ශ‍්‍රී ලංකාව මරණ 18,000ක් කරා.. ඇදිරි නීතිය පනවන්න.. රට වහන්න..- ලෝක සෞඛ්‍ය සංවිධානය

August 13, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව මරණ 18,000ක් කරා.. ඇදිරි නීතිය පනවන්න.. රට වහන්න..- ලෝක සෞඛ්‍ය සංවිධානය

ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාරදී ඇත.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශ රැසක්ද ඉදිරිපත් කර තිබේ. සංචරණ සීමා දැඩි කිරීම, පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම, සුළු කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම, සියලුම මහජන උත්සව සති තුනකට තහනම් කිරීම, මහජන ඒකරාශි වීම් වැළැක්වීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කිරීම, ආසාදිතයන් හා මරණ නිවැරදිව ලබාදීම, වයස අවුරුදු 60 ඉක්මවූවන්ට කඩිනමින් එන්නත් ලබාදීම එම නිර්දේශ වෙයි.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයන් 30 දෙනකු සහභාගි වී තිබේ. පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාර ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් ඊට ඇතුළත් වෙති. අසිත ද සිල්වා, රජිව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලීක් පීරිස්, මංජු වීරසිංහ යන මහාචාර්යවරුන්ද මෙම වාර්තාව සකස් කිරීමට එක