ශ‍්‍රී ලංකාව අවදානමෙන් මිදුනා..- Bloomberg

July 28, 2021 at 12:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාව අවදානමෙන් මිදුනා..- Bloomberg

ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දැමූ බව Bloomberg සඟරාව වාර්තා කරයි.

අඟහරුවාදා දිනයට කල් පිරුණු ඩොලර් බිලියන 1 ක බැඳුම්කර මුදල් ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති නිසා රටේ විදේශ ණය ආපසු ගෙවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවද එම වාර්තාවේ සඳහන්ය.

කෙසේ වෙතත් තවත් ඩොලර් මිලියන 500ක බැඳුම්කරයක් සහ ඩොලර් බිලියන 1 ක ණය මුදලක් ඉදිරියේ දී ගෙවා දැමීමට නියමිත බව ද එම වාර්තාවේ දැක්වෙයි.

Bloomberg වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර ඇත්තේ සංචිත පහළ යෑම තාවකාලික තත්වයක් වන බවත් එය ඉක්මනින්ම යථා තත්වයට පත් වනු ඇති බවත්ය.

අදාළ වාර්තාව මෙතනින්…

100,177 views

10 Comments to “ශ‍්‍රී ලංකාව අවදානමෙන් මිදුනා..- Bloomberg”

  1. dev says:

    අර්බුද මැද නොසලී ඉදිරියට.නායකයින් අවශම මේකට තමයි.

  2. NuwanJ says:

    නොසැලී ඉදිරියට යමු. ශ්‍රී ලංකා…

    • Maha Sinhale says:

      ඉදිරියට කියන්නෙ ජාතික සම්පත් විකිනීම සහ නැවත ණය ගැනීම.

  3. ජනජය says:

    කෝ…එන්න බලන්න ගුණමකු , කුළියට කොටන , වාචාලයො ටික අර කොනට !

    • Rajiiva says:

      Very well said

    • ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      පල මෝඩ හිපාටු ටෙලිපෝන් කබ්බා. තොගෙ හිතේ මේකෙ කමෙන්ට් දානවට ආන්ඩුවෙන් අපිට ගෙවනව කියලද?

      • Jagath says:

        අර පංචායුධය උඹලට පැයට පන්සීයක් දෙනවා කියලා මුළු රටම දන්නව.

    • Jagath says:

      සාටක සාපයෙන් මිදෙන්නේ කවද්ද?? අපි

  4. ayyo salli says:

    කියලා වැඩක් නෑ… අපේ නායකයන්ගෙන් අනිත් රටවල් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා… තව ටික දවසකින් මේක සුරපුරයක් කරන්නයි යන්නේ… මාර ආතල්…

  5. Jagath says:

    තව මාස 2-3 කින් වස කන්න තමයි වෙන්නේ. 😂

Main News