ශ‍්‍රී ලංකාවේ පිරිිමින් අතර මුඛ පිළිකාව මුල් තැනට…

October 13, 2016 at 2:04 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ පිරිිමින් අතර මුඛ පිළිකාව මුල් තැනට…

පිළිකා රෝගය තුරන් කිරිම සදහා ජනතාව බලගැන්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ සදහා  ‘නිල්කටරොලු මලට හඩක්’ නමින් නව සංවිධානයක් බිහි කෙරුනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මහරගම අප්ක්ෂා රෝහලේ පැවැති මෙම වැඩසටහනේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා

‘මතින් සහ දුමෙන් මෙන්ම පිළිකාවෙන් තොර දේශයක් නිර්මාණය කිරිම සදහා සියළු දෙනා කැපවිය යුතුයි. මෙය නොනවතින අරගලයක්. බාධක මැද ඉදිරියට යා යුතුයි. අද ජතික වශයෙන් දුම්වැටිය සදහා බදු පනවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ ජනාධිපතිතුමාගේ උපදෙස් මත දුම්වැටියට වැට් බදු ක‍්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරුනා. දුම්වැටි මිල ද ඉහළ දමා තිබෙනවා. ලෝකය පුරා මිලියන 14.1 ක් පිළිකා රෝගීන් අලුතෙන් වාර්තා වෙනවා. ලෝක සංඛ්‍යාලේඛණ වලට අනුව ළය පිළිකාව ප‍්‍රථම ස්ථානයට පත්ව ඇතත්, මුඛ පිළිකාව ඇත්තේ ඉතාම පසුපසින්. නමුත් ශ‍්‍රී ලංකාෙවි පුරුෂ පක්ෂය අතර මුඛ පිළිකාව ප‍්‍රමුඛස්ථානයේ තිබීම කණගාටුවට කරුණක්. මෙය වළක්වා ගත යුතුයි’ යැයි ද පැවැසිය.

– නිපුන් ඒකනායක

145 views
Main News