ශ‍්‍රී ලංකාව අධි උද්ධමනය පාමුල..- ආර්ථික විශේෂඥයෝ කියති..

October 12, 2021 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාව අධි උද්ධමනය පාමුල..- ආර්ථික විශේෂඥයෝ කියති..

ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්ධිත උද්ධමනය (Repressed Inflation) විවෘත උද්ධමනයක් (Open Inflation) බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසයි. පවතින උද්ධමනකාරී ආර්ථික පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මහ බැංකුව තව දුරටත් මුදල් අච්චු ගැසීම කර ගෙන ගියහොත් එය අධි උද්ධමනයක් (Hyperinflation) බවට පත් වීම නොවැලැක්විය හැකි බවයි. එසේම විනිමය අනුපාතය පිළිබඳව ද එය එසේම ආදාළ වන බව ආචාර්ය විජේවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.

“අද ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ එමගි න් ඇතිවිය හැකි උද්ධමනකාරී බලවේගය අපට හඳුන්වන්න පුළුවන් මර්ධිත උද්ධමනයක් (Repressed Inflation) ඉවත් කළ පසු පැන නැගුනු තත්ත්වයක් හැටියට. මෙතෙක් කල් රජය ක්‍රියාත්මක කළේ උපරිම සිල්ලර මිලක් නියම කරලා, ගැසට් මගින් ඒ උපරිම සිල්ලර මිල ක්‍රියාත්මක කිරීම මගින් වෙළෙඳපොළ මර්ධනය කිරීමට තමයි කටයුතු කරලා තිබුණේ. නමුත් එම කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින නිසා.”

“මේ නිසා මේ ගැසට් ඉවත්කර ගත් පසුව (ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ වැඩිදියුණු වෙලා තිබෙන ප්‍රෙෂර් එක සේෆ්ටි වෑල්ව් එක හරහා එලියට පනිනවා වගේ) අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙනවා. මෙහිදී ඇතිවෙන උද්ධමනකාරී බලවේගය අපට එකවරක් ඇතිවන මිල වැඩිවීමකට සීමා කරගන්න පුළුවන්, මහ බැංකුව නැවත වරක් මුදල් නෝට්ටු මුද්‍රණය කරලා, මේ උද්ධමනයට තව බලයක් සැපයූවේ නැත්නම්. නමුත් මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇතිවෙච්ච මිල වැඩිවීමට බලයක් සැපයූවහොත් ඇත්තවශයෙන්ම සිදුවන්නේ එකවරක් පමණක් වැඩිවුණු මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් (Hyperinflation) බවට පාත්‍ර වෙන්න පුළුවන්.”

“අපේ විනිමය අනුපාතිකයත් අද තියෙන්නේ මෙන්ම මේ තත්ත්වයේ. විනිමය අනුපාතිකයේ වටිනාකම මහ බැංකුව විසින් රු. 203කට නියම කරලා තියෙන එක අපිට හඳුන්වන්න පුළුවන් MRP (Maximum Retail Price) එකක් නියම කරපු එකක් හැටියට. නමුත් ඒ ප්‍රමාණයට වෙළෙඳපොළේ ඩොලර් ලැබෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක දී මේ MRP එක ඉවත් කරපු ගමන්ම විනිමය අනුපාතිකයත් මේ වගේම උඩට පැනලා මහා භයානක විදියට විනිමය අනුපාතිකය ශ්‍රී ලංකාවේ අඩුවෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මහබැංකුව සහ රජය කටයුතු කළොත් වඩා සුදුසුයි.”

– biz.adaderana

69,950 views

16 Comments to “ශ‍්‍රී ලංකාව අධි උද්ධමනය පාමුල..- ආර්ථික විශේෂඥයෝ කියති..”

  1. Jagath says:

    අපි ඕවට බය නෑ. අපිට ඉන්නේ මොළ හතේ මුදල් ඇමති කෙනෙක්

  2. 3% ට බය බයියා. says:

    69 ලක්ෂයට කිරිබත් උයාගෙන කාලා ආතල් එකේ ඉන්න පුලුවන් නිවුස් එකක් .

    • 3% නැති ජෙප්පා says:

      ඊයේ පෙරේදා විශ්‍රාම ගත් බැංකුවේ අධිපතිතුමා මම කියන්නේ නැහැ දක්ෂ පුද්ගලයෙක් කියා ඔහු දක්ෂ පුද්ගලයෙක් වෙන්ඩ පුලුවන් නමුත් සමහරු ඉන්නවා, යම්කිසි වැඩක් පැවරුවා හමක් ඒ වැඩේ විවිධ ඈන්ගල් ඔස්සේ ගොස් ඒ ප්‍රශ්නයට පිළිතුරු කයනව සමහරු ඉන්නවා ප්‍රශ්න වලට ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කරනවා න් ඔව් වගේ ප්‍රශ්නයක් තමයි මං හිතන්නේ මෙතන තිබෙන්නේ මං කොහොමත් කියනවා මිනිස්සු මොනව කිව්වත් අජිත් නිවාඩ් කබ්රාල් දක්ෂ පුද්ගලයෙක් ඔහු මේ රට මේ තත්ත්වයෙන් ගොඩ ගන්නවා කියන එක මට විශ්වාසයි

  3. කැපුවත් පොහොට්ටුවට says:

    මේව ගොන් ජෙප්පන්ගෙ බොරු. රැවටෙන්න එපා.

