‘ශ‍්‍රී ලංකාව කොරෝනා නැති රටක්..’ තේමාවෙන් ලොව පුරා සංචාරකයන් ගෙන්වා ගන්න සැලසුම්..

June 26, 2020 at 6:21 am | lanka C news
‘ශ‍්‍රී ලංකාව කොරෝනා නැති රටක්..’ තේමාවෙන් ලොව පුරා සංචාරකයන් ගෙන්වා ගන්න සැලසුම්..

රටට වැඩිම විදේශ විනිමය ගෙනෙන කර්මාන්තය බවට සංචාරක කර්මාන්තය පත් කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන , සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි.

සංචාරක බස්රථ රියදුරන් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සංචාරක බස්රථ රියදුරන් මුහුණ දෙන ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට මෙම හමුව සංවිධානය කර තිබූණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

ඉතිහාසය පළමු වතාවටයි සංචාරක ක්ෂේත්‍රයට රජයකින් මෙපමණ සහන ලැබුණේ. පාස්කු ප්‍රහාරයෙන් වගේම කොවිඩ් 19 නිසා බිද වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා වත්මන් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. සංචාරක කර්මාන්තය නංවාලීමට මුලින් ම සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් රැකගත යුතුයි. ඒ සදහායි අපි මේ සහන පැකේජය හදුන්වා දුන්නේ. මේ සහන පැකේජයෙන් ආවරණය නොවන සංචාරක ක්ෂේත්‍රයේ  කිසිවෙකු ඉන්නවානම් ඒ අයටත් ඉදිරියෙ දි අවශ්‍ය සහන ලබාදීමට අපි කටයුතු කරනවා.

අපේ රට කොවිඩ් වලින් නිදහස් වුණු රටක් කියන එක තමයි සංචාරක ව්‍යාපාරය නංවාලීමේ දී අප ඉස්මතු කරන්න කටයුතු කරමින් ඉන්නේ. ඇත්තටම අපේ රට දැන් කොව්ඩ් ෆ්‍රී රටක්. අපිට යුරෝපා සංගමයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ආධාරයක් ලබා දෙන්න එකග වෙලා තියෙනවා. ඒ මුදල අපි යොදවන්නේ සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනිම සදහා යි. ඊට අදාළව යෝජනා අප දැන් යුරෝපා සංගමයට ඉදිරිපත් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය දියුණු කරනවා වගේ ම එහි ඇතැම් ක්ෂේත්‍ර කිසියම් නියාමනයකට ලක් කළ යුතුයි. ඒ වගේ ම එහි ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රමිතිය ඉහළ දැමිය යුතුයි. ඉහළ විදේශ විනිමයක් ලබන්නනම් අපේ සංචාරක ව්‍යාපාරය මීට වඩා ඉහළ මට්ටමකට ලෙ ආ යුතු බව රජය විශ්වාස කරනවා. ඒ අනුව තමිය ඉදිරි සැලසුම් හා ඉලක්ක සකස් කර තිබෙන්නේ.

– ප්‍රදීප් අනුර කුමාර

20,516 Viewers

11 Comments to “‘ශ‍්‍රී ලංකාව කොරෝනා නැති රටක්..’ තේමාවෙන් ලොව පුරා සංචාරකයන් ගෙන්වා ගන්න සැලසුම්..”

  1. ක්‍රිමිනල් says:

    ප්‍රසන්න රණතුංග දෙයක් කලොත් කිරිගහට පොල්ලෙන් ගැහුවා වගේ තියෙවී. රටේ ජනගහනයෙන් සියයට එකක්වත් පීසීර් කරලා හැබැයි ,කොරොනා නැති රටක් ලූ.

    • දිලිත් says:

      කප්පම් ප්‍රසන්නයගෙන් වෙන මොනා බලාපොරොත්තු වෙන්න්ද? මේ පාරත් ගම්පහින් උඩින්ම එවයි ගම්පහ බුද්දිමත් බයි ජනතාව

      • Neela says:

        රටම කොරෝනාවෙන් වහමු..සංචාරකයන් ගෙන්වාගෙන සිංහලයා අවසන් කරමු. ජයවේවා..!

    • Araliya says:

      No danna de nokiyanu. PCR karanna rogi lakshana rogin sitinawada? Ese nethinam rogiyaku esuru kala pirisak sitiya yuthuya.

      Seka sahitha target group walata denata ath PCR KARANAWA.

      • ක්‍රිමිනල් says:

        අහබු පිසීආර් පරීක්ශන අතිශය මන්ධගාමීයි කියලා කියන්නේ අපි නෙමෙයි ,gmoa එක , අනිත් කාරනේ බෙයිජින් වල ඇති වූ තත්වයන් මත මෑතකදී දිනකට මිලියනයක් පිසීආර් පරික්ශාවන් කලා , පීසීආර් පරීක්ශණ නොකර කොහොමද කියන්නේ රටේ කොවීඩ් පැතිරීමක් නෑ කියලා ?

  2. ලෙහාරා says:

    උන් ටික ආවට පස්සෙ ආපහු කොරෝනා ඇති රටක් වෙයි
    ආපහු මාස 2ක් ගෙවල් වල හිරවෙලා ඉන්නකොට කොහොමද ආතල් එක

  3. සංචාරකයා says:

    දැන් මේක කොහොමද කරන්නේ? මේ එන සංචාරකයන් කොරෝනා ආසාදිතද නැත්ද කියන එක හොයල බලනවද? ඒක කරන්න පුළුවන් ද? මේ සංචාරකයන් බොහෝමයක් එන්නේ කොරෝනා උපරිමේටම නැගලා තියෙන රටවලින් නිසා, මේ අය අතර කොරෝනා වැළඳී ඇති අය ඉඳීමේ ඉඩ ගොඩක් වැඩියි. විශේෂයෙන්ම, සයිලන්ට් කැරියර්ස් ලා ඉන්න පුළුවනි. ආණ්ඩුවට පුළුවන් වැඩිමවුනොත් ගුවන් තොටුපලේ පී. සී. ආර්. පරික්ෂණයක් කරන්න විතරයි. දැනට විදේශ රට වල සිට එන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් කෙරෙන සති දෙකක් හෝ තුනක් නිරෝධායන මධ්‍යස්ථානයකට යැවිලි ඊළඟට තව සති දෙකක් තමන්ගේම නිවසේ ස්ව‍යං නිරෝධායනය වගේ කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ. මොකද බොහෝමයක් සංචාරකයන් නිවාඩු ගත කරන්න යන්නේ, තමන්ගේ සති දෙකක් හෝ තුනක වාර්ෂික නිවාඩු (ඇනුවල් ලීව්) අරගෙන. බොහෝම ටිකයි ඊට වඩා වැඩි කාලයක් නිවාඩු අරගෙන එන අය ඉන්නේ අපේ රට ට එන සංචාරකයන් අතර. ඉතින් අපි ඒ මිනිස්සුන්ට කිව්වොත්, අනුවල් ලීව් සති දෙක නිරෝධායන මධ්‍යස්ථානේ ගත කරන්න කියලා ඒ මිනිස්සු හිතයි අපිට ඇත්තටම පිස්සු කියලා. අපේ රට කොරෝනා නැති රටක් කියල නෙමෙයි පිස්සෝ ඉන්න රටක් කියලා ප්‍රසිද්ධ වෙයි. ඒ නිසා ආණ්ඩුව මේ කරන්න යනවයි කියන වැඩේ ඇත්තටම කෙරෙනවා නම්, ඒකෙන් කියැවෙන්නේ, නැවතත් අප රට තුල කොරෝනා ව්‍යාපත වීමේ විශාල ඉඩක් තියෙනවයි කියන එකයි. ඔය සංචාරක මග පෙන්වන්නන්, රියදුරන්, සම්භායකයින් සහ ඔවුන් ගේ පවුල් වල අය හරහා, කොරෝනා නැවත රට තුල ව්‍යාප්ත වෙන්න මහ කලයක් ගත වෙන්නේ නෑ. ඡන්දෙන් පස්සේ, එයර්පෝර්ට් එකේදි උණ බලලා, පී. සී. ආර්. බලලා, කොරෝනා නෑ කියලා අගෝස්තුවේ ඉඳන් සංචාරකයෝ රට තුලට එවන්න කටයුතු කෙරුනොත්, නොවැම්බර් දෙසැම්බර් වෙද්දි අපි ට කොරෝනා දෙවෙනි රැල්ලට මුහුණ දෙන්න වේවි. එහෙම වුනොත් ඉස්සෙල්ලාම පහර වදින ක්ෂේත්‍රයක් වෙන්නේ ඔය යළි පණ ගන්වන්න හදනවා ය කියන සංචාරක ක්ෂේත්‍රයම තමයි.

    • සංචාරකයා ආපු ප්ලේන් එකේ පයිලට් says:

      මම කැමතියි, කාට හරි පුලුවන් නම්, මේ ඉහත කියා ඇති දේ, ආණ්ඩුවේ අවධානයට යොමු කෙරෙනවා දකින්න.

      මොකද මම හිතන්නේ නෑ, තව සැරයක් සති ගණන් රට වහගෙන ඉන්නවත්, ආපහු පාරක් පන්දාහේ ඒවා සල්ලි අච්චු ගගහා බෙදන්නවත්, අපේ රටට ශක්තියක් ඉතුරුවෙලා තියෙනවයි, කියලා.

      ගුවන් තොටුපළේදි, කිසියම් සංචාරකයෙක් පී. සී. ආර්. පොසිටිව් කියලා පෙනුනොත් මොකද කරන්නේ? ඒ සංචාරකයා එක්ක එයාගේ පවුලේ අයත් ඇවිත් ඉන්නවා නම්, ඒ අය පී. සී. ආර්. නෙගටිවු වුනොත් ඒ අයට රට තුල ට එන්න දෙනවද? මේ සංචාරකයා ඇවිත් ඉන්නේ, සංචාරකයන් කණ්ඩායමක සාමාජිකයකු ලෙස නම්, ඒ කණ්ඩායමේ, අනිත් සමාජිකයන් සම්බන්ධව කටයුතු කරන්න හිතාගෙන ඉන්නේ කොහොමද? ඒ, පී. සී. ආර්. පොසිටිව් වූ සංචාරකයා පැමිණි ගුවන්යානයේම ආ අනිත් ගුවන් මගීන්ට අපි මොකද කරන්න යන්නේ? මේ කාරණාවලට අදාල ව සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කෙරිලද තියෙන්නේ? නැතිනම් සකස්කෙරෙමින් පවතී කියල ද අපි හිතන්න ඕනේ? මේ සම්බන්ධව වන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය, ආණ්ඩුව ජනතාවට හෙළිදරව් කරනවද? මොකද මේ දේවල් මේ විදියට සිද්ධවුනොත්, මේ රටේ මිනිස්සුන්ට සිද්ධවෙන්නේ, කොරෝනා නැති රටක් හොයාගෙන යන්න.

  4. Prasanna says:

    බොරු බයිලා ..බියියො පිනවීමට ගොතා නිමකළ රචනා …තුක් නොදking

  5. අපේ රට says:

    වත්මන් දේශපාලුවන්ගෙන් මිට වඩා හරවත් දෙයක් බලාපොරොත්තු නොවෙමු. රටේ ජනයා ලෙස අපට කිවහැක්කේ වෛද්‍ය ජා සිංහ මැතිතුමනි, නිරෝධායන නිතිය මේ රට තුල, රටේ එකාටත්, රටට පැමිණ හා පැමිණි හැම එකාටත්, අංක එකේ නිතිය බවට පත්කරන්න. එය වල්බුරැ දේශපාලනයට හෝ පාලකයට අවැසි ලෙස වෙනස් කිරිමට හිඩැස් නොතබන්න. ගරැ ජනපතිතුමනි,”කොරෝනාව” වෙනුවෙන් ඔබේ නායකත්ව කැපකිරිම මේ වෙනුවෙන්ද රට හා ජනයා වෙත ප්‍රෙරණය කරන්න

  6. B. anthony says:

    ඔව් ඔව් සංචාරක වෙස් අරන් කොරොනාත් එයි. ඉඹලා බාරගන්නයි තියෙන්නේ. අර අරාබිකරයේ කඹුරලා ලංකාවට විදේශ විනිමය උපයලා එවපු රටවිරුවෝ කොරොනා නැතිවුන් උනත් තමන්ගේ උපන් බිමට එන්න තහනම්. මුංගේ අම්මගේ සාධාරණය!