ශ‍්‍රී ලංකාව නැවත මැලේරියා ඇතිවීමේ තර්ජනයකයි..- සෞඛ්‍ය ඇමති රාජිත කියයි..

April 24, 2017 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකාව නැවත මැලේරියා ඇතිවීමේ තර්ජනයකයි..- සෞඛ්‍ය ඇමති රාජිත කියයි..

හෙටට (25) යෙදී ඇති ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමෙි හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවෙි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙින්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

‘ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියාවෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. නමුත් ලෝකය තුල මැලේරියා රෝගය තවමත් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සැළසුම් කර තිබෙනවා වසර 2030 වනවිට ලෝකයෙන් මැලේරියාව තුරන් කිරීමට. දැනට රටවල් 91 ක ජනතාව මැලේරියා රෝගයෙන් පීඩා විදිනවා. ආසියානු රටවලුත් ඊට ඇතුළත්. ශ්‍රී ලංකාවෙි මැලේරියා රෝගය බහුලව පැවැති කාලයේ දී වාමාංශික පක්ෂ වලට බලය තහවුරු කර ගැනීමට ද රෝගය හේතු සාධක වුනා. 2009 වසරේ මැලේරියා මර්දන වැඩසටහන් අඛණ්ඩව ආරම්භ කර 2016 වසරේ දී රෝගය තුරන් කිරීමෙි සහතිකය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. සංචාරක ව්‍යාපාරය, ව්‍යාපාරිකයින්, මැණික් ව්‍යාපාරිකයින් හේතුවෙන් මැලේරියා රෝගය යළි ඇතිවීමෙි තර්ජනයකට ලංකාව මුහුණ දී සිටිනවා. නමුත් රජය මැලේරියාව යළි ඇති වීම වළක්වා ගැනීම සදහා සියලු පියවර ගෙන තිබෙනවා. ඒ සදහා මැලේරියා මර්දන ව්‍යාපාරයට විශාල මුදලක් ද වෙන්කර රජය වගකීමෙන් කටයුතු කරනවා. මැලේරියා මෙන්ම වෛරස් රෝග, ඩෙංගු රෝගය මර්දනය කිරීමටත් රජය කටයුතු කරනවා.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා,

‘ශ්‍රී ලංකාවෙි ක්‍රියාත්මක විදේශ ව්‍යාපෘතිවල සේවය කරන විදේශිය ජාතිකයින්ගේ ද ලේ සාම්පල පරීක්ෂා කරන බවයි. මැලේරියා රෝගය මෙන්ම එචි.අයි.වී සහ ක්ෂය රෝගය සදහා ද ලේ සාමපල පරීක්ෂා කරනවා. සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍ය පිළිබද වැඩසටහනක් ද රජය විසින් දියත් කර තිබෙනවා. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී පසුගියදා මැලේරියා රෝගියෙක් හමු වුනා. එම රෝගියා ඩෙංගු රෝගයට ගොදූරු වී ඇති බවට සිතා ප්‍රතිකාර කළත්, රුධිර පරීක්ෂණවල දී අනාවරණය වුනා මැලේරියා රෝගයට ගොදූරුව ඇති බව’

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

2,722 Viewers

3 Comments to “ශ‍්‍රී ලංකාව නැවත මැලේරියා ඇතිවීමේ තර්ජනයකයි..- සෞඛ්‍ය ඇමති රාජිත කියයි..”

  1. gavin gunawardane says:

    මැලේරියා රෝගය සිරිලක් පොලොවෙන්
    අතුගා දැමුවෙ මෙතුමා තම මහන්සියෙන්
    ඩෙංගුත් මෙලෙසින්ම එතුමා අතින් පයින්
    අතුගා දමනු නියතයි අද හෙටම රටින්

    • පෝෂණ says:

      මුලිදි මෙතුමා කලෙ නැත එතරම් වැඩක්
      තේරිලා කරනව දැන්නම් බොහො වැඩක්
      ක්‍රියාවෙන් පෙන්වල රටට සුවසන වැඩක්
      සුදුසු “අගමැති” පුටුවට වාසනා රටට වැඩක්

  2. සකල බුජං says:

    ලංකාවට ආයෙ මැලේරියා එනව​.
    කවුද කිව්වෙ?
    ලෙනාඩ් වුල්ෆ් කිව්වලු.
    කවුද ඔහේට කිව්වෙ?
    අපේ පුතා.
    එයා වුල්ෆ්ව දන්නවලුද​?
    ඒ දෙන්න ගජ යාළුවො.වුල්ෆ්ට විලේජ් ඉන් ද ජන්ගල් ලියන්න අපේ පුතා තමයි කරුණු කාරණා හොයල දුන්නෙ.
    මැලේරියා මදුරුවො තාම ඉන්නවද​?
    වැඩියෙන්ම ඉන්නෙ කොළඹ​.
    කොළඹ අග නගරය තිබුනෙ අංක එකට නේද​?
    ඒ ගිය ආණ්ඩුුවෙන්නෙ,අපි කැමති නෑ තනි ඉලක්කම්වලට.
    මැලේරියා බෝ වුනොත් ගැහිල මැරෙනව නේද​?
    තව ටික දවසක් යන කොට ඔක්කොම ගැහිල මැරෙනව​,ඊට කලින් ඒ වැරැද්ද දාන්න ඕන මැලේරියා මදුරුවට.
    ඇයි ඒ.
    නැතුව කොහොමද ලෝකෙ හොඳම සෞඛය ඇමති වෙන්නෙ,හොඳම මුදල් ඇමතිත් ඉන්නෙ අපේ රටේ,හොඳම කුණුු ඇමති ඉන්නෙත් අපේ රටේ.

Main News