    • Jagath says:

      උඹේ බෛයි වචන වලට රැවටෙන උන් දැන් සෑහෙන්න අඩුයි යකෝ 😄. දැන් රාජපක්ෂ අසුචි වෙනුවට වෙන කන්න දෙයක් හොයාගනින්

  4. බයියා says:

    ලංකවට ඔරොත්තු නොදෙන ලක්‍ෂ 18 ඉක්මවූ රජයේ රැකියා ප්‍රමාණයක් දැනටමත් ලබා ද ඇත. මෙලස පින්පඩිකරුවන් නඩත්තු කිරීම හා ඔවුන්ගේ පඩි ගෙවීම රජයේ රැකිය නොකරන බහුතර රජයට බදු ගෙවන ජනතවමත පටවා ඇත. නැතහොත් පඩි ගෙවීමට මුදල් මුදාණය කිරීමට සිදුවී ඇත. අද වන විට ජිවන වියදම වැඩි වීමට ප්‍රධාන හේතුව රජයේ සේවකයන්ගේ පඩිය ඉහල ගිය විට භාන්ඩ මිල ඉහල යාමද ඊට සාපේක්ෂව අනෙකුත් පුද්ගලයන්ගේ වැටප් ඉහල නොයාමය මෙවන් තත්වයක් තුල නව පත්වීම් 6 0 0 0 0 ලබාදිම සහ මෙතෙක් කිසිදු රජයකින් රැකියා ලබා නොදුන් NSBM වැනි ප්‍රථමික උපාධි ආයතන වල උපාධිධාරීන්ට ද රජයේ රුකියා ලබාදීම තවත් උපහාසාත්මක ක්‍රියාවකි.

  5. Susantha says:

    අවාසනාවකට ආර්ථික විද්‍යාවේ මූලික දැනුමවත් නැති මිනිහෙක්ව මහ බැංකු අධිපති කරලා ඒ බූරුවා ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගහනවා

  6. මොළ හත says:

    මේ රජය බලයට පත් වුනාම හිතුවේ පසුගිය 2015 චන්දයේදී මිනිසුන්ට වැරදි යහපාලනයට බලය ලබාදී දැන් නැවතත් මිනිසුන් කල වැරැද්දට පසුතැවිලිවී මෙම රජය පත් කර ගතය කියා. ඇත්තටම සිදුවුයේ මාද්‍ය ආයතන කිහිපයක් එකතුවී කුඩා ප්‍රශ්න විශාල ලෙස හුවා දක්වමින් ජනතා මොළ හොදා නැවතත් චෞර කල්ලිය බලයට පැමිණීමයි. කෙසේවෙතත් රජය තවමත් කල්පනා කරන්නේ 2015 චන්දයේදී මිනිසුන්ට වැරදි යහපාලනයට බලය ලබාදී දැන් නැවතත් මිනිසුන් කල වැරැද්දට පසුතැවිලිවී මෙම රජය පත් කරගත බවයි. ඉතින් ඒ දවස්වල රැ කරපු හොරකම් අද දවල් සිදු කරමින් සිටි. ඔවුන් හිතන්නේ ඔවුන්ට හොරකම් කිරීමට බලපත්‍රය ජනතාව ලබාදුන් සෙයකි. මෙයින් ඉගනහතයුතු පාඩම නම් නැවත එජාප හෝ සජබ බලය ලබා නොදී සිටීමටටයි. මක්නිසාද යත්, ඔවුන් ද මේ ආකාරමයෙන් නැතව සිතා ජනතාවට අරින්න පටන් ගැනීමයි. ඒ නිසා ඊළඟ වාරයේ දී වෙනස් ආකාරයකට හිතන නව නායකයකු පත් කලගතයුතුමය. එත් ඌත් හරියයි ද කියලා දන්නේ නෑ. එත් පොහොට්ටුවේ, එජාප හෝ සජබ ඉන්න එවුන් නම් හරියන්නේ නෑ කියලා හොඳටම පේනවා.

    • 3% නැති ජෙප්පා says:

      රටට හොදක් වෙනවානම්…කවුරු තනතුර දැරුවත් කමක් නෑ….මොහු දක්ශ…නිලධාරීයෙක්…..

  7. kumar says:

    give to your sister or mum please.

  8. Welupillai says:

    Sir ta Mahatihir /Le Kuwan Wenda Dangalannathuwa Aduma Tharamen Imran Khan wath wennda try karanna wenawa …

  9. saman says:

    මුන් බොරු කියන්නේ, රට ජාතිය ආගම ගොඩටම ගන්න මේ ආණ්ඩුව තරම් වෙන කාටවත් බෑ

  10. Sumangala says:

    විජේවර්ධන කියන්නෙත් ඉතින් බොරු පුම්බන්නෙක් තමයි. අනුන් ගෙ වැරැදි හොයන එක එයාගේ විනෝදාංශය​.

Leave a Comment

Main News