ශ‍්‍රී ලංකාව අන්තිම ගැට්ටේ.. තව ලොක්ඩවුන් එකකින් රට බංකොලොත්…

June 23, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාව අන්තිම ගැට්ටේ.. තව ලොක්ඩවුන් එකකින් රට බංකොලොත්…

නැවතත් රට වසා දැමීමට සිදු වුවහොත් ශ්‍රී ලංකාව බංකොලොත් වනු ඇතැයි ප‍්‍රකට ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි.

රට වසා දැමූවද රටේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා සංචිත වලින් මුදල් වියදම් කිරීමට සිදුවන නිසා මෙම තත්වය උදා වන බව ද ඒ මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සතුව දැනට ඇති සංචිත ප්‍රමාණයද ඉතා සීමිත නිසා ආර්ථික ක්‍රියාවලිය සිදු කරන අතරවාරයේම වෛරසය පාලනය කිරීමද සිදු කළ යුතු බවද ඒ මහතා කියා සිටී.

එනිසා මෙම අවස්ථාවේ ඉතා වගකීමෙන් කටයුතු කිරීම ජනතාවගේ ද කාර්යයක් බව ද ඔහු ගුවන්විදුලි සේවයක් සමඟ එක්වෙමින් කියා සිටියේය.

215,087 views

25 Comments to “ශ‍්‍රී ලංකාව අන්තිම ගැට්ටේ.. තව ලොක්ඩවුන් එකකින් රට බංකොලොත්…”

  1. Health says:

    Ai රට wahuwot කන්න නැතිව මැරෙන්න Tama වෙන්නේ

  2. Athula says:

    රටකට ඔරොත්තු නොදෙන වියාපෘති කලේ ගිනි පොලියට ගෙන ඒවගෙන් 90% ක්‌ ගියේ රාජපක්ෂ ලගේ සාක්කුවට ඉතින් මෙතරම් ධනයක් හංගල තියෙන රටක් කොහොමද ඔලුව උස්සන්නේ නැහැ නැහැ කිව්වට වැඩක් නැහැ ගෝටාභය ඇවිත් පළමුව කලෙත් ඒකම තමයි සීනි මගඩි පොල්තෙල් සැමන් ඇවන්ට් ගාර්ඩ් මේවා සේරම රටේ බහන්ඩා ගාරයට එන ධනය

    • Dimple kupadiya says:

      ඔවා පුස් කාපු ගොන් කතා.
      2015 සිට රට ඔෆ් කර තැබූ මෝඩ unp jvp අමනයන් වසර 5ක්‌ විනාස කල නිසා රට වැටුනේ.

  3. මරතේනිස් අයියා says:

    ඇඟළුම් කර්මාන්තය නන්නත්තාර වෙලා ⁣ඉතිරිවෙලා තිබුනේ එකම ආදායමයි තේ කුරැඳු අපනයනය.ඒකටත් පොහොර තහනම් කරලා තේ කුරැඳු වගාවත් ඉවරයි.වෙන පාලකයෙක්නම් මේ වෙලාවෙ කරන්නේ රටට ඩොලර් ගෙනාව තේ කුරැඳු වගාවන්ට පොහොර තහනම් කරන එක නෙමේ.මේ වෙලාවේ එම වගාකරැවන් තවත් දිරිමත් කරලා ඒම නිෂ්පාදන වැඩිකිරීමයි.කුඹුරට පොහොර නවත්තලා රටේ ඉතිරි මුදල් සංචිත වැයකරලා රටින් හාල් ගේනවා ඇත්තටම අපේ රටේ පාලකයන් බත් කනවාද නැත්තම් පිදුරැ අනුභවකරන සත්ත්ව විශේෂයක්ද එහෙමත් නැත්නම් මුන්ට පිස්සුද කියල හිතාගන්න බැහැ

  4. රිසිවරයා says:

    පොසොන් සද බැස ගොස් දින 7 ,න් ඉතිහාසයේ දරුනුම සුනාමිය ලංකාවට කඩා වදිනවා. ඉතිං ඊට පස්සේ මුලු රටම සදහටම ලොක් ඩවුන් !

  5. මෝ says:

    රට වැසීමෙන් කිසිදු පලක් නොවේ.මිනිසුන් කිසිදු ක්‍රමවේදයක් පිලිපදින්නේ නෑ.බලන්න උද්ගෝශන කීයක් සිදුකලාද කියා.මින්ඩිසුන් ඉල්ලාන්නෙ කන්න දීපියව්,අරක්කු ටික දීපියව්,ගෝර ටික දීපියව්,කුලපති දීපියව්,තෙල් අඩුකරපියව් වාගේ ඉල්ලීම්.
    ආර්තිකය සහ ඒ සම්බන්ද ක්‍රියා කාරකම් දිගටම ගෙනයද්දී අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දමන්න.සිනමාහල් වැනි විනෝදාංශ සේවා,පාසල්,විශ්වවිද්‍යාල සියල්ල වසාදමා ආපන ශාලා ටේක් අවේ පමනක් සැපයීම,පමනක් සිදුකරන්න.අනික් ව්‍යාපාර ආයතන ආරක්ශක විදි විදාන සහිතව පවත්වාගෙන යන්න.මරනය වැලදගන්න කැමති අය තමන්ට රිසිසේ මරනය කරා යාවි.

  6. කළුතර says:

    පිටරටවල් වල හංගල තියෙන සල්ලි ටික ගෙනාවනම් තව අවරුදු ගානක් ඇදන් ගියහැකි …..

  7. Kamal says:

    ඔබ තමයි හරි දේ කිව්වෙ. රට වහුවොත් මිනිස්සු බඩගින්නෙ මරෙයි. දුප්පත් මිනිස්සු ජීවත් වෙන්න ඕන

  8. disce ammt diskedi says:

    මෝඩ GOMA කල්ලියට ඔවා තේරෙන්නේ නෑ. කට පාඩම් විබාග පාස්. එච්චරයි.

Main News