ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කල යුතුමයි.. ෆෙඩරල් කල යුතුමයි..- ව්‍යවස්ථා සභවේදී දෙමල සන්ධාන බළලා මල්ලෙන් පනී..[Video]

October 31, 2017 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කල යුතුමයි.. ෆෙඩරල් කල යුතුමයි..- ව්‍යවස්ථා සභවේදී දෙමල සන්ධාන බළලා මල්ලෙන් පනී..[Video]

ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

එමගින් සෑම පුරවැසියෙක්ම සම අයිතින් ඇති අයෙක් ලෙස සලකන ව්‍යවස්ථාවක් අනාගමික ව්‍යවස්ථාවක් විය යුතු බවද ඔහු සදහන් කරයි.

ඊයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ තෙදින විවාදයේදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව පැහැදිලිවම ෆෙඩරල් රාජ්‍යයක් විය යුතු බවත් සදහන් කල ඔහු ෆෙඩරල් ඉල්ලන්නේ රටෙන් වෙන්ව යාමට නොවන බවත් රට එකට පවතින්න නම් විවිධ ජනකොටස්වලට පරිපාලනයේ කොටස් හිමි විය යුතු බවද කියා සිටියේය.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ආසන 16ක් නියෝජනය කරයි.

39 views

13 Comments to “ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කල යුතුමයි.. ෆෙඩරල් කල යුතුමයි..- ව්‍යවස්ථා සභවේදී දෙමල සන්ධාන බළලා මල්ලෙන් පනී..[Video]”

  1. Gadol says:

    ලක්ෂ 20ක් වුනු දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නේ රටක් නැතිකම නම් ඉන්දියාවේ ඉන්න කෝටි 7ක් වුනු දෙමල ජනතාවට කොඉතරම් නම් ලොකු ප්‍රශ්නයක් ද ඇත්තේ රටක් නැතුව නේද?

  2. SUNIMAL says:

    සම්බන්ධන්ලා විග්නේෂ්වරන්ලා ප්‍රභාකරන්ලා සුමන්තිරම්ලා ජාතීවාදීන් වේ. එය එසේ නොවන්නේ යැයි යමකු පවසන්වා නම් පමණක් ඒ පිලිබඳ තව දුරටත් කතා කළ හැකිය. බෙදුම්වාදීන් සියල්ලන්ම ජාතිවාදීන්ගේ ලයිස්ත්තුවේ ඉහළින්ම සිටින බව නොරහසකි. ටයි කෝට් හැඳ අළුත්කඩේ සිටියත්, සුදු සරම හා බැනියම හැඳ දියවන්නාවේ සිටියත්, සයනයිඩ් කරල බෙල්ලේ එල්ලාගෙන වන්නි කැළේ සිටියත් එහි වෙනසක් නැත. මේ ජාතිවාදීනට නියමින් හා අනියමින් සහය වන්නන්ද ජාතිවාදීන් වේ. ඒ නයින්, බටහිරයන්ට තම හිතෙන්ම යටත් වී සිටින බෙදුම්වාදීනට වෙනම භූමිබාගයක් වෙන් කර දුන් රනිල් වික්‍රමසිංහ ජාතිවාදියෙකි. ඉන්දියාව ඉදිරියේ අසරණව සිටින මෛත්‍රීපාලටද ජාතිවාදියෙකු වනවා හැරෙන්නටන් අන් විකල්පයක් දැන් නැත. එම අපරාධයෙන් සිරිසේන ගලවා ඔහුව බේරා ගත හැක්කේ මෙරට ජනතාවට පමණි. ඒ මහින්ද වටා එක් වීමෙනි.

Main News