ශ්‍රී ලංකාවේ නම වෙනස් කරන්න ඕනෑ..- චම්පික කියයි..
February 1, 2019 at 12:00 pm | lanka C news
මෙරටට ‘ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය’ යන හැදින්වීම වෙනුවට ‘ශ්‍රී ලංකා ජනරජය’ ලෙස නම් කරන්නැයි යෝජනා කරන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදීල සමාජවාදී හෝ සමාජවාදී ප්රජාතන්ත්රවාදී කොටස් අතහැර ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කිරිම හොදටම ප්‍රමාණවත් යයිද ඔහු සදහන් කරයි.
ලංකාවේ නම වෙනස් කරන බවක් කියා මාධ්‍යවලින් බොරු මගඩි කි‍්‍රයාවලියක් ගෙන යන බවද ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාතර වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
” AMMA GE APPAGE DEPALADA “