ශ‍්‍රී ලංකාව බරපතල තත්වයකට.. රාජිතගේ ගෝල සෞඛ්‍ය ලොක්කන් කොරෝනා පාලනය කණපිට පෙරලයි..

April 28, 2020 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව බරපතල තත්වයකට.. රාජිතගේ ගෝල සෞඛ්‍ය ලොක්කන් කොරෝනා පාලනය කණපිට පෙරලයි..

කොරෝනා ආසාදිතයන් රට පුරා තැනින් තැන මතු වීමත් සමග රට ශ්‍රී ලංකාව මේ වන විට බරපතල අවදානමකට ලක්වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වහා මැදිහත් වී කටයුතු කළ යුතු බවයි.

දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට එරෙහිව කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

හිටපු අමාත්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ හිතවතුන් පිරිසක් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශය සිටිමින් ඔහුගේ උපදෙස් අනුව මෙම කොරෝනා පාලනය කාරණය කඩාකප්පල් කිරීමේ කටයුතු සූක්ෂම සිදු කරමින් සිටින බවත් ඔහු චෝදනා එල්ල කළේය.

දැනට යම් මට්ටමකට රෝග ව්‍යාප්තිය පාලනය කර ඇතත් රෝග පාලනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග හා මග පෙන්වීම් ගැන සෞඛ්‍ය සේවකයන් නිසි අවබෝධයක් ලබා දී නැති බවත් ඔහු පැවසීය.

ඒ ආකාරයෙන් ක‍්‍රියාවලිය අඩපණ කරවීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පිරිස් බරපතළ ලෙස මැදිහත් වෙමින් ඇති බවත් ඔහු කියා සිටියේය.

රට පුරා ස්ථානවල මතුවෙමින් ඇති රෝගී පොකුරු ශ්‍රී ලංකාව දැඩි අවදානමකට ලක්ව කර ඇති බවත් කර එම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව උපරිම වශයෙන් සමාජ දුරස්ථභාවය රැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් නියෝජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

402 views

51 Comments to “ශ‍්‍රී ලංකාව බරපතල තත්වයකට.. රාජිතගේ ගෝල සෞඛ්‍ය ලොක්කන් කොරෝනා පාලනය කණපිට පෙරලයි..”

  1. Gini says:

    Should have locked him up long a go this guy’s are dangerous.

  2. පොහොට්ටුව says:

    මේවා දැක්කහම ජනාධිපති රනිල්ද කියලත් හිතෙනවා.

  3. namal says:

    weda beri ewun lakunu daganne anunta benala

  4. අපේ රට says:

    GMOU මුලසිටම “කොරෝනා”හමුවේ පෙනිසිටිය බව රටම දන්නා නමුත් පසුව ආ පිරිස් කරලියට පැමිනියේ ඊට පසුවය. දැනටත් GMOU ශාඛා “නියෙද්” පරික්ෂණ කරන බැවින් ඒවාගේ වැඩිවිමක් වන්නේනම් මොවුන් කියන ක්‍රමවේධවලට මතවේදයෙන් තොරව යාමට සිදුවෙනු ඇත. ජනපතිතුමනි මේ ඔබේ අවධානයටමය.

  5. Gona says:

    Munuth nikan Fonseka wage. yako niladari innwa eke eka anduwe, mun meka wawagena kanna hadanne. padadayo

  6. Jagath Silva says:

    suwapathi wajebewa

  7. ලංකාපුත්‍ර says:

    මේ අවධානමGMOA එක කොච්චරනම් කිව්වද ඒත් කිසි කෙනෙක් ගණන් ගත්තෙ නෑ ගණන් ගන්න බවක් පේන්නත් නෑ.මේ සී නිවුස් එකේම GMOA එකේ නිවුස් එකක් ගියොත් මිනිස්සු කොච්චරනම් මේ අයට බැනල අපහාස කරල කමෙන්ට් දාලා තිබුණද.අපේ මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ…ඒවගේම රට ඇතුලට වෙන්න පාරක ගිහින් බලන්න සීයයට අසූවක් ම පාරෙ ඉන්නෙ මුහුණු ආවරණයක්වත් නැතිව

  8. Kalana says:

    Iwra karanna bari nm maka bawila pala.thopi duwanneth chanda passe.okkoma eki ubala.dan baila gahapan.dan rajithita banapan.thope nosalakilla bolaw

  9. බාලි 6 යි says:

    සොයිසලගේ කට විතරයි. මේ හැම ගෝතයෙකුටම මාධ්‍ය සඛච්චා පවත්වනට ඉඩ නොදිය යුතුයි .

Main News