ශ්‍රී ලංකාව ඩුබායිහිදි පරදින වෙස් පෙරලති.. තරගයත් දිනා තරගාවලියත් දිනති..
October 10, 2017 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හි පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 68ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහර දී මුල් ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 482ක් රැස් කල අතර පිළිතුරු ලෙස පකිස්තානය මුල් ඉනිමට සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 262ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ලකුණු 96 කට සියළු දෙනා දැවී ගියේ ජයග්‍රහණය සඳහා ලකුණු 317ක ඉලක්කයක් පකිස්තානයට ලබා දෙමිනි.
කෙසේ වෙතත් පකිස්ථානය සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 248ක් පමණි.
මෙම තරගයත් සමග ශ්‍රී ලංකාව 2-0ක් ලෙස තරගාවලිය ජයගෙන සිටී.
ලකුණු පුවරුව මෙතනින්
අති විශිස්ටයි. මේ තරඟයේ ජයග්‍රහනයට සියලුම ක්‍රීඩකයන් සම්මාදම් උනා. නියම ටීම් වර්ක් එකක්. පන්දු යවන්නන් පස් දෙනාම ඉතා හොඳින් පන්දු යැවූ බව කිව යුතුය. චන්දිමාල් නායකයකු ලෙස පරිනතව ක්‍රීඩාකලා. දිමුත් තරඟාවලියේ වීරයා දැන් නියම ටෙස්ට් ක්‍රීඩකයෙක්.
Well done! LIONS …. Congratulations !!!! We’re happy for your success. Good luck!
Congratulations on your well deserved victory. Wish you all the very best in the future!
Congratulations on the big win! Enjoy your success today, and look forward to a future.
CONGRATULATIONS !!!
Be Strong when you are week, be Brave when you are scared and be humble when you are victorious.
සධීර සමරවික්‍රම කණ්ඩායමට එකතු කර ගැනීම ගැටළු සහගතයි. ඔහුගේ පළමු පෙළ දස්කම් සතුටුදායක මට්ටමක නැහැ.
ඒ වගේම ඔහු සුදුසු 20-20 තරඟ වලට මිස ටෙස්ට් තරඟ වලට නෙවෙයි. මෝහි වෙනුවට තවත් අවස්ථාවක් ලහිරු තිරිමාන්නට දෙන්න තිබුනා. ඔහු සැබවින්ම ටෙස්ට් පිතිකරුවෙක්.
හේමන්ත
තිරිමාන්නයා හොඳයි මුහුදු වෙරලේ කදුරු බෝල පොල්පිත්තෙන් කැරිකට් ගහන්න, බෝල වලට කොටන ඩොට් බෝල් කන නරුමයා.
සතුටුයි, බුකිකාරයත් බෙනේ ලගින රිළාසිරියගෙත් ඇගිලි ගැසීම් වලින් මේ ටීම් එක බේරාගත්තොත් වඩාත්ම සතුටුයි.
ඔබේ කරුණු දැක්වීමට 100%ක් එකඟයි. යම් හෙයකින් දෙවන තරඟය පරාජය වූවා නම් එහි සියලු වැරැද්ද සදීරගේ. ඔහු අනවශ්‍ය ඉක්මන් වීමක් පෙන්නුම් කර තම කඩුල්ල පූජා කරමින් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමට අවශ්‍ය අඩිතාලම දැමුවා. ඔහු එහිදී පන්දුවට පහර දුන්නේ ටෙස්ට් පිතිකරුවෙකුගේ වගකීම කුමක්දැයි තේරුම් ගෙන නොවේ. ඔහුගේ පහර දීම් රටාව අනුව ඔහු සුදුසු සීමිත ඕවර තරඟ සඳහා යයි මා ද සිතමි. ඔහු පන්දුවට පහර දෙන්නේ සෑම පන්දුවකින්ම ලකුණු ලබා ගැනීමේ අරමුණින් මිස ටෙස්ට් පිතිකරුවෙකු සතු විය යුතු සංයමය සහිතව නොවේ.
Chandimal seems a very good leader.