ශ‍්‍රී ලංකාවේ විශේෂ අධිකරණය අපකීර්තිමත්…- GL පීරිස් කේම්බි‍්‍රජ් සරසවියේ සිට ජාත්‍යන්තරය අමතමින් කියයි..

September 12, 2018 at 4:40 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ විශේෂ අධිකරණය අපකීර්තිමත්…- GL පීරිස් කේම්බි‍්‍රජ් සරසවියේ සිට ජාත්‍යන්තරය අමතමින් කියයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය දා කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක ප‍්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගී විය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියෙන් නිරන්තරයෙන් ඇරයුම් ලබන ප‍්‍රධානතම ආරාධිත දේශකයෙකි.

ආර්ථික අපරාධ පිළිබදව පැවැති මෙම ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයට රටවල් 85 ක් නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් සහ විද්වතුන් 1800 ක් පමණ සහභාගී විය. ඔහු විසින් යුක්්තිය ඉටු කිරීම සදහා පවත්නා යන්ත‍්‍රණයේ ප‍්‍රමාණාත්මකභාවය යන මැයෙන් එහි දී පවත්වන ලද දේශනයේ දී ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත විශේෂ මහා අධිකරණය පිළිබදව ද අදහස් දැක්වීය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කළ දේශනයේ සාරාංශ සටහනක් මෙහි වෙයි.

නීතියේ ආධිපත්‍යයට නින්දාවක්

මෙම විශේෂ මහා අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ සාමාන්‍ය අධිකරණ රාමුවෙන් පිටතයි. එය නීතියේ ආධිපත්‍යයට බරපතල හානි සිදු කිරීමක් වන අතර එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ නීතියේ ආධිපත්‍ය පිළිබද මහජන විශ්වාසය බරපතල ඛාදනයකට ලක් වීමයි. සංවර්ධනය වෙමින් පවතින කලාප තුළ නැවත වරක් අතිශය වැදගත් මූලික ආයතන අසාමාන්‍ය ලෙස දේශපාලනීකරණයට ලක් වීමේ ගැටඵව මතු වෙමින් තිබෙන බව මාගේ නීරීක්ෂණයයි.

මෙය අහිතකර ධ‍්‍රැවීකරණයේ ප‍්‍රතිඵලයක්. ශ‍්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද පිරිසක් මූල්‍ය අපරාද සම්බන්ධයෙන් චෝදනාවට ලක් කර අදාළ නඩු විභාග කිරීම සදහා පසුගිය දා ආරම්භ කළ විශේෂ මහාධිකරණය මීට උදාහරණයක්. මෙය රජයට විරුද්ධ පාර්ශව බිය ගැන්වීම ස`දහා රජය විසින් ක‍්‍රියාත්මක කරන ලද කූඨ උපක‍්‍රමයක්. මේ තත්වය අතිශය ගෞරවයට පාත‍්‍ර වුණු අධිකරණ පද්ධතියට සිදු කළ මහා අසාධාරණයක්.

ශ‍්‍රී ලංකාවේ විශේෂ අධිකරණ පිළිබදව පවතින්නේ අපකීර්තිමත් ඉතිහාසයක්. අපිට අමතක කරන්නම බැහැ ලෝකයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කර ජනාධිපතිවරණයට තරග කිරීමට පවා අවස්ථාව අහිමි කළ තීරණය. එම තීරණය ගත්තේ එවක රජය විසින් මේ ආකාරයෙන්ම පත් කළ විශේෂ ජනාධිපති කොමිෂමක් මගින්. එදා මෙවැනි තත්වයක් ඇති කළේ සාමාන්‍ය අධිකරණ පද්ධතිය මගින් එම කරුණු සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට තිබූ අවස්ථාව අහේතුකව මගහරිමින් බව කිව යුතුයි.

ඒ වගේම දේශපාලකයින් විසින් සාමාජිකත්වය දරණ කමිටුවකින් ඉදිරිපත් කරන පැමිණිලි විමර්ශනය කිරීම සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නමින් විශේෂ පොලිස් ඒකකයක්ද ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබෙනවා. එය මුඵමනින්ම නීති විරෝධි බව ශ‍්‍රී ලංකාවේ නීති විශාරදයින් විසින් පෙන්වා දී ඇති අතර හිටපු අගවිනිසුරුවරයා විසින්ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී ආයතනයක් බව පෙන්වා දී ඇත.

සමස්තයක් විදිහට ගත් කළ අපට පැහැදිලිවම පෙනී යන්නේ ¥ෂණයට එරෙහිව කටයුතු කිරීමේ මුවාවෙන් ප‍්‍රතිවාදීන් දඩයම් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක බවයි.

මෙම සම්මන්ත‍්‍රණය සදහා ග්ලේන් ගෝවාහි රාජකීය නීතිඥ ඬේවිඞ්සන් සාමිවරයාත්, බි‍්‍රතාන්‍යයේ සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ ප‍්‍රකාශකවරයාත්, බ්රේව්හි රාජකීය නීතිඥ කාලි සාමිවරයාත්, බි‍්‍රතාන්‍යයේ සහ වේල්සේ අභියාචනාධිකරණ විනිසුරු සර් රූපට් ජැක්සන් ඇතුලූ ලෝකප‍්‍රසිද්ධි ආරාධිතයින් රැුසක් මෙම සම්මන්ත‍්‍රණයට සහභාගී විය.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

154 views

12 Comments to “ශ‍්‍රී ලංකාවේ විශේෂ අධිකරණය අපකීර්තිමත්…- GL පීරිස් කේම්බි‍්‍රජ් සරසවියේ සිට ජාත්‍යන්තරය අමතමින් කියයි..”

  1. sunimal says:

    කැකිල්ලේ රජතුමාගේ නඩු තීන්දු පිලිබදව ලාංකීය සමාජයට හොද අවබෝධයක් තියෙනවා. එමනිසා ඒ කැකිල්ලේ රජු ගැන විග්‍රාහයන් අවශ්‍ය නොවේ. එදා හාස්‍ය උපදවන කථා වස්තූන් මැවූ කැකිල්ලේ රජතුමා මනක්කල්පිත වුවත් වර්ථමාන ලාංකීය සමාජයේ ජීවමාන කැකිල්ලේ රජවරුන් සිටිනවා

    • මර්වින් සිල්වා says:

      ජී.එල්.පප්පටත් ලැජ්ජ නැහැනෙ මහින්ද පස්සෙ යන්න. මෙියකා විදේශ ඇමති කාලෙ තුටිටු දෙකට දාල හිටියෙ.
      ජීඑල් මහින්දගෙ විදේශ ඇමති උනාට බලය තිබුනෙ මහින්දගෙ ගෝලය විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති සචින්ව වාස් ගුණවර්ධනට.
      විදේශ අමාත්‍යාංශයේ නිළධාරිනුත් සැලකුවෙ සචින්ට.
      එහෙම වෙචිචි ජීඑල්ගෙ ආචාර්ය පටිටමෙන් වැඩක් තිබෙිද?
      මෙයත් සමනලයෙක් නේ.

  2. Saradiel says:

    වැරදි විනිශ්චය නිසා අහිංසකයන් දඬුවම් ලැබීම.

  3. මහලොකුවට දේශප්‍රේමය ගැන දෙසාබෑවට බටහිරට ගිහින් රට පාවාදෙනවා. රටේ අභ්‍යන්තර ප්‍රශ්න බටහිරට ගිහින් කියලා රට පාවාදෙනවා.

    • rajakaruna says:

      ISIS in Australia betraying Sri Lankans there and all over, Mr. niyas(Stupid Niyas) don’t you feel those things?

      • නම නිසා වෙන්න ඇති මේ වගේ කියල තියෙන කරුණට අදාල නොවන ගොං කතාවක් කියල තියෙන්නෙ. මේ නම තියෙන්නේ ඔබ හිතන ජනකණ්ඩායමටම පමණක් නෙවෙයි. අනික ඔස්ට්‍රේලියාවෙ සිටින ලංකා ජනගහනය අනුව දැන් ඒ රටේ බහුතරයක් දෙනා අපේ රටේ බහුතරයක් සිංහල බවත් දෙමළ අය සහ සිංහල අය අතර යුද්ධය තිබූ බව හා දැන් එය නිමා වී ඇති බවත් සෑම රටකම සේම මුස්ලිම් ජනවර්ගයත් මේ රටේ සිටිනබවටත් ඔවුන් හොඳින්ම දැනුවත්. ඒ නිසා ISIS වගේම අර මෑතක ප්ලේන් එකක් හයිජැක් කරන්න හදපු ද්‍රවිඩ සම්භවයක් සහිත තරුණයත් ලාංකිකයන් උනත් බහුතරයක් ලාංකිකයින් එවැනි අය නොවන බව දැන් මුලු ලෝකයම දන්නවා.

  4. sakalabujan says:

    What a shame….Don’t naked the country in front of the world….

  5. Hewage says:

    Shame GL still you are going behind and protecting an uneducated family. Only way to punish public fund robbers and looters is this type of court system. See how the previous regime put us into Chinese hands’ through bogus commissions based mega projects.

    • rambanda says:

      Hewage is your other name chatura senaratna, or a henchman of his. What you say is not true at all. Rajapakse familly is not uneducated by any standard, onedoes not have to be super academic to be a good politician, and an efficient politician is not necessarily a phd man. Look at ngo guys like jayampathy, and sarath wijesuriya.

Main News