ශ‍්‍රී ලංකාව නරකම අතට.. ඉන්දියාවේ තත්වයටම ගමන් කරමින්..

May 11, 2021 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකාව නරකම අතට.. ඉන්දියාවේ තත්වයටම ගමන් කරමින්..

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ කුමන ආකාරය සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළ ද මේ වන විට රට ඉතාමත් නරක ආකාරයට ඉන්දියාවේ තත්ත්වයටම ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින තත්වය සරලව නොසලක මෙන් නැවතත් රජයට අවධාරණය කර සිටින බවද සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලඹගේ මහතා පවසයි.

මෙම අවස්ථාව පළමු රැල්ල මෙන් සරල අවස්ථාවක් නොව ඉතා භයානක රැල්ලක් බවත් ඔහු තවදුරටත් පැවසීය.

එළඹෙන දින කිහිපය තුළ බරපතළ ලෙස රෝගීන් ඉහළ යෑමේ ප්‍රවණතාවක් ඇති බව ද පැවසූ ඔහු මතුවිය හැකි අපහසුතාවයන්ට මුහුණ දීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බවද කියා සිටියේය.

178,037 views

10 Comments to “ශ‍්‍රී ලංකාව නරකම අතට.. ඉන්දියාවේ තත්වයටම ගමන් කරමින්..”

  1. Dr Zee says:

    මේ කියන ඒවා නම් ගම් එක්ක ස්ක්‍රීන් ෂොට් ගහල සේව් කරගන්න වෙනවා.
    මේගොල්ලෝ 2020 මාර්තු කිව්වා ආසාදිතයන් 40,000 ක්‌ ඉන්නවා කියලා.

    • ඇයි ඒ කාලෙ කිව්වෙ ඉතාලිය, ප්‍රංශය වගේ වෙයි කියල.. මුංගෙ සැගවුනු ප්‍රාර්ථනය මේ රටේ මිනිස්සු බුරුතු පිටින් වලපල්ලට යනව බලල, “ඕක තමයි අපි කිව්වෙ” කියල තුප්පහි විදියට උඩුබුරලන්න.. ඒව සිද්ධ වෙන්නෙ නෑ..

    • සමාජවාදියා says:

      වැඩ බැරි ආණ්ඩුවටයි කියන්නේ. ඕක දීපන් සජිත්ට.

  2. අල්ලා says:

    අනිවාර් …. ඉන්ෂල්ල…

  3. sunimal says:

    කොරෝනාවට පිළිතුරු දෙන්න ගරු කාලෝපොන්සේකා වැනි කෙනෙක් නැතිවීම ගැන කනගාටුවෙනවා.

  4. බයියට රෙද්දක් ජාතික පෙරමුණ says:

    දැන් අපි බය වෙන්නම ඕනැද ?

  5. Jagath says:

    රෙස්පෙක්ට් සර්.

  6. Love nature says:

    වෛරස් රෝග පාලනයට පස් පැඟිරි දුම් ප්‍රතිකාරය…

    මේ දිනවල පැතිර යන වෛරස් තත්වයන් සමනයට අත් බෙහෙතක් ලෙස පස් පැඟිරි දුම් ඇල්ලීම ඔබට නිවසේදීම සිදුකරගත හැක.

    . දෙහි කොළ ඇතුළුව පැඟිරි කොළ වර්ග 05 ක් (ජම්බෝල කොළ හැර) එක් වර්ගයකින් මිට බැගින් යොදා වතුර ලීටර 02 ක් සමඟ මුට්ටියක් හෝ සාස්පානකට දමා හොඳින් පියනකින් වසා නටන තුරු තම්බා ගන්න.

    . එසේ තම්බා ගත් මුට්ටියේ වාෂ්පය ඉවත් වීම අවම වන සේ එයින් යුෂ අඬු කෝප්පයක් ගෙන පසෙකින් තබන්න.

    . බංකුවක වාඩි වී හිඩැස් අවම වන සේ මුළු ඇඟම රෙද්දකින් ආවරණය කරගෙන මුට්ටියේ පියන සෙමෙන් ඉවත් කරමින් (එකවර ඉවත් කිරීම අනතුරුදායක විය හැක.) නික්මෙන වාෂ්ප තම මුහුණ, පපුව සහ මුළු ඇඟටම වදින ආකාරයට අල්ලන්න.

    විනාඩි 10 – 20 ක් අතර වේලාවක් වාෂ්ප අල්ලන්න.

    ඉන්පසු පසෙකින් තැබූ පැඟිරි අඬු කෝප්පයෙන් 1/2 ක් බොන්න.

    . යලි සවස් කාලයේ දී එම මුට්ටියම තම්බා ඉහත ලෙසම වාෂ්ප අල්වා උදේ ඉතිරි වූ පැඟිරි වතුර අඬු කෝප්ප 1/2 යත් බොන්න.

    සැලකිය යුතුයි…

    . එක මුට්ටියකින් දවසට දෙවරක් වාෂ්ප අල්වාගත හැකි අතර පසුදින යලි අලුතෙන් පැඟිරි කොළ දමා තම්බා ගත යුතුයි.

    . වාෂ්ප ඇල්ලීමෙන් පසු දහඩිය දමන නිසා විදුලි පංකාවක් යටට නොයා ස්වභාවිකව එම දහඩිය පහව යාමට ඉඩ සැලැසිය යුතුයි.

    . පැඟිරි කොළ වර්ග 05 ම සොයාගැනීමට අපහසු නම් කිහිපයක් හෝ භාවිතා කරන්න.

    විශේෂයෙන් බාහිර රාජකාරීවල නිරත අය, අත්‍යාවශ්‍ය සේවා සඳහා නිරත අය, වෛරසය ආසාධිත අයට පවා උදේ සවස මෙය සිදු කිරීමෙන් අවදානම් තත්ව පහවී යනු ඇත.

    පැඟිරි කොළ වර්ග

    උදා:- දෙහි වර්ග, යකිනාරං, දොඩම්, නාරං, සිදරම් ආදී ශාක වර්ග…

  7. පිං ජිං අයිය says:

    ගමන සුබයි. චීන සේද මාවතට යන මාවත මෙයින් ඇරෙන වගයි.
    චීනෙ අපිට උදවු කරයි. ලොක් ඩවුන් එච්චර ඉක්මනට ඕනෙ නෑ…චන්දෙත් ඉවරනේ

  8. Dimple kupadiya says:

    ඉන්දියාව හා ලංකාව යන රටවල් දෙකේ වෙනස් කම් තේරුම් ගන්න බැරි වෘත්තිය සමිති කාරයෝ.

Main News