ශ්‍රී ලංකාව පීචංම ක්‍රිකට් කණ්ඩායමක් වෙයි.. ඉදිරියේදී අයර්ලන්ත, ඇෆ්ගනිස්ථාන, බංග්ලාදේශ, සිම්බාවේ තරග පමණයි…
October 29, 2017 at 11:22 pm | lanka C news
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තිබෙන බවත්, හැකි ඉක්මනින් ඒ සඳහා පිළියම් ලබානොදුනහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉතිරි වන්නේ බංග්ලාදේශය, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ මෙන්ම ශ්‍රී ලංකා රජයේද අවධානය හැකි ඉක්මනින් යොමුවිය යුතු බවයි.
“ජාත්‍යන්තර ක්‍රිකට් දිහා බලපුවාම අපි හිටපු හොඳම කණ්ඩායමක්. අපි පාලනය කරපු කාලේ අංශ තුනෙන්ම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන තුනේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා. එක්දින තරග රටාවේ අපි දෙවැනි ස්ථානයේ හිටියා, ටෙස්ට් තරග රටාවේ අපි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල හිටියා, පන්දුවාර විස්සයි20 තරග රටාවේ අපි පළමු ස්ථානයේ රැඳී සිටියා අවුරුදු තුනක් පමණ. එහෙම හිටපු රටක් තමයි අපි.
එවැනි ශ්‍රේණිගත කිරීම්වල උඩින්ම ඉන්නකොට අපේ රටේ ක්‍රිකට්වලට තියෙන ඉල්ලුම වැඩියි. රූපවාහිනි ආයතනවලින් මෙන්ම අනිකුත් ක්‍රිකට් පාලක මණ්ඩලවලින් අපට ලොකු පිළිගැනීමක් තිබුණා. නමුත් දැන් මේ යන විදිහට ඒ පිළිගැනීම, ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉදිරියේදී අපට ජාත්‍යන්තර තරග ලැබේවිදෝ කියලා සැකයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණු කඩාවැටීමක් තියෙනවා කියලා.
මම ලේකම්වරයා ලෙස සිටි කාලයේදී, 2012 සිට 2020 දක්වා අනාගත තරග සංචාර (ෆියුචර් ටුවර් ප්‍රෝග්‍රෑම් (එෆ්.ටී.පී)) අත්සන් කළා. අවුරුදු 8කට තමයි සාමාන්‍යයෙන් එෆ්.ටී.පී. එකක් අත්සන් කරන්නේ. ඒ කාලේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, ද.අප්‍රිකාව සහ පාකිස්තානය වැනි ගොඩක් රටවල් අපට තරග සංචාර දුන්නා. නමුත් අපේ දක්ෂතා අඩුවෙනකොට ඊළඟ එෆ්.ටී.පී. එකේදී (2020 සිට 2024 හෝ 2028 දක්වා) අපට ලැබෙන තරග සංචාර අඩු වෙන්න පුළුවන්.
අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ටිකෙන් ටික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙමින් ඉන්නවා. විදෙස් රටවල ප්‍රේක්ෂකයන් දැන් අපේ රටේ ක්‍රිකට්වලට ආදරේ නැහැ. අපේ දක්ෂතා හොඳ නැති නිසා විදෙස් ක්‍රිකට් පාලක මණ්ඩල (විදෙස් ප්‍රේක්ෂකයන් අඩු නිසා) තරග සංචාර ලබාදෙන්න වැඩි කැමැත්තක් නැහැ. මේ හේතු නිසා ඉදිරියේදී අපට හොඳ රටවලින් තරග සංචාර නොලැබෙන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ක්‍රිකට්වල වටිනාකම අඩුවෙනවා. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අපට අපේ ක්‍රිකට් දියුණු කරගන්න තව තවත් අපහසු වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර තරග සඳහා ඇවිත් තියෙනවා. ජාත්‍යන්තර පන්දුවාර විස්සයි20 තරග තියෙනවා, අයි.පී.එල්. තරගාවලිය තියෙනවා, ඒ ඒ රටවල් සංවිධානය කරන ක්‍රීඩා සමාජ තරගාවලි තියෙනවා. නමුත් කැලැන්ඩර් එකේ තියෙන්නේ දින 365යි. ඒ නිසා ඉස්සර ක්‍රීඩා කළාට වඩා තරග ප්‍රමාණයක් අඩුවෙනවා. ඉතින් මේ සියල්ලම සලකා බලා, අපේ දක්ෂතා අඩුවුණාම, අපේ ජනප්‍රියත්වය අඩුවුණාම අපට ලැබෙන තරග සංචාර අඩු වෙනවා. ඉතින් මට කියන්නේ තියෙන්නේ මේ විදිහට ගියොත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් අගාධයට ගමන් කරනවා කියලයි.
මේක ක්‍රීඩා ඇමතිතුමාගේ අවධානය යොමුවිය යුතු කරුණක්, ඒ වගේම රජයේ අවධානය යොමුවිය යුතු කරුණක්. යම් විදිහකින් විදෙස් රටවලින් අපට ලැබෙන තරග සංචාර අඩු වුණොත් ඉදිරියේදී අපට ක්‍රිකට් ගහන්න වෙන්නේ සිම්බාබ්වේ, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය වගේ රටවල් එක්ක විතරයි. එහෙම වුණොත් අපට තරග විකාශන අයිතිය ලබාදීම තුළින් ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා, අනුග්රාහකයන් අඩු වෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියාරුවී යනවා. එවැනි බරපතළ තත්ත්වයක් තියෙනවා.” යැයි හිටපු ක්‍රිකට් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
– ada.lk
T20 peradunata kandayama hodai. Anjelo ekathuwunama ethi.0 ekathukarana chandimalla wayasata giya malinga, tharanga nethuwata kamak nehe. Pakistan giya set eka hadala gatha heki
ඉතිං මොකෝ සුමිතිපාලලා මෛත්‍රීපාලලා ( අපේ ජනාධිපති තාත්තා පොත ලියපු එක්කෙනාට) ගාන කැපෙනවා නේ
Sumathipaala ottu allapu saha allanna hithan inna widiya anuwa thamai ithin dan win da loss da theeranaya wenne. waidak nokara pissu kela kela inna ekabadde aya hoyanna ona sumathipalage accounts, race company eke accounts, sumathipalage family ginum saha sumathipalage call saha email history. Hariyata hoyanawanan bellenma allaganna puluwan !
This didn’t happen overnight. Quite a few people are responsible for this.
Ottupalala and wadurupalala responsible for current status of cricket
ඔව් ඕයි..ඔය හොඳටම ඇති…තවත් පුලුවන් නම්, අස්පයට කියලා, අන්දමන් දූපත, මැඩගස්කරය,..ඉතියෝපියාව, සෝමාලියාව කියන රටවල් වලත් කදුරු බෝල ක්‍රිකට් කණ්ඩායම් හදාල …හිටං…ගහමු..
When you look at the players now, they look bunch of weed smokers or Thugs. Do not shave their beards and looks like real madaviyas. There is a saying that your face showcases your hear. Can you imagine the caliber of cricketers we have had. Roy, Duleep, Rumesh, Madugalle, Wettimuni, Roshan, Arjuna, Hashan, All were pleasant and extremely talented than this bunch and moreover they had discipline to shave their beards and look like gentlemen. These players are not bothered about it and certainly look like loiterers and no talent inside as well. We should over haul our cricket with a new structure plus discipline to represent them the Nation in the International arena. Not like this. Think a second……..
Gon tharka
pasupela kreedakayanta hadenna awastawak nodunna ‘ sangakkara, mahela , mathews’ wage eun . unge madiya tara karagena , awasanaye meleo rahak nati kreedakayanta kandayama baradee mahaththuru wage gedara giya.
dan menna cricket iwaroo kiyala kagahanna epa. IPL yana kota api edaa kiwwaa. thope salli asawa nisa lankawe cricket iwarai kiyala.
oya asse thilanga sumathipalya ottu dala uth keeyak hari uth hoyanawa .
බුකී කාරයන්ට කැසිනෝ කාරටන්ට ක්‍රීකට් භාරදුන්නම ඔහොම තමයි. උන්ට ඕන සල්ලි විතරයි රටට ආදරේ නෑ…
ඒ වගේම සමහර ක්‍රීඩකයන්ටත් මැච් පැරදුනත් දින්නත් අවුලක් නෑ සල්ලි ලැබෙනව. රටට ආදරේ කරන උන් දැන් අඩුයි.
මේකට තමයි කියන්නෙ “රට බල්ලට සල්ලි පෙරට”