ශ‍්‍රී ලංකාවේ HIV/AIDS තුරන් කිරීමේ වැඩපිළිවෙල ප‍්‍රගතියක් ලබා ඇති බව ගෝලීය අරමුදල පවසයි.

October 24, 2016 at 2:04 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ HIV/AIDS  තුරන් කිරීමේ වැඩපිළිවෙල ප‍්‍රගතියක් ලබා ඇති බව ගෝලීය අරමුදල පවසයි.

ශ‍්‍රී ලංකාෙවි එච්.අයි.වී ඒඞ්ස් අවම කිරීෙමි වැඩපිළිවෙල 2016 වසරේ දී ප‍්‍රගතියක් ලබා ඇති බව ගෝලීය අරමුදල පවසයි.

ගෝලීය අරමුදල මගින් ශ‍්‍රී ලංකාෙවි එච්.අයි.වී ඒඞ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව අවම කිරිම සදහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනු ලබයි. මෙහි ප‍්‍රගතිය විමර්ශණය කිරිම සදහා ගෝලීය අරමුදලේ ශ‍්‍රී ලංකා කළමණාකාරීනී බැන්ක්කා මහත්මිය ඇතුලු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා හමු වී සාකචිඡවක් පැවැත්වීය.

එහිදී දකුණු ආසියාෙවි අනෙකුත් රටවල් හා සංසන්දය කිරීෙමි දී ශ‍්‍රී ලංකාෙවි එච්.අයි.වී ඒඞ්ස් ව්‍යාප්තියේ ප‍්‍රවණතාවයේ අඩුවක් දක්නට ලැබෙන බව සාකචිඡ කෙරුනි. ශ‍්‍රී ලංකාෙවි ඒඞ්ස් ව්‍යාප්තවීමට බලපා ඇති ප‍්‍රධාන කරුණු ලෙස සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිත ගණිකා වෘත්තීය, පුරුෂ සමලිංගික එච්.අයි.වී ආසාධිතයින් හේතු වී ඇති බව අවධාරණය කෙරුනි. මෙම තත්ත්වය වැළැක්වීම සදහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමටත් රසායනාගාර සේවා දියුණු කිරීමටත් ජනතාව දැනුවත් කිරීෙමි වැඩපිළිවෙළක් ආරම්භ කිරිමටත් ගෝලීය අරමුදල එකඟත්වය පළ කරන ලදි.

තව ද ක්ෂය රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරිම සදහා දැනුවත් කිරීෙමි වැඩසටහන් දියත් කිරීමට ද සාකචිඡුා කෙරුනි. ගෝලිය අරමුදලේ ශ‍්‍රී ලංකා කළමණාකාරිනි බැන්කා මහතාමිය උතුරු නැගෙනහිර සහ දකුණූ පළාතේ සංචාරය කරමින් මෙම කරුණූ පිළිබදව විමර්ශණයක නිරත වී ඇත. මෙහිදී ඇය සදහන් කළේ 2016 වසරේ දී ශ‍්‍රී ලංකාව ලබා ඇති සෞඛ්‍ය ප‍්‍රගිතය පිළිබදව ගෝලීය අරමුදල සතුටට පත්වන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ජයසුන්දර බණ්ඩාර මහතා, සරත් අමුණුගම මහතා සහ ආර්.අර්.එම්.එල්.ආර් සියඹලාගොඩ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

16 views
Main News