නොදැක් වීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිගයයි.

මෙවන් ටෙන්ඩරයක් ඉදිරිපත් වූ අවස්ථාවලදී ඒ සඳහා ලංසු තැබීමට ලබා දෙන කාලයේ දී අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙකු වුවත් එයට තබා තිබේ.

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මීට පෙර සඳහන් කර ඇත්තේ ඉදිරි සති තුනක සඳහා අවශ්‍ය කාලයට මෙරට තුල ඉන්ධන ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බවයි.

මෙතෙක් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැනට දැඩි විදේශීය විනිමය අර්ඉුදයකට මුහුණපා සිටින අතර භාණ්ඩ ආනයනය කිරීම ද දැඩි ලෙස සීමා කර තිබේ.

මේ අතර ඉදිරි දිනවල පියවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ණය වාරිකයෙන් පසු ඩොලර් හිගය තව දුරටත් උග‍්‍ර වනු ඇතැයි මුල්‍ය විශේෂඥයන්ගේ අදහසයි.

129,776 views

13 Comments to “ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..”

  1. සර් says:

    අලි සබරි බාර ගනී. සර්ගෙ දෙයියො..

  2. අර පරණ තිරික්කලේටයි බක්කි කරත්තෙටයි ඉන්වයිට් කොරපල්ලා කොහොමද සජී බබා ත්‍රික්කලෙන් ස්මාට් ෆෝන් එකක් අරගෙන රජා වගේ එනකොට ?????????????

  3. සෙනෙවිරත්න says:

    තොපි හොරා කරපුව ඒවයෙ ප්‍රතිපල රටේ මිනිස්සුන්ට, හෙනම ගහපිය

  4. Oxygen says:

    Thel Bonnada? Karaththen, Bicycalen, Payin Yamu!

  5. Mata dennako Rs 750/=.ta puluwanda

  6. Gamini says:

    1000 talk no work pada withrai

  7. ගාමිනී හන්තාන says:

    ඔය වගේම එකක් තමයි ජනවසම. තේ වතු ඔක්කොම විනාස කරල හිතවතුන්ට දීර්ග කාලීන බදු දෙනවා. හන්තාන කලමනාකරු ම්සුදේශ් ම්පෙරේරා හරිම අත්තනොමතික අකීකරු කාන්තා ලොල් පාලකයෙක්. කම්කරුවන් ම මුව එලවන දවස ලගයි.

  8. Darshana abayakoon says:

    මෙතන කිසිම ඩොලර් ප්‍රශ්නයක් නෑ. ආන්ඩුවට ඇති පදම් සල්ලි තියෙනවා. අති ගරු ජනාදිපති තුමාගෙ සංකල්පය පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සදහා ඉක්මනින් යොමු වෙලා පරිසර හිතකාමි හරිත විප්ලවයක් කරන්න. එකයි ඉන්ධන ගේන එක තහනම් කරේ. අනාගත දරු පරපුර ගැන හිතලා. 3% කුහක හැත්ත මේ වැඩපිලිවලත් කඩා කප්පල් කරන්න උත්සහ කරයි. පොහොර තහනම් කරපු එක කඩා කප්පල් කරන්න උත්සහ කරා වගේම.

    • ජනහිත*** says:

      මෝඩ බයියන්ට මේවා තේරෙන්නේ නැහැ

    • සෙනෙවිරත්න says:

      උඹගෙ වාහනේට කම්බි දෙකක් හයිකරගෙන 3%ට බැණ බැණ රාජපක්ෂවරු බුදුවේවා නෙලුම් කුළුනට ජයවේවා. මත්තල එයාපෝට් එකට ජයවේවා කිය කිය පලයන්.

  9. Dengu Nona says:

    Rajapaksa Samaagama Bhaara ganeewida?

  10. Dexter says:

    Let the people suffer poverty.. Who’s voted Rajapaskha family..

Main News