ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික කුණාටුවක.. ලෙබනනය, තුර්කිය මාවතේ වේගයෙන් ඉදිරියට..

January 20, 2022 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික කුණාටුවක.. ලෙබනනය, තුර්කිය මාවතේ වේගයෙන් ඉදිරියට..

අද වන විට ශ්‍රී ලංකාව සිටින්නේ හිඟන්නෙකුගේ තත්ත්වයට වැටී බවත් එම තත්ත්වය සියලු දෙනා තේරුම් ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඩී විජේවර්ධන මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මේ යන ආකාරයට රට ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයට ලක් වනු ඇති බවයි.

ඉදිරි කාල සීමාෙව්දී ශ්‍රී ලංකාව ද ලෙබනනය, තුර්කිය වැනි රටවල තත්ත්වයට පත්වුණු ඇති බවද ඔහු කියා සිටී.

පුවත්පතක් වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ පවසා තිබේ.

‘අපි ඇත්තටම දැන් ඉදිරියට හිගන්නන්ගේ තත්වයේ. හිගන්නන්ට උණු බත් ලබාගන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ කාරණය අපි තේරුම්ගත යුතුයි. ඉදිරි මාස දොළහ ඇතුළත ජනතාව, විශේෂයෙන් ජනාධිපතිවරයාගේ සිට ඉතාමත්ම පහළ මට්ටමේ පුද්ගලයා දක්වා සියලුදෙනාම ඉතාමත්ම අසිරු හා අසීමිත කැප කිරිමක් සිදුකරන්න සූදානම් විය යුතුයි. එසේ නොකොලොත් සිදුවන්නේ උග්‍ර ආර්ථික ගැටලුවකට මුහුණාපාලා ලංකාව ලෙබනනය, තුර්කිය වගේ තත්වයකට පත්වීමයි. ඒ නිසා මහජනතාව මේ තත්වය අවබෝධ කරගන්න අවශයයි. ඒවගේම මහ බැංකුව වැනි ආයතන සුන්දර වචනවලින් තිබෙන තත්වය නගාසිටුවා ප්‍රකාශ කරනවා වෙනුවට,

සත්‍ය තත්වය රටේ ජනතාවට ප්‍රකාශ කරලා. ජනතාවගේ සහය මේ සදහා ලබා ගැනීමයි සිඳුකළ යුත්තේ. නමුත් අපිට පෙනී යන්නේ සෑම අවස්ථාවකම මහ බැංකුව වැනි ආයතන කරන්නේ මෙවැනි දෙයක් නෑ කියලා වචන කටිටලයකින් ජනතාව පිනවීමයි. ඇත්ත වශයෙන්ම රට ඉතාමත් උග්‍ර ආර්ථික අර්බුදයකට ලක්වෙලයි තිබෙන්නේ. 1971 වර්ෂයේ මෙවැනි තත්වයක් ලංකාවේ තිබුණා. ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී ලංකා ගුවන් විදුලිය හරහා ජාතිය අමතලා ප්‍රකාශ කළා “අද අපි ඉන් ගිනිකන්දක් උඩ. එය ඕනෑම මොහොතක පුපුරා යන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා මේ ගිනි කන්දේ පිපිරීම වළක්වා ගන්න කටයුතු කර රට බේරා ගැනීමට කටයුතු කළ යුතුයි” යනුවෙන්. මම හිතන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය දේශපාලන අධිකාරිය විසින් ඉතාමත් නිර්ෂයව රටට ප්‍රකාශ කළ යුතුයි’

49,699 views

23 Comments to “ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික කුණාටුවක.. ලෙබනනය, තුර්කිය මාවතේ වේගයෙන් ඉදිරියට..”

  1. saman says:

    රට දියුනු කරන හැටි කබ් රාල් සහ ජනදිපති දන්නවා. නය ගෙවෙන හැටිත් එයාලා දන්නවා. ජනතාවට කරදරයක් නොවෙන්න ලයිට් කපන්නත් දන්නවා.

  2. Kalu Albot says:

    Sri Lanka Maha Bankuwa kiyana eka Raajapaksa saha Kabraal Bankuwa wunaama Dolar Achchu gahanna Basilgen Layison ganna puluwani. Eeta passe Rajaye Mudranaalayen Achcu gahanne dolar withrayi !!

  3. Garbage says:

    Excuses, excuses more excuses…sort out the massive corruption first.
    Bloody thieves…..

  4. Robo says:

    This person too is largely responsible for the situation we are experiencing today. now he is pointing his finger to others to evade his share of the disaster. What a shameful man he is.

  5. ජනජය says:

    ව්ජේ…ඔයාල හිටියයි කියල අමුතු සෙතක් උනේ නෑනේ….බැංකුව ගැන ආණ්ඩුව බලාගනී …ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්න !

  6. Man says:

    දැන් කොයි කාලේ ඉදලද කියන්නේ ආර්ථිකෙ ඉවරයි කඩා වැටෙනවා කියල 😀 ඒත් තාම එහෙම එකක් වෙලා නෑ 😏 කිව්වේ ජනවාරි වෙන කොට කරන්නත් නැති වෙනව කියලා 😛

  7. Dr. MK says:

    මෙයත් රට වැටෙන කතා කියව කියව ඉන්නවා. වැටෙන්නෙ නෑ. එලුවගෙ පස්සෙ යන නාකි නරි වගේ.

  8. wimalasena H.D. says:

    ado naaki padanguwo, tho dannethuwahari muslimsla vedipura inna thenwalata yaamen velekwiyan. tho muslim
    ratawal dekak gena(lebanon,turkey)AArthikaya vetuna kiyala kiyapu ekata samaava ganin jada suruttu sinhala
    balla. hingaakanna yanneth muslim ratawalata. egollantama puke aringa yanava me naaki pakaya.

  9. මිල්ලංගොඩ ඒකනායක, says:

    අපිටත් ඕන ඉදිරියට යන්නනේ… අපේ උතුමන්ල අපි රැගෙන යනවා… තංතෝසේ බැරුවා පවුසි…

Main News