ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 6.25ක් ණය ගෙවිය යුතුයි.. අතේ ඇත්තේ බිලියන 2.2යි.. බැංකු පද්ධතියත් අවදානමේ..

November 29, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 6.25ක් ණය ගෙවිය යුතුයි.. අතේ ඇත්තේ බිලියන 2.2යි.. බැංකු පද්ධතියත් අවදානමේ..

අද වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඩොලර් ණය ගැනීමට හැකියාවක් නැතිව ගොස් ඇති බවත් ගන්නා ඩොලර් ණයවලට අසීමිත පොලයක් ගෙවීමට සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාවක් පහළට වැටීම බවද ඒ මහතා පැවසීය.

ශ්‍රේණිගත කිරීම් වල පහළට නොවැටී සිටියේ නම් අඩු පොලියකට ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ඩොලර් ණය ලබා ගැනීමට හැකියාව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ජන හමුවක් අමතමිනි.

මේ අතර ඉදිරි වසරක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ණය වාරිකය ඩොලර් මිලියන 6250 ක් බව මහ බැංකු වාර්තා උපුටා දක්වමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් එම ණය ප්‍රමාණය ගෙවා දැමීම සඳහා ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 2200 ක් පමණක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

යම් යම් හෙයකින් මෙම ණය ගෙවාගත නොහැකි වූවොත් ලංකාවේ බැංකු පද්ධතියට පවා විශාල ප්‍රශ්නයක් ඇති වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

49,975 views

18 Comments to “ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියන 6.25ක් ණය ගෙවිය යුතුයි.. අතේ ඇත්තේ බිලියන 2.2යි.. බැංකු පද්ධතියත් අවදානමේ..”

  1. madu says:

    yako alapaluwa 2014 di meka kiwwane…bujjimattu okkoma uuuta alapaluwa alapaluwa kiya kiya hitiyata kiwwa widihatama unane…wechcha de

    • harsha says:

      පොහොට්ටුවේ හරක් හිතන්නේ ඌට බැන්නාම ප්‍රශ්නය විසඳෙනව‌ා කියලානේ.

  2. Piyano says:

    යකෝ ගෙවිමට ඇති ණය ගැන කියන විට දැනට අතේ ඇති මුදල එක්ක ලැබීමට නියමිත ආදායමේ ප්‍රමාණය ගැනත් කියාපිය​. පවුලක ගෙදරක ණය උනත් එහෙමයි.
    වසරකට ඩොලර් බිලියන් කීයක් ආදායම එනවාද කියා සොයා බලන්න​.

    • CAT says:

      කුරහන් සාටකේ පවුලේ උදවියගේ ගිණුම් වලින් ණය ගෙවා දමන්න .පැන්ඩෝරා නිරුපමාගෙන් ඉල්ලා ගන්න රටේ ජනතාව ණය ගත්තේ නැහැ ..ඒවා ගත්තේ රටේ පාලකයෝ ඔවුන් එයට වගකිවයුතුයි

    • harsha says:

      ආදායමට වඩා වියදම ඉහළ නිසා ශුද්ධ ආදායම ඍණ අගයක් වෙනවා. එතකොට තත්වෙ තවත් බරපතලයි.

  3. සවි අරික්කාල says:

    කීයක්ද අඩු..? උඹලා ඔක්කොම මේකට වගකියන්න ඕනේ. අපි ද යකෝ ආණ්ඩුව කරේ මෙච්චර කාලයක්?

Main News