ශ්‍රී ලංකාව උතුරු කොරියා මිසයිලවලටත් අභියෝග කරයි.. අන්තිමේ නාගනී.. දැන් පරීක්ෂණලු..
August 3, 2017 at 9:20 am | lanka C news
උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව “මඩ ගැසීමක්” සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
“ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව” යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.
“ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව හෙළා දකිනවා” යනුවෙන් සඳහන් නිවේදනය පසුගිය 28 වෙනිදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබිණි.
කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
“එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
– BBC
We wish we had a leader like N .Koria for SL!
සුලු ජාතිකයන්ට වැදගත් තනතුරු දුන්නාම වෙනදේ ?
And yakune thopi okkoma hama dema danna danna kiyanne thopi anthimata kiyai thope ganunta lamai hamba una ekath danna kiyala. Thopi okkoma evage raja badu. Ane deviyange namen ape ratata pavu nodee haki vigasa maka bewila palayavu. Ape me mavubimata Karana aparadha valata thopita hena hathama vadinna one.
This is nothing new.
When did Gamarala knew in advance what happens or done by the Country?
Intel Chief Mendis too had not known?
උතුරුකොරියාව මිසයිලය අත් හදා බලා ඇමරිකාවට දබරැඟිල්ල දිගු කලේය.කිම් ජොන් ඉන්දියන් සාගරයේ දූපත් හඳුනන්නේ නැත.ලංකාව නම් දූපතේ ඔහුට තග දමන්නට තරම් පිස්සු පූසන් ඉන්නා බවවත් ඔහු දන්නේ නැත.ඒ තියා එහෙම දූපතක් තිබුනත් කිම් ජොන්ට වැඩකුත් නැත.ඇතින්නක හා සහවාසයේ යෙදෙන්නට සිහින මැවූ මීයෙක් ගැන අපි අසා ඇත්තෙමු.දූපතේ ඉන්නා මොකෙක් හෝ ඌරු මීයෙකුට ඒ මීයාගේ අවතාරය වැහුනා දැයි අපි නොදනිමු.එසේ වී පිස්සු කෙළියා වන්නට බැරි නැත.ලෝක සිතියමෙන් ලංකාව මකා ගන්නට මීයන්ට අවශ්‍යදැයි නොදනිමු.කිම් ජොන්ට කියා ඒ වැඩේ නොමිලේම කර ගන්නට පිස්සු හැදුන ඌරු මීයෝ උත්සහ කර ඇත.
How can Ravi knows about the communique issued by his Ministry when he did not know his wife has bought a house for them for 165 Millions Rs. “Thotttha Baba” These things will occur during ” Abbusdassa Kale”