ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි.. මැද පෙරදිගින්ද ඉල්ලයි..

April 13, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි.. මැද පෙරදිගින්ද ඉල්ලයි..

ශ්‍රී ලංකාවේ ණය ආපසු කිරීම සඳහා මැදපෙරදිග රටවල් සමග සාකච්ඡා කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දැනටමත් මේ පිළිබඳව මහ බැංකුවේ ඉහළ නිලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටින අතර ඉදිරි දින කිහිපයේදී එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ද මේ බව තහවුරු කළේය.

කෙසේ වෙතත් මෙම ණය ආපසු ගෙවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහාය ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

මෙරට විදේශ විනිමය සංචිතය පසුගිය මාර්තු මාසය වනවිට ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටී තිබිණි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සිදුකළ බංග්ලාදේශ සංචාරයේදී ද මූල්‍ය හුවමාරුවක් සඳහා සාකච්ඡා පවත්වා තිබිණි.

83,144 views

40 Comments to “ශ‍්‍රී ලංකාව ණය ගෙවන්න බංග්ලාදේශයෙන්ද ණය ඉල්ලයි.. මැද පෙරදිගින්ද ඉල්ලයි..”

  1. මෝ says:

    පාර්ලිමේන්තවෙ ඉන්න 225 සහ අනිකුත් පලාත් සබා ආදීයේ ඉන්න උන් සහ පට්ටං දී ජනතා මුදල් නාස්ති කරන හෙන්චයියන් ආදී සියල්ලන් වෙනුවෙන් වැයකරන සියලු මහජන මුදල් ගනනය කර නය ගෙවන්න ඒ මුදල් යොදා ගන්න.අවුරුදු 2කින් සියලු නව ගෙවා දැමිය හැකියි ඕකුන්ට කිසිම දෙයක් නොදී හිටියොත්.

  2. Nalaka says:

    Me rate salli Hora kapu janadipatwarun, agamati, mati amati, niyojya amati, mantri, Maha amathi, rajaye sewakayo Yana hama ekagenma depola rajasantaka Kara Nam ekekutawath Naya senna oone netha

  3. කොනකට් says:

    ඇයි අපි හදපු අපේ නෙලුම් කුලුන, හම්බන්තොට මහා ක්‍රිකට් ක්‍රීඩන්ගනය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලව ආදි විවිධ සම්පත් තියනවනෙ අපේ ආර්ථිකයට ශක්තියක් ලබාදෙන්න. ඉතින් අපි කාටද බය.

  4. Aurora says:

    බටහිර ඖෂධ මාෆියාවට යටවෙලා නිරොධායන නීති ත්‍රස්තවාදයට ඕන විදියට හෙලවෙදකම නොසලකා රට වහපු ගොන්කම තමයි මේ පලදෙන්නෙ. රටට සoචාරකයන්ට අතුල්වෙන්න නොදී කර්මාන්තශලාවහල විදේශ විනිමය ලැබෙන සියලුම පාරවල් වහගත්ත. මෙහෙමත් ගොන්නු. දැන් රටේ මිනිස්සු දිවිනහගන්න ක්‍රමයක් නැතුව ඉන්නෙ. තිරේ පිටුපසසිට රූකඩ නටවන්නෙ නැතුව චන්දෙන් පත්වුණ නායකයෝ පමනක් රට පාලනය කලයුතුයි.

  5. Sun says:

    We can see the foolish work of brainless politicians. They did not have a proper plan of developing the country. They wanted to show off other people. Imported so many luxury cars. All luxuries. What is the point. Let all of them to use public transport. Big politicians , imagine how many cars. Cut down all these rubbish. All have to learn a simple life and have small garden for the daily needs.

  6. J. Chandana says:

    වරායවල් වලින් ගුවන් තොටුපලවල් වලින් අදිවේගි මාර්ග වලින් සහ අනෙකුත් සියලුම තැන් වලින් ගහපු කොමිස් ටික එකතු කරලා ගත්තනම් ඩුබායි ස්විස් බැංකු වලින් ඹය ණයෙන් නිදහස් වෙන්න පුළුවන්.
    ලබන අවුරුද්ද වෙද්දී සොමාලියාවෙනුයි ඉතියෝපියාවෙනුයිත් ණය ගනියි. අනෙෙ අනිච්චං!!

  7. Ssmbo says:

    Now begging from the world to re pay debts
    .But what happend to the that was borrowed
    We don’t see any development to that amount
    Over 50% of the borrowings seems to be stolen and the poor has to suffer.

Main News