ශ‍්‍රී ලංකාව කොංගෝවෙන් එන්නත් ඉල්ලයි…

May 16, 2021 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව කොංගෝවෙන් එන්නත් ඉල්ලයි…

කොරෝනා මර්දනය සඳහා භාවිතා වන ඇස්ටර්සෙනිකා එන්නත් මාත්‍රාවන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි දැයි කොංගෝ රජයෙන් ශ්‍රී ලංකාව විමසා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොංගෝ ජනාධිපතිවරයා වෙත විශේෂ යොමු කරමින් මෙම ඉල්ලීම කර තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ටර්සෙනිකා එන්නත් තොග කොංගො රාජ්‍යයේ තිබීම හේතුවෙන් එම තොගෙන් යම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මෙම ඉල්ලීම කර ඇත.

මෙරට ඇස්ටර්සෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අය වෙත දෙවන මාත‍්‍රාව ලබා දීමට ශ්‍රී ලංකා රජය සතුව එන්නත් මාත්‍රා නොමැතිවීම හේතුවෙන් මෙම ඉල්ලීම කර තිබේ.

දැනට කොංගෝ රාජ්‍යයේ ලක්ෂ 13ක පමණක් එම එන්නත් අතිරික්ත තොගයක් ඇතැයිද වාර්තා වෙයි.

මේ හැර ශ්‍රී ලංකා රජය විසින් ඕස්ට්‍රේලියාව ඇමෙරිකාව ජපානය සහ චීනය යන රටවලටද මේ ආකාරයෙන් ලිපි යවා ඇත.

50,650 views

23 Comments to “ශ‍්‍රී ලංකාව කොංගෝවෙන් එන්නත් ඉල්ලයි…”

  1. Nimal says:

    මරු රට කින් ගේන්න ගදන්නෙ. තිබුනත් ඒ ව නරක් වෙල ඇති. එන්නත් ගබඩා කරන්න පහසුකම් වත් නැති රටක්. ලංකාවත් කොංගෝ වගේ වෙන නිසා, ඉතිං මොකෝ නේ………….

  2. Mann says:

    Giving one dose is to a bigger population has given 70% immunity to a bigger cohort. DR Congo is not using AZ vaccine as the effectiveness in doubt with the prevalent South Africa strain in that region. If the effort of the government was supported by public discipline and compliance much better results would have been achieved

  3. Felix says:

    Api Mee Tharam Pahath Thathwayata Watunane….. ! Kongowe Unta Stock Kara Ganna Puluwan Una-nam Ape Un Pol Geewada??? Horakama, Commission Hera Wena Deekata Oluwa Yannem Nehe. Anthimeedi Janadhipathi Thumata Une, Minissungen Ilanna. Jara Officlas and Responsible Politicians.

  4. ලාල් සහ ගීතා says:

    This is what you should expect when elect a total idiot as the leader.

    • Nammbee says:

      මොළේ උඩ නේද වාඩී වෙලා හිටියේ මේක ටයිප් කරද්දී

    • Walimuni Abeysekera says:

      It does not matter as long as the vaccine is available there and the Govt will of course check the necessary
      details.

  5. ක්‍රිමිනල් says:

    පුදුමාකාර රැස්පෙක්ට් එකක් දැනෙනවා දැන්නං..😂😂😂

Main News