ශ‍්‍රී ලංකාව අවදානම්.. සංචාර එපා..- ඇමරිකාව, ඉන්දියාව සිය රටවැසියනට දන්වති..

April 28, 2019 at 6:48 pm | lanka C news
ශ‍්‍රී ලංකාව අවදානම්.. සංචාර එපා..- ඇමරිකාව, ඉන්දියාව සිය රටවැසියනට දන්වති..

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බව අමරිකා එක්සත් ජනපතදය හා ඉන්දියාවද සිය රට වැසියන්ට දන්වා තිබේ.

එනිසා නැවත දැනුම් දෙන තුරු අත්‍යවශ්‍ය කරුණකට හැර ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි එම රටවල් දැනුම් දී ඇත.

මීට පෙර චීනය හා යුරෝපා රටවල් බොහෝමයක්ද මෙම නිවේදනය නිකුත් කර තිබින.

පාස්කු ඉරිදා දින බෝම්බ ප‍්‍රහාරයෙන් පසු එම රටවල් විසින් මෙම අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

මේ අතර මුදල් ඇමති මංගල සමරවීර මහතා සදහන් කරන්නේ මෙම ප‍්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් ඩොලර් බිලියන එකහමාරක සංචාරක ආදායමක් ශ‍්‍රී ලංකාවට අහිමි වනු ඇති බවයි.

309 views
Main News