ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

February 29, 2020 at 8:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට ප්‍රථම ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ තානාපතිවරයා එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තම ධූර කාලය තුළ අමතක නොවන සිහිවටන කිහිපයක්ම ඇති බව ඔහු පැවසීය. තම නව තනතුර යටතේද ශ්‍රී ලංකාවට දිය හැකි උපරිම සහාය දෙන බව තානාපතිවරයා කීය.

කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් චීනයට දැක්වූ සහයෝගයට  රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් චෙංග් ෂියුආන් මහතා ස්තූතිය පුද කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීනයට පරිත්‍යාග කළ කලු තේ තොගය,  දිවයින පුරා සිදු වූ ආශිර්වාද පිරිත් පිංකම් තානාපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

වෛරසය කඩිනමින් පාලනය කර ඇත. අලුතෙන් ආසාදනය වන රෝගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු බවත් ඔහු පැවැසීය.

තානාපතිවරයාට සුබ පැතූ ජනාධිපතිතුමා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය  දෙන ලෙස ඉල්ලා සිටියේය. කොළඹ – රත්නපුර අධිවේගී මාර්ගය, සූර්ය හා සුළං බලයෙන් ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම පිළිබඳව ජනාධිපතිතුමා තානාපතිවරයා දැනුවත් කළේය.

කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා විශේෂ පහසුකම් සලසන බව ද ජනාධිපතිතුමා පැවසීය.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

97 views

3 Comments to “ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..”

  1. OBSERVER says:

    We should not forget that China was one of our great friends who had supported us to defeat terrorism. Further, if not for them and Russia, the third world countries would have been subjected to much more hegemonies than at present from past imperialistic countries ( western
    European countries).

  2. Sadda says:

    Kala honda wala prathipala labenawa sikuruyi.

  3. Munda says:

    Anna Ekatath ekka lankaven yavapu thanapathi la. Un thanapathi la HAANAPATHI la.
    Ara lankaven Yama Palanaya kaale yavapu kolapaata bath belayo tika elavala daane naththe ai?

    USA Washinton thanapathi vela inna PIN GONA ape ratata kisi vedak karanne naha, anunge salli valin savaari gahanava vitharayi. A booruva hithan inne thavamath lankave prime minister RANILA kiyala. Api balan inne kavadada me Ambassador Kumbhandeya USA valin elavanne kiyala? Janaadhi pathi thumani me gena hoyala balanna.

Main News