ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් 10ක ආයෝජනයක්…

October 10, 2016 at 2:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් 10ක ආයෝජනයක්…

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීෙමි වැඩපිළිවෙල සදහා ඉදිරිපත්ව සිටින දෙස් විදෙස් සමාගම් 28 න් සමාගම් 02 ක් සිය ගිවිසුම් අත්සන් කිරිම පසුගියදා සිදු කෙරිනි.

රුසියාෙවි ඖෂධ නිෂ්පාදන සමාගමක් සහ ඉන්දියාෙවි ඖෂධ නිෂ්පාදන සමාගමක් අතර ගිවිසුම් මෙහිදී අත්සන් කෙරුනි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථා සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාගේ මැදිහත්වීම මත ගිවිසුම් අත්සන් කිරිම සිදු කෙරුන අතර, එම ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10 කි.

මෙහිදී අදහස් දැක් වූ වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ප‍්‍රකාශ කළේ රුසියාව, ඉන්දියාව, සහ ඊශ‍්‍රායලය යන රටවලින් ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා සමාගම් එක්ව සිටින බවයි. දෙස් විදෙස් සමාගම් 28 ක් ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා එක්ව සිටිනවා. එම සමාගම් ලංකාෙවි නිෂ්පාදනාගාර ඉදිකරනවා. අද ගිවිසුම් අත්සන් කළ සමාගම් විසින් ආයුර්ෙවිද සහ බටහිර ඖෂධ නිෂ්පාදනය කිරිමට බලාපොරොත්තු වෙනවා. එම වැඩපිළිවෙල තවත් මාස 12 කින් ආරම්භ කිරිමට නියමිතයි. ඖෂධ නිෂ්පාදන ශ‍්‍රී ලංකාෙවි සෞඛ්‍ය සේවාවට ලබාදෙන අතර, අතිරික්තය අපනයනය කිරිමට ද සැළසුම් කර තිබෙනවා.

එම ඖෂධ සමාගම්වල කළමණාකාර අධ්‍යක්ෂවරු ගිවිසුම් හුවමාරු කරගත් ආකාරය ඡුායාරූපයේ දැක්ෙවි. මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථා සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ද එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

4 views
Main News