ශ‍්‍රී ලංකාව උතුරු කොරියා මිසයිලවලටත් අභියෝග කරයි.. අන්තිමේ නාගනී.. දැන් පරීක්‍ෂණලු..

August 3, 2017 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව උතුරු කොරියා මිසයිලවලටත් අභියෝග කරයි.. අන්තිමේ නාගනී.. දැන් පරීක්‍ෂණලු..

උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව “මඩ ගැසීමක්” සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

“ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව” යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

“ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව හෙළා දකිනවා” යනුවෙන් සඳහන් නිවේදනය පසුගිය 28 වෙනිදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබිණි.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

“එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

– BBC

213 views

21 Comments to “ශ‍්‍රී ලංකාව උතුරු කොරියා මිසයිලවලටත් අභියෝග කරයි.. අන්තිමේ නාගනී.. දැන් පරීක්‍ෂණලු..”

  1. රාහුල කොලුවා says:

    මං දන්නේ නෑ – විදේශ ඇමති….
    මාත් දන්නේ නෑ – අගමැති
    මම දන්නෙම නෑනේ.. ඡනාධිපති

    ෂුවර් එකටම මහින්ද දන්නවා ඇති…. – ඡනතාව…

    • ඥාණිස්සර says:

      රනිල් වික්‍රමසිංහ හරහා කිලී මහාරාජා ශ්‍රී ලංකාව පාලනය කරද්දී ඡන්දෙන් පත්වූ මංත්‍රීවරු 225ක් පිස්සු කෙළී…………….

      • suranjith says:

        ඔය නිවේදනය නිකරුනේ කළා නෙවෙයි ඔය නිවේදනය කරන්න ඇත්තේ ඇමෙරිකාවේ ඉල්ලීම මත .මෙන්න මේ කරුණ නිසා තමයි අපි කියන්නේ බටහිරයන් ප්‍රමුක ඇමෙරිකාවේ මීළඟ තේරීම රවී කරුනානායක් කියලා ,එනිසාම මේ මහා බැංකු කෙස් වගේ දේවල් වලින් රවී කරුණානායක හොලවන්න හම්බුවෙන්නේ නෑ .රවී රනිල් කියන්නේ බටහිරයන්ගේ අතකොලු මුන් unp එක idu කියන සංවිදානයේ ලියාපදිංචි කරලා තියෙන්නේ .idu කියන්නේ බටහිරයන් විසින් පිහිටුවන ලද අන්ත දනවාදී සන්විදානයක් මෙහි අරමුණ බටහිරයන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරවීම සහ බටහිරයන්ට විරුද්ද අය මට්ටු කිරීම .එදා යුද්දයේ අන්තිම කාලේ මතකද රනිල් බටහිර රටවලට නිතරම ගියා .ඒ එක්කම වගේ බටහිරයෝ යුද්දේ නවත්ත්වවූ කියල එක හඬින් කිව්වා උන් මේ රටට ගොඩබැස්සා .
        ඒ ඔක්කොම රනිල්ගේ වැඩ idu හරහා කරගන්න

        • ගිරවා says:

          කරුප්පයියා ගේ .කටයි අදෝමුඛෙයි දෙකම එකතැන පිහිටීම. නිසා ඉල්ලන් කන්න වෙයි වගේ

        • Mahasona says:

          දෙමළෙක් විදේශ ඇමති වීම නිසා අපේ රට අනතුරක

          • Amda says:

            මේක ජාතියෙ ප්‍රශ්නයක් නෙවෙයි මිත්‍රයා, මිනිහෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මනයෙක් වන්නේ ක්‍රියාවෙන්. ද්‍රවිඩ ජාතික ලක්ශ්මන් කදිර්ගාමර් මහතා තමයි දන්න කාලයේ අපට හිටපු හොඳම විදේශ ඇමති. ජාතියේ අවාසනාව නම් එහෙම මිනිසුන්ගෙ ආයුශ කොටයි.

  2. Raj Gophal says:

    Yako meka mara .ke anduwak ne. Me okkoma danne Ape appachi da?

  3. silva says:

    mahitha thama waradikaraya

  4. ape ekaa says:

    kawuruth e golla danne nathi unata hari maha janathawa saha suddayenma dannawamyi aththa.

  5. sakkili BORU kiyana from DAY 1 yamapalana BALLO GO HOME NOW.

  6. bend to bend says:

    මේ බූරු රැළ ලංකාව විකුණනව මදිවට ලෝක සිතියමෙන් ලංකාව අයින් කරන්නයි සූදානම​.උතුරු කොරියාව ගැන නොදන්නා විදේශ ඇමතියෙකුත් ලිං මැඩි නායකයිනුත් ඉන්නා රටකට අබ සරණයි.!!!!

  7. "සාධාරණ සෝභිත​" says:

    රවියො, ඕක කියපංකො අර්ජුන් මාමටයි බෑණටයි.උන් දෙන්න උතුරු කොරියාව සුරුස් ගාන කොට සල්ලි දීලම ගනීවිනෙ.වැඩේ ගොඩනෙ.

  8. bend to bend says:

    රටේ සල්ලිත් කෑව,රටත් කෑව​.

  9. ExUNPer says:

    ලැජ්ජ නැද්ද ලොක්කනේ !
    ඔයගොල්ලො වැඩකරන්නෙ පිටරට බොස්ල කියන විදිහට හින්ද ඔක්කොම අනාගන්නව !
    බුද්ධාගමට හමුදාවට රාජපක්ෂ කාලෙ හදපුවගෙන් පලිගන්න ගහන ගැහිල්ල නම් හරියටම කරනවා ! ඒ උන් කියන විදිහට කරන නිසා වෙන්න ඇති.
    මේ විදිහට බලනකොට ඉස්කෝලෙ යන ළමයෙක්ට රට දුන්නොත් මීට වඩා හොඳට රට පාලනය කරයි !

  10. Thalathaa says:

    ඇයි දන්නවද ඒක එහෙම වුණේ
    විදේශ අමාත්‍යාංශයේ Twitter password එක ඇමරිකාවට දීලා වෙන්න ඇති
    ඒකයි වගේ කේස් එක?

Main News