ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..

December 4, 2019 at 12:03 am | lanka C news
ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

එක්සත් රාජධානිය, කවුරුත් දන්නා විධියට කිව්වොත් එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය 2019 දෙසැම්බර් 13 දින පැවැත්වෙනවා. ඒ මැතිවරණය වෙනුවෙන් කොන්සර්වැටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නොවැම්බර් 25 දින එලි දැක්වූවා. ඒ ප්‍රකාශනය තමයි මේ තිබෙන්නේ. ඒකේ 53 පිටුවේ ලංකාවේ පවතින අර්බූදයට විසඳුම ලෙස ලංකාව තුල රාජ්‍ය දෙකක් බිහි කළ යුතු බව කියනවා. මම දැන් ඒක කියවන්නම්.

We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflicts zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.

දැන් අපි ඒකේ සිංහල අර්ථය කියවමු.

ලෝකය පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය ලඟා කර ගැනීමට ගෙන ඇති ජාත්‍යන්තර ආරම්භකයන්ට අපේ සහය ලබා දීම අඛණ්ඩව සිදු කරන අතර සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග වැනි වත්මන් හෝ පෙර අර්බූද කලාපයන් වෙනුවෙන් රාජ්‍ය දෙකක විසඳුම සඳහා අපගේ සහයෝගය පවත්වා ගනු ලැබේ.

එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ දැනටත් පාලනය කරන මී ළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න ඉඩ තිබෙන කොන්සර්වැටිව් පක්ෂය ජනවරමක් පතන්නේ මොකටද? ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහි කරන්න. වඩාත් පැහැදිලිව කිව්වොත් දෙමළ ඊළම හදන්නයි.

බෙදුම්වාදින් “දෙමළ ඊළම” ලෙස පවසන ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත් තුල එකී නමින් හෝ වෙනත් නමකින් දෙමළ රාජ්‍යයක් පැවතිලා නෑ. දෙමළ ඊලම සඳහා කරනු ලබන අරගලයට කිසිම ඓතිහාසික පුරාවිද්‍යාත්මක හෝ නෛතික පසුබිමක් නැහැ. ඒ නිසා දෙමළ ඊලම වෙනුවෙන් පෙනී සිටීමට කොන්සර්වැටිව් පක්ෂයට කිසිම සාධාරණ හේතුවක් නෑ. නමුත් එක්සත් රාජධානිය බිහි කරලා තිබෙන්නේ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන ඉතිහාසගත රාජ්‍යයන් බලහත්කාරයෙන් එංගලන්තයට ඈඳාගෙන. කලින් කල මේ රාජ්‍යයන්ට නිදහස පතා විමුක්ති ව්‍යාපාර ආරම්භ වුණා. උතුරු අයර්ලන්තයේ නම් සන්නද්ධ අරගලත් තිබුණා මෑතක් වන තුරුම. එහෙම වුණත් එක්සත් රාජධානිය කැබැලි කිරීමට සහය දීම සඳහා ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් ජනවරමක් පතලා නෑ.

ඒ වගේම කොන්සර්වැටිව් පක්ෂයේ ප්‍රතිවාදියා වන ලේබර් නැතිනම් කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයත් අපි බැලුවා. කම්කරු පක්ෂය නම් ලංකාව දෙපළු කිරීමේ පොරොන්දුවක් ලබා දී නෑ. කොන්සර්වැටිව් පක්ෂය කළ මේ වැඩේ පිළිබඳව අප නිහඬව හිටියොත් ඊ ලඟ මැතිවරණයේ දී එංගලන්තයේ සිටින දෙමළ අයගේ ඡන්දය ගැනීමේ බලාපොරොත්තුවෙන් අනෙකුත් පක්ෂත් දෙමළ ඊලම් හදලා දෙන්න පොරොන්දු වේවි. මේ මැතිවරණයෙන් කොන්සර්වැටිව් පක්ෂය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට ජනවරමක් තියෙනවා නීත්‍යානුකූලවම දෙමළ ඊලම වෙනුවෙන් ජාත්‍යන්තර කරලියේ පෙනී සිටින්නට. දෙමළ ඊලම වෙනුවෙන් සන්නද්ධ අරගලයක් පටන් ගන්නට දෙමළ ඊලම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඡන්දය දෙන්න දෙමළ ඊලම වෙනුවෙන් අරමුදල් වෙන් කරන්නට හැකියාව ලැබෙනවා. මේක ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිශයින්ම භයානක තත්වයක්.

ලොව බලගතු රාජ්‍යයක් වන එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට අභියෝග කරන මැතිවරණ ප්‍රකාශනයක් ප්‍රසිද්ධ කරලා දින අටක් ගත වී ඇතත් මේ පිළිබඳ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය තවමත් ඉන්නේ නිදා ගෙන. තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇත්තටම නිදි ද එහෙමත් නැතිනම් බෙදුම්වාදින්ගේ උවමනාවට හොර නින්දක ද කියන එක නම් මම දන්නේ නෑ. නැතිනම් මේවා හෙලිදරව් කරන්න ඕනෑ අපි නොවේ. රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්. මහජන මුදලින් දැවැන්ත වියදමක් දරලා ඒ අය නඩත්තු කරන්නේ මේ වැඩ කරන්න තමයි.

හරි නම් මේ ප්‍රකාශනය හෙලා දැකලා ඒ වගේම ඒ ප්‍රතිපත්තිය අභියෝගයට ලක් කරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණා. අවම වශයෙන් ඒ පිළිබඳ අපේ විදේශ ඇමතිතුමාව දැනුම්වත් කරන්න තිබුණා. අඩුම තරමින් විදේශ ඇමතිතුමාවත් දැනුම්වත් කළා කියලා මම නම් හිතන්නේ නැහැ. ලොව බලගතු රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කරන මේ වගේ අවස්ථාවක ඒ පිළිබඳ ක්ෂණික ප්‍රතිචාර දක්වන මෙන් අපි විදේශ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වගේ බැරෑරුම් කාරණයක දී උදාසීනව කටයුතු කළ මහ කොමසාරිස් කාරයාලයේ නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා මෙන් අපි විදේශ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. විදේශ ඇමතිතුමා මේ පිළිබඳ ක්ෂණිකව ප්‍රතිචාර දක්වාවි කියා අප බලාපොරොත්තු වෙනවා. කොන්සර්වැටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ පිටපතක්ද සමගින් මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යතුමා දැනුම්වත් කිරීමට අද දිනයේ කටයුතු කරනවා.

– අරවින්ද අතුකෝරල

64,671 Viewers

30 Comments to “ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..”

  1. George says:

    Give a example by dividing UK in to 2.
    First get the problems sorted out in your own country.

    • Gobrial says:

      Yes, free Scotland, united Northern Ireland with Ireland proper, return Gibraltar to Spain, return your British military bases back to Cyprus.

      Also don’t forget to return our stolen artefacts from the British Museum.

      • ගිගිරි says:

        මේ රට යටත් කරගෙන සිටි කාලයේ සුද්දො ඉන්දියාවෙන් දෙමල ජාතිකයින් ගෙනාවෙ උන්ගෙ වැඩ කරව ගන්න.ඒ නිසා එංගලන්තය ඒ අයගේ වගකීම බාර ගතයුතුයි. එහෙ අරන් ගිහිල්ලා වෙනම රටක් බැරිනම් මුලු රටම හරි දීලා ඒ අයව බලා කියා ගන්න එකයි ඇත්තේ.ඒ මිනිස්සු ගැන අවංක අනුකම්පාවක් තියේ නම්.
        මෙහෙන් වෙනම රටක් ඉල්ල ඉල්ලා පරිප්පු කනවට වඩා දෙමල අයටත් නරකද එංගලන්තෙ/ස්විට්සර්ලන්තෙ පදිංචියට ගියොත්?

      • Amda says:

        Well said!

        Have never seen such bastards in the world history.

    • country man says:

      There are quite a lot of Tamils living in England. This prank is to get their votes for the next election. Similar statements have been given before too, by the British politicians. Typical Sajith’s type of promises. This kind of slogans are needed by the Tamil leaders to exist in SRI LANKA and India.

  2. Susil says:

    Best thing is to abolish Provincial governing system introduced by Late JR.
    We save money and the country.
    Who ever talk to split the country must be tried for treason.

  3. RED Label Whisky says:

    ශ‍්‍රී ලංකාව දෙකඩ කර ඊළම හදන බව එංගලන්තය කියයි.. ලිඛිතව දිවුරයි..
    කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියල ඔබලා දන්නවද..? ඔබ නොහිතූ හිටපු රටේ නායිකාව..!
    දෙමල වෙබ් අඩවි බලන්න… පැහැදිලි කරල තියෙනව එය විය යුතුමයි කියල ලංකාවේ..!

  4. Pramod says:

    Boris the Buffoon, useless politician UK ever produced by its so called “FIXED TERM PARLIAMENT ACT” ,Boris has been temporary selected by Conservative Party Members after Theresa May resigned 02 months ago, he has no majority in his Conservative Party, he and his party is failure in the UK political system, Boris considered as a untrustworthy politician and the UK has lost its influence towards other countries long ago, hence, these statements purely targeting for TAMIL DIASPORA votes on 12th Dec 2019 election, SL should not care about them at al!! I will not Vote CON PARTY on 12th Dec 19.

  5. Kaush says:

    Ballo biruwata kadu paath wenne naa me.

  6. Crazy says:

    They should as well as compensate the irreparable damage done to this country, it’s people, the nature, culture and so on

  7. කිරිමෙල් says:

    As usual, Western hegemony is going to involve in Sri Lankan matters and their plan must be to bring in boots here with the ultimate intention to challenge India and China which are going to be the forces to protect the sovereignty of countries in our hemisphere.

  8. වැඩ්ඩා says:

    ඔයගොල්ල කියවනව විතරයි. ගෝටා මොනවහරි කරයි

  9. Boo says:

    We Sri Lankans will overwhelmingly support to establish a Muslim Caliphate in the UK, since the pre-historical data proves that the UK was initially a Muslim kingdom and belongs to Muslims.

    At lease a two state solution should be provided to break UK into two states with one Christian and the other Muslim.

  10. sam says:

    Why you doing this is to get Tamil terrorist supporters’ money and vote to come to power who traditionally supported the Labour party. I do not think you have any chance in hell for this idea with the current president. You want mess up other countries and that you have been doing for centuries and If there is god what should happen is that after the Brexit Scotland will leave UK and UK should be broken into pieces. Then you will feel what happens when your own country is broken in pieces.

    However, you are the laughing stock of the world now because with your stupid pride you want leave Europe but the financial reality is you cannot and it will be a disaster. You need Europe and Europe is big enough and they do not need you. First you decide one way or the other without pussyfooting around. If it was democracy in your country when the people decided on an issue how parliament do not allow it. How can an incompetent nation like yours decide the fate of other countries?

  11. Deshapremiya says:

    This is another promise of a political party contesting for an election and not a statement of the UK govt. Therefore, nobody should pay much attention to this type of rubbish!

  12. එක්නැලිගොඩ says:

    ඉතාම හොඳ ප්‍රකාශක්. මෙවැන්නකට ප්‍රතිචාර දැක්විය නොහැකි තානාපතිනිලධාරීන් කූමකටද? පසුගිය රජයේ තානාපති නිලධාරීන් ඉවත්කරන. නව රජයේ නිලධාරීන් පත්කරන්න.

  13. මහජනයා says:

    මෙම කාර්යාලයන් හි ඉන්නේ පැරණි රජයේ නිලධාරීන්. ඔවුන් පසුගිය රජය මෙන්ම කොටි හිතවාදීන්. නව රජය අපහසු තාවයට පත්කිරීම සදහා ඔවුන් සිතාමතාම සිය වගකීම් පැහැර හරිනවා ඇති

  14. කමල් says:

    ආණ්ඩුවේ විපක්ෂ. උදය ඔබට ජය. ඔබ වගේ තව මන්ත්‍රී වරුන් පස්හයදෙනෙක් හිටියා නම් මෙම ආණ්ඩුව හරි මග යයි.

  15. Gonsun says:

    Hey Brits, How about giving Autonomy to Irish who faught for Independance, Hiw about giving Falklands back to Argentina.

    How about stopping sale and export of Dirty Magazines and Dirty Pictures in your country.Hiw about stopping Naked Colonies worse than Natives of Africa and Amazon, after all you buggers are supposed to be civilized.

    How about bringing a bill in parliamet to abolishing voting rights of immigrants that prevent the Majority race being held to Ransom by Tamils, Islamists, Arabs and Others.

    Do the last one so we can do the same here.

  16. SLCommunity says:

    Yako sinhala leee wala thiyena power eka thopita amathaka wela wage neda? Ubalata kath adapu kalu suddo thamai thopita me rata atheethateth pawala dunne. Habai ekak mathaka thiyaganilla me ratata adarea karana me ratata pana unath denna lahasthi minissu me ratee thawath innawa kiyala. Api marenna baya na yako. Api ape rata wenuwen onima deyak karanna lahasthi welai inne. Thopita eyth mula mathak karaganna wei ape ratata atha danna awoth. Api ape wada karagannam ubalage wadak ubala balaganilla.

  17. NAK says:

    UK is doomed if it has only these buffoons such as Corbin or Boris as leaders.
    They seemed so eager to sell their mothers in order to grab some votes from the Tamil diaspora.
    What they have forgotten is the fate that befell on all those politicians who came to interfere in SL’s affairs and ended up in the waste bin and it seems that UK’s waste bi of history has a deep bottom.

  18. A. G. S. says:

    Me kiyana Ewath ekka Waralida Hari Hansaya Aawanam ratatama kelawenawa. Rate wasanawata ehem nowune……

  19. praba says:

    හිතුවා මදි වෙනම දෙමළ රාජ්‍ය බිහිකරන්න. වරෙල්ලකො. පර හැත්ත

  20. අක්බාර් ලොක්කා says:

    අපිත් එංගලන්තෙ කොටින්ට සහ තෞෆික් ජමාඩ් අයට ප්‍රාන්ත දෙකක් හදන්න උදව් දෙන බව අපේ 19 A ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කර උන්ව පුහුණු කරල ෆෝම් කරල ගමු

  21. kiribatha says:

    Judging by the current political situation, I think UK will be divided before that happens to Sri Lanka. They are still living in history. This is the Asian century. Westerners cannot do whatever they please. We just have to be careful handling India and China.

  22. හෙළයා says:

    එංගලන්තය, ස්විස්ටර්ලන්තය ඇතුළු බටහිර රටවල් අප රට දෙකඩ කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා. මේ මොහොතේ රට දෙකඩ කිරීම නවත්වන්න නම්, අප එකමුතුව මීලගමැතිවරණයේදී අප චන්දය දෙනවිට කැපුවත් කොළ, කැපුවත් නිල් සංකල්පයෙන් ඉවත්ව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී “පක්ෂය වෙනුවට රට” යන පොදු තේමාව යටතේ රට ජාතිය ආගම වෙනුවෙන් චන්දය දෙමු.අපට ඕනෙ විධියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ගැනීමට තමයි සිංහල පක්ෂයකට පාර්ලිමේන්තුව තුල 2/3 බලය ලබා දීම අවශ්‍ය.

  23. No Brainer says:

    He needs first to save the United Kingdom from disintegrating into a few independent countries. The first independent country could be Scotland? In the near future…..SOS!!!!

  24. නීල් ද ආබ්‍රෙව් says:

    බයියෝ කියනන්නේ ඉල්ලං කන ජාතියක් කියලා මම හැමදාම කීවුවනේ. සැපද දැන්?

  25. CNW Pathirana says:

    Sri Lanka should goto International Court and get compensation for British Invasion. That will be huge.. Many countries have done it..

Main News