ශ‍්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීමෙන් ව්‍යවසනයක…- New york Times

December 8, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීමෙන් ව්‍යවසනයක…- New york Times

ශ්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීම ව්‍යසනයක් ගෙන දෙමින් ඇතැයි සුප්‍රකට නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ හේතුවෙන් ආහාර මිල වේගයෙන් ඉහල යමින් ඇතැයිද ඔවුන් දීර්ඝ වාර්තාවක් පළ කරමින් කියා සිටී.

ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව පෙර වර්ෂයේ මෙන් තුන්ගුණයකින් එළවළු මිල ඉහළ ගොස් ඇති අතර සමහර එළවළු ආහාර වර්ග පෙර වසර මෙන් පසු ගුණයක් ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

මෙවර වගා කර ඇති ගොවීන්ගෙන් 85%ක්ම ඉදිරි කන්නයේ තම අස්වැන්න අඩු වීම අපේක්ෂා කරන බවත් ඔවුන්ගෙන් අඩක්ම අස්වැන්න 40% කින් පමණ පහත වැටේ යැයි බියෙන් පසුවන බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටී.

සම්පූර්ණ වාර්තාව මෙතනින්…

39,874 views

10 Comments to “ශ‍්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීමෙන් ව්‍යවසනයක…- New york Times”

  1. saman says:

    එහෙම අවුලක් නෑ. අපිට පලමුවත්, දෙවන්වත්, තුන්වෙනුවත් මවුබිම තමයි.

  2. චන්ඩි කොල්ලා says:

    New York Times කියන්නේ අපට ශ්‍රී ලංකාවට මාර විදියට ආදරය කරන පත්තරයක්! අපි ගැනමයි හොයන්නේ.ඇමරිකාවේ කැඳ පෝලිම් වල ඉන්න හිඟන්නෝ ගැන පේන්නෙම නෑ!

  3. ගමේ බණඩා says:

    අපේ රත්තරන් ස ට මේක තේරෙන්නේ නැනේ

  4. Patriot says:

    It is really hurting for them after all Uncle Sam is behind these fertiliser companies as well as many other things. No wonder they get upset about these type of news.

  5. ජනජය says:

    ඔව් , ඔව් , බොලෑ මොන්සැන්ටෝ වහ බෝතල් ටික කෝට් ගනන් දීල ගන්න එක නැවතුනාම තමයි අපේ රට ගැන සත්ව කරුණාව පහළ වෙලා ආටිකල් දාන්න මතක් වෙන්නෙ !

  6. Sena says:

    E unata ape rata thamai lokenma Palamu warata kabanika wagawata yomu unu Palamu rata…Kanna nathi unata kamak na yako ……

  7. kanday says:

    Extremely disappointing and frankly disgraceful reporting. Instead of supporting a much needed transition to healthy non-toxic food, do you want Sri Lanka to stick to chemicals? What is your agenda? Are you representing the chemical fertilizer industry?

    As you yourself said, “Food costs are rising around the world as pandemic-related supply chain knots”.
    Sri Lanka’s rise in food costs has little to do with organic farming. Try to not let politics/ or your bias against the government cloud your reasoning please on this very important issue to the health and well-being of the people of this country.

    අතිශයින්ම බලාපොරොත්තු සුන් කරවන සහ අවංකවම නින්දිත වාර්තාකරණය. සෞඛ්‍ය සම්පන්න වස විස නැති ආහාර සඳහා අත්‍යවශ්‍ය සංක්‍රමණයකට සහාය වීම වෙනුවට, ශ්‍රී ලංකාව රසායනික ද්‍රව්‍යවලට ඇලී සිටීම ඔබට අවශ්‍යද? ඔබේ න්‍යාය පත්‍රය කුමක්ද? ඔබ නියෝජනය කරන්නේ රසායනික පොහොර කර්මාන්තයද?

    ඔබම කියා ඇති පරිදි, “වසංගත ආශ්‍රිත සැපයුම් දාම ගැට ලෙස ලොව පුරා ආහාර පිරිවැය ඉහළ යමින් පවතී”.
    ශ්‍රී ලංකාවේ ආහාර මිල ඉහළ යාම කාබනික ගොවිතැනට සම්බන්ධ නැත. මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉතා වැදගත් වන මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණාකර ඔබේ තර්කය යටපත් කිරීමට දේශපාලනය/හෝ රජයට එරෙහි ඔබේ පක්ෂග්‍රාහීත්වයට ඉඩ නොදීමට උත්සාහ කරන්න.

  8. kanday says:

    නිව් යෝර්ක් ටයිම්ස් වෙතින් අතිශය බලාපොරොත්තු සුන් කරවන සහ අවංකවම නින්දිත වාර්තා කිරීම. සෞඛ්‍ය සම්පන්න වස විස නැති ආහාර සඳහා අත්‍යවශ්‍ය සංක්‍රමණයකට සහාය වීම වෙනුවට, ශ්‍රී ලංකාව රසායනික ද්‍රව්‍යවලට ඇලී සිටීම ඔබට අවශ්‍යද? ඔබේ න්‍යාය පත්‍රය කුමක්ද? ඔබ නියෝජනය කරන්නේ රසායනික පොහොර කර්මාන්තයද?

    ලිපිවල පවසන පරිදි, “වසංගත ආශ්‍රිත සැපයුම් දාම ගැට ලෙස ලොව පුරා ආහාර පිරිවැය ඉහළ යමින් පවතී”.
    ශ්‍රී ලංකාවේ ආහාර මිල ඉහළ යාම කාබනික ගොවිතැනට සම්බන්ධ නැත. මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට ඉතා වැදගත් වන මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ තර්කය යටපත් කිරීමට දේශපාලනය/හෝ රජයට එරෙහි පක්ෂග්‍රාහීත්වයට ඉඩ නොදීමට නිව් යෝර්ක් ටයිම්ස් උත්සාහ කළ යුතුය. NY Times නිතරම ලංකාව ගැන සෘණාත්මක ලිපි ලියනවා. එතන මොකක් හරි මාළු දෙයක් වෙනවා.

  9. සහොදරය says:

    දෙනූයි තේරෙන්නේ සිරස නාලිකා ව ජේවීපී දගලන්නෙ එයි කියල .

  10. 0.00069 BIYYO says:

    ශ්‍රී ලංකාව කාබනික ගොවිතැනට ඇද දැමීම ව්‍යසනයක් ගෙන දෙමින් ඇතැයි සුප්‍රකට නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    මේ හේතුවෙන් ආහාර මිල වේගයෙන් ඉහල යමින් ඇතැයිද ඔවුන් දීර්ඝ වාර්තාවක් පළ කරමින් කියා සිටී.

    මහින්දානන්දගේ කාබනික වැඩේ බූවල්ලෙක් වගේ දසත පැතුරැන මාපියාවක්. දැන් මාස ගනනක සිට දේසපාලුවන් සහ රාජ්‍යසේවකයන් පොහොර ගැන කියන කරන බොරැව සහ හොරකම් වහගන්න මහින්දානන්ද අද එකක් හෙට වෙන එකක් කිව්වා. නැනෝ වෙන් පමනක් නෙවෙය් නයිට්‍රජන් ෆික්සින් සහ ඩයිගෙස්ෂන් බැක්ටීරියා දියර වලින් මුන් අම්බානෙට හොරා කනවා.

Main News