ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කොකේන් කේන්ද්‍රස්ථානයයි..- රොයිටර් ලොවටම කියයි..
September 2, 2017 at 9:55 pm | lanka C news
කොකේන් ජාත්‍යන්තර ජාවාරමේ ආසියානු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව බවට පත්වෙමින් ඇතැයි රොයිටර් වාර්තා කරයි.
එම වාර්තාවේ සදහන් වන්නේ මෑතකදී බ්‍රසීලයේ සිට ගෙන්වන ලද සීනි තොග සමග කොකේන් විශාල තොග හමුවීම මේ බව සනාථ කල හැකි සාක්ෂියක් බවයි.
ගෙවී ගිය මාස 14ක කාලයේදී ශ්‍රී ලංකාවට දකුණු ඇමරිකාවේ සිට ගෙන එන ලද කොකේන් තොග හය වතාවකදී සොයා ගත් අතර ආසියාවේ විශාලම කොකේන් තොගය ලෙස කිලෝ 928ක් ගිය දෙසැම්බරයේදී සොයා ගත් බවද සදහන්ය.
රොයිටර් වාර්තාව මෙතනින්..