ශ‍්‍රී ලංකාව ඇමරිකාවට ස්තුති කරයි…

July 17, 2021 at 2:18 am | lanka C news
ශ‍්‍රී ලංකාව ඇමරිකාවට ස්තුති කරයි…

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මැතිනිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

ඒ අවස්ථාවේ, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයේ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපද රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.

යූඑස්ඒඩ් ඇමරිකන් ආධාර යටතේ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ ඔක්සිමීටර් වැනි හදිසි වෛද්‍ය සැපයුම් ලබාදීම සහ කෝවැක්ස් වැඩසටහන හරහා එන්නත් ලබා දීම පිළිබඳව එතුමා එක්සත් ජනපද රජයට මෙහිදීත විශේෂයෙන් කෘතඥතාව පල කෙළේය..

දෙරට භුක්ති විඳින ශක්තිමත් දේශපාලන හා ආර්ථික ද්විපාර්ශ්වික සහයෝගීතාව උපයෝගී කරගනිමින් සිදුකරන එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ ආයෝජන ද විදේශ අමාත්‍යවරයා ගේ ඇගැයිමට ලක්විය.

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව සහ වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම්, ඒකාබද්ධ කොමිසම, ඇතුළු අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ද මෙහි දී දෙපාර්ශවය අතර දිර්ගව සාකච්ඡා කෙරිණි.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

25,411 views

12 Comments to “ශ‍්‍රී ලංකාව ඇමරිකාවට ස්තුති කරයි…”

  1. අතුලසෞදි says:

    හපන්න බැරි අත සිඹිම.

    • ලොකු අතුල කටාර් says:

      හපන්න බැරි ඒව හපලා දත් කඩාගන්නවට වඩා ඒක හොඳ නැද්ද?

  2. සූම් නඩු says:

    ඊට අමතරව සූම් මාර්ගගත ක්‍රමයට අභියාචනාධිකරණයේ නඩු විභාග කිරීමට ගිවිසුම්වලට පැමිණීම. මේ නිසා මෙරට නඩු විභාග ඇමෙරිලාවේ සිටම නැරඹීමට අවස්ථාව සැළසීම ඉතා වැදගත් වේ.

  3. 3% ට බය බයියා. says:

    MCC හොදයි වගේ .

  4. මරා says:

    දැන් බයිඩන් නිසා වෙන ඇමරිකාවක් වෙන්ඩෑ තියෙන්නෙ…..

  5. thushari says:

    අඩිරාජ්‍ය වාදීන් දැන් හොඳයි වගේ … චන්ඩි බය වෙලා වගේ ..බයි යන් සහ බයිඩන් දැන් ටික ටික එකතු වෙනෙවා වගේ

    • kumari says:

      ජෙප්පියෙ උඹලා ඇස්ට්‍රා සෙනිකා එන්නත් ගෙන්න ගන්න කරපු උදව්වට ස්තූතියි කියන්න බැරි තරම් කුහක ජාතියක්ද ?

  6. Diplomat says:

    This is very good. America is one of our largest customers for our exports. It is important to have good diplomatic relations with both east and west alike.

  7. Crazy says:

    ඉස්සෙල්ලාම බලන්න ඕන ඇමරිකාව කියන්නෙ ඇත්තටම ලන්කාවට වින කරන රටක්ද කියලා. කවදාවත් නැහැ. ඇමරිකාව දේශපාලන වශයෙන් යම් යම් දේවල් නරක විදියට කරන එක ඇත්ත. ඒත් එහෙම කරන්න තරම් ලන්කාව එයාලට වටින රටක් නෙමේ. මේක තමා කොච්චර තිත්ත උණත් ඇත්ත. එයාලට ඉන්දියාව ඕස්ට්‍රේලියාව මීට වඩා වටිනවා. අපේ රටේ සැරෙන් සැරේට බලයට පත්වන ආණ්ඩු එයාලගෙ වාසියට මේක මාකට් කරනවා. මෙන්න මේ දෙබිඩි ප්‍රතිපත්තිය නිසා වැරදි මතමයි සමාජගත වෙන්නේ. ඇත්තටම ඇමරිකාව චීනයට වඩා ගොඩාක් හොදයි. ඒ නිසා පුලුවන් තරම් ඇමරිකාව එක්ක සම්භන්ධතා ගොඩ නගාගන්න එක හොදයි. මෙතනම බලන්නකො. එයාලට බැන බැන එයාලගෙන්ම උදවු ගන්නවා…

  8. Shan says:

    Boralugoda sinhaya ne me 😂

  9. අප්පිරියයි හිරිකිතයි..! says:

    අප්පිරියයි හිරිකිතයි..!
    ”නිල් චිත්‍රපටි රගපාන ලද දකෂ නිලියක්” ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ලස පත්වීම අහඹුවක්ම නොවන බව මැය සමඟ සම්බන්ධතා පවත්වනලද පුද්ගලයන්ගේ ”වෙනස්වීම” සහ පනිවිඩ සහ තොරතුරැ ගවේශණය කීරීම තුලින් අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබේ.! මැය අමෙරිකානු රහස් ඹත්තු සේවාවන් සඳහාද වීශේෂ පුහුණුවක් ලදවිශේෂ පුහුණුවක් ලද ගනිකාවක් විමද ඉතාම සුවිශේෂි කාරණාවකි! ශ්‍රී ලාංකාව් මැයසමඟ සම්බන්දකම් පවත්වන ලද සැවොම රට දෙවෙනි කොට සැලකීමට ද්‍රව කොකේන්ද හේතු කාරනා වි තිබීම සුවිශේෂයි.!
    ”අනතුරැ ඇගවීම ගොදුරැ වීමට ප්‍රථම ආරකෂා විමට බව සැමට අවදාරණය කර සිටින්නෙමු! ”සිදුවන සියල්ල පටිගත කර නායකයන් ”බ්ලැක්මේල්” සුලභවම හඳුනාගන්නා අතර,. මෙවැනි මාර දූතියන් ඹත්තුකරැවන්ලෙස අති විශාළ ප්‍රමාණයක්(හාරසීයක පමණ ප්‍රමාණයක්) ශ්‍රී ලංකාව තුල නිරන්තරවම ක්‍රීයාත්මක බව වගකිවයුත්තන්ට දැනුම්දීමට කැමැත්තෙමු!!!

Leave a Comment