කොරෝනා තවත් ඉහලට.. ශ‍්‍රී ලංකාව කොරෝනා අධි අවදානමක..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී..

August 27, 2020 at 3:28 am | lanka C news
කොරෝනා තවත් ඉහලට.. ශ‍්‍රී ලංකාව කොරෝනා අධි අවදානමක..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

ඒ සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝදායනයට ලක්කර සිටි අයයි.

එම පිරිසත් සමග මෙරට වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2984 දක්වා ඉහළ යයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ ඉන්දියාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකාව ද කෙරෝනා අධි අවදානමට ලක්වන බවයි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණ වහාම නවතාගත යුතු බවත් නැති නම් ශ්‍රී ලංකාවට ද වෛරස ව්‍යාප්තියක් ඇති විය හැකි වුව ද ඔහු සඳහන් කළේ ය.

ලෝකය පුරා කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇති නිසා ශ්‍රී ලංකාවද වෛරස අවදානමෙන් මිදී නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

54,516 views

6 Comments to “කොරෝනා තවත් ඉහලට.. ශ‍්‍රී ලංකාව කොරෝනා අධි අවදානමක..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී..”

  1. බතලහිලපල්ලා says:

    ඉක්මනටම උතුරු, මුහුදු බඩ, සහ ධිවර ප්‍රජාවට අනවසර සංක්‍රමණික කටයුතු ගැන බලධාරීන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව සහ කරන සරළ ආරක්‍ෂිත ක්‍රමවේද ගැන විශාල ජනමාද්‍ය දැනුවත් කිරීම් කරන්න වෙනවා දිගිටම.

    දැන් කොරෝන ගැන ඇහෙනවා මදි. mask දකින්නත් නෑ සමහර තැන් වල. නීතිය කොහොමද දන්නෙත් නෑ .

    මෙහෙම ගියොත් බින්දුවෙන් පටන් ගන්න වෙයි, ජනාධිපතිතුමා ඇතුළු විරුවන්ට!

    • Nimal says:

      That’s true, when go to a public place so shocking, the public is not taking this as a serious issue.

  2. Corona iwarai says:

    Me yakata pissu. Sajiyage ekek da koheda

  3. UNP-GALIBBA says:

    උතුරු මුහුද දැඩි ලෙස ආරක්‍ෂා කල යුතුය ඉඳියාවෙන් එන කල්ලතෝනියන් රහසක් නොවේ දිනක් තුල අඩුමගානේ කල්ලතෝනියන් 5ක් වත් ලංකාවට එනවා?????

  4. Janaka from Matara says:

    ..Is he saying that our border forces are not doing their job?

Main News