ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. පූර්ණ තරගාවලියම පරාදයි..

October 29, 2017 at 10:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. පූර්ණ තරගාවලියම පරාදයි..

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර පැවැති තුන්වැනි හා අවසාන 20-20 තරගයෙන්ද ශ‍්‍රී ලංකා පිල ලකුණු 36ක පරාජයක් ලැබීය.

පකිස්තානයේ ලාහෝර් ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මුලින් පන්දුවට පහර දුන් පකිස්තානය සිය පන්දු වාර 20 තුලදී කඩුළු 03ක් දැවී ලබා ගත් ලකුණු 180ට පිලිතුරේ ලෙස ශ‍්‍රී ලංකාව ලබාගත්තේ පන්දුවාර 20කදී කඩුළු 09කට ලකුණු 144ක් පමණි.

එ අනුව සම්පුර්ණ තරගාවලියම 3-0ක් ලෙස පකිස්තානය විසින් ජයගත්තේය.

ලාහෝර් තරගයට සහභාගී වීම ප‍්‍රතික්‍ෂෙප කරමින් ක‍්‍රීඩකයින් විශාල පිරිසක් ක‍්‍රිකට් ආයතනය වෙත ලිඛිත දැනුම් දීමක් කලද ඒ නොතකා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් මෙම 20-20 තරගාවලියට සහභාගී කරවා ඇත.

තරගයේ ලකුණු පුවරුව මෙතනින්

0 views

One Comment to “ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. පූර්ණ තරගාවලියම පරාදයි..”

  1. cricket lover says:

    When you look at the players now, they look bunch of weed smokers or Thugs. Do not shave their beards and looks like real madaviyas. There is a saying that your face showcases your hear. Can you imagine the caliber of cricketers we have had. Roy, Duleep, Rumesh, Madugalle, Wettimuni, Roshan, Arjuna, Hashan, All were pleasant and extremely talented than this bunch and moreover they had discipline to shave their beards and look like gentlemen. These players are not bothered about it and certainly look like loiterers and no talent inside as well. We should over haul our cricket with a new structure plus discipline to represent them the Nation in the International arena. Not like this. Think a second……..

Main News