ශ‍්‍රී ලංකාව මන්දපෝෂණයෙන් පෙරටම.. ලෝකමය දිනන්න ආසන්නයි.. ආසියාවේ දෙවැනි තැන දිනයි..

April 18, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකාව මන්දපෝෂණයෙන් පෙරටම.. ලෝකමය දිනන්න ආසන්නයි.. ආසියාවේ දෙවැනි තැන දිනයි..

ජනගහනයට සාපේක්ෂව ඉහළම මන්දපෝෂණයක් තිබෙන දකුණු ආසියාවේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ “ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017” වාර්තාවේ සඳහන්ව තිබේ.

වසර 2014 සිට 2016 දක්වා දත්ත පදනම් කරගනිමින් මෙම වාර්තාව සකසා තිබෙන අතර ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ජනගහනයට සාපේක්ෂව සියයට 22.1ක් යැයි එහි සඳහන්ව තිබේ.

ජනගහනයට සාපේක්ෂව වැඩිම මන්දපෝෂණයක් සහිත රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයයි.

වසර 2004 සහ 2006 කාලයට සාපේක්ෂව මේ වනවිට මන්දපෝෂණය සියයට 7.3කින් පහත වැටුණද නවතම වාර්තාවට පදනම් කරගෙන තිබෙන වසර 2014 – 2016 කාලයේදී කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ඉහළ තත්ත්වයක පවතින බව ද මෙම වාර්තාවේ දැක්වේ.

දකුණු ආසියාවේ අඩුම මන්ද පෝෂණය සහිත රට වනුයේ සියයට 8.1ක අගයක් වාර්තා කර තිබෙන නේපාලයයි. ජනගහනයට සාපේක්ෂව මාලදිවයිනේ මන්දපෝෂණය සියයට 8.5ක් වන අතර ඉන්දියාවේ සියයට 14.5ක්, බංග්ලාදේශයේ සියයට 15.1ක් සහ පාකිස්තානයේ සියයට 19.1ක් වන බව ද එහි සඳහන් වේ.

ඇෆ්ගනිස්තානයේ දකුණු ආසියානු කලාපයේ ඉහළම මන්දපෝෂණ ප්‍රතිශතයක් වීමට එරට පවතින යුද ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

දකුණු ආසියානු කලාපයේ මන්දපෝෂණය ප්‍රතිශතයක් ලෙස සියයට 14.9ක් වන බවද මෙම වාර්තාවේ තවදුරටත් දැක්වේ

-Lankadeepa

11,244 Viewers

7 Comments to “ශ‍්‍රී ලංකාව මන්දපෝෂණයෙන් පෙරටම.. ලෝකමය දිනන්න ආසන්නයි.. ආසියාවේ දෙවැනි තැන දිනයි..”

  1. Wijebahu says:

    හරි හරි ඉතින් අපි දන්නව පහුගිය අවුරුදු තුනේ අපි ගොඩක් අංශ වලින් බංග්ලාදේශයටත් වඩා පහල ගියා කියල

  2. kadiya says:

    මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සෞඛය ඇමති මහා වාචලයට ජාත්‍යන්තර සම්මානයක් දියයුතුය. මේ යහපාලනයේ තවත් ජයග්‍රහණයකි.

  3. darshana says:

    නෙලුම් කුලුනු, නෙලුම් පොකුනු තියෙන, න්යිට් රේස් පැදපු, රොකට් යවපු, මිලියන 600ක් සිල් රෙදි බෙදපු, මිලියන් 39ක කැරම් බොඩ් බෙදපු, තවත් මිලියන 60 ගානක සොහොන් කොත් හදපු රටක ලමයින්ගෙන් 22% කට මන්දපොශනය? වෙන්න බෑ වෙන රටක වෙන්න ඇති. මේක අම්බානක සන්වර්දනය වෙලා තිබ්බ රටක්නේ.

    • Wijebahu says:

      හොරා කාපු ට්‍රිලියනෙන් අපි ඔය රටවල් හැම එකකම මන්දපෝෂණය නැති කරනවා.

  4. Amrais says:

    MaRa Horakaapu widihata ratatama mandaposhane hadune nathnam thama pudume .

  5. Gunaruwan says:

    Owwa monawada ? Api koti gananak watina wedi nowadina car muhude gillanawane. A record kadanna puluwan katada ?

  6. Mandaposhanaya says:

    මේකේ කොමෙන්ටු කොටන අමන හරක් රැල මොකක්‌ හරි නිව්ස් එකක් දැම්මම හරියට කරුණු හොයා බලන්නේ නැතුව උඩ පැනගෙන තප්පුලනවා විතරක් නෙවෙයි මේකේ රෙනවා. යකුනේ, ලංකාවේ මන්දපෝෂණය වර්ධනය වුණේ පහුගිය අවුරුදු තුනේ නෙවෙයි. 2000 ඉඳල 2017 දක්වා ආසියාවේ මන්දපෝෂණය තුරන් කිරීමේ අඩුම ප්‍රගතිය පෙන්නන්නේ ලංකාව. 2000 ඉඳලා 2017 වෙනකන් ලංකාව වැඩිම කාලයක් පාලනය කෙරුවේ කවුද? මොකා උනත් ඒකා තමා මේකට වැඩියෙන් වග කියන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ඔය මන්දපෝෂණ වාර්තාව ඉස්සෙල්ලා කියවපල්ලා ගොං කොමෙන්ටු දාන්න කලිං.

Main News