ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත් අවදානමක..?

November 5, 2021 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත් අවදානමක..?

එළඹෙන 2022 වසරේ ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකාව දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇති බව වාර්තා වෙයි.

එම කාලයේදී කල් පිරෙන ජාත්‍යන්ර බැඳුම්කර ඇතුළු ණය වාරික සදහා ඩොලර් බිලියන එක හමාරක මුදලක් ගෙවීමට නියමිතව තිබීම ඊට හේතුවයි.

මේ වන තෙක් එම මුදල ගෙවා ගත හැකි සැලැස්මක් ඉදිරිපත් වී නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර මාර්ග වලින් වාර්තා වෙයි.

යම් හෙයකින් එම මුදල් අදාළ කාල සීමාවේ ගෙවීමට නොහැකි වුවොත් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වීමේ අවදානම මතු වෙමින් ඇත.

දැනටමත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් ශ්‍රී ලංකාව බංකොලොත් සීමාවට ආසන්න සීමාවට නම් කර තිබේ.

වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාද මෑතකදී කියා සිටියේ ශ‍්‍රි ලංකාව ගමන් කරමින් සිටින්නේ බංකොලොත් වීමේ අවදානමක් දෙසට බවයි.

68,202 views

18 Comments to “ශ‍්‍රී ලංකාව ජනවරියේදී බංකොලොත් අවදානමක..?”

  1. Jude perera says:

    Sir fail and bankoloth

    • roshan says:

      I dunno about ‘Sir’. but one thing is certain that you and all fellow sri lankans are fail

  2. කැපුවත් පොහොට්ටුවට says:

    සංචාරකයන් එන්න පටන් ගත්තම ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනව.

  3. 0.00069 BIYYO says:

    බන්දුල ගුණවර්ධන තරමි පල්වෙන, කුජීත වෙන ඇමතිවරයෙක් ලංකා ඉතිහාසයේ මීටපෙර සිට නෑ. මූට වෙළඳ ඇමතිකමම දෙන්නෙ කාල වරෙන් කියල. මුගේ ආර්ථික වචන මාලාව අහලම මිනිස්සුන්ට වමනෙ යනවා පමණක් නොවෙයි මෙි යෝදයගෙ හතරැස් මූණත් තහඩුව දැක්කම TV off ,කරනවා.

  4. Wasantha says:

    Thanks for Pohottuwa for putting up our country in this disaster situation. Most failed government.

Main News