ශ‍්‍රී ලංකාව කොරෝනා පැරදුවා කියා සහතිකයක් දෙන්න බෑ..

August 25, 2020 at 6:48 pm | lanka C news
ශ‍්‍රී ලංකාව කොරෝනා පැරදුවා කියා සහතිකයක් දෙන්න බෑ..

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම පරාජය කළ බවක් කීමට නොහැකි යැයි හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය ලෝක මට්ටමෙන් පහව ගොස් නැති නිසා මෙරට ද කොරෝනා වලින් තුරන් කළ රටක් ලෙසත් ප‍්‍රකාශ නොහැකි යයි ඔහු කියා සිටියේ.

අපේ‍්‍රල් 30 වැනිදායින් පසු සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙක් මතු නොවූ බව ද පැවසූ හමුදාපතිවරයා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිසා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන බව ද පැවසීය.

තව දුරටත් මෙරට වැසියන්ට ඉතාමත් පරිස්සමින් කටයුතු සිදු වුන බවත් සුළු හෝ වරදකින් වෛරස සමාජගත වීමට හැකියාව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

කොරෝනා පරාජය කළේ යැයි යම් විශ්වාසයක් ඇති වී තිබුණ ද ඒ සඳහා සහතිකයක් දිය නොහැකි බවත් ඕනෑම වෙලාවක මෙම වෛරසය මතු විය හැකි බවත් ඔහු කියා සිටියේය.

25,467 views

10 Comments to “ශ‍්‍රී ලංකාව කොරෝනා පැරදුවා කියා සහතිකයක් දෙන්න බෑ..”

  1. Ravana parapura says:

    රාවණ හෙළ ඔසු සහා පිරිත් බලයෙන් මේ වසංගතයෙන් අපි ජයගන්නවා

  2. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    ඔබතුමාලා උන්නු නිසා තමා මෙහෙම 12 න් නැවතිලා තියෙන්නෙ නැතිනම් මෙලහට ලක්ෂ දොලහක් විතර මැරිල යහපාලන සෙට් එක උන්නා නම්

  3. Helaya says:

    Next President after Gotabya

  4. Saliya says:

    There will be enough good young leaders here if we create now a good system with stable economy. HE has the correct vision & hopefully others will not disturb him. People close to him should not deceive him in giving risky advices

  5. mashi says:

    මොකද්දෝ රටේ තිබ්බ වාසනාවකට ගොටාභය මහත්තය ජනාධිපති වෙලා කොරෝනා මර්ධනයට සුපිරි පොරවල් සෙට් එකක් හැදුවා.යහපාලනේ තිබ්බ නම් අපි මරණ වලින් ගිනස් රෙකෝඩ් තියනවා අනිවාර්යයෙන්.

  6. lansa says:

    next president sri lanka. Shavendra

Main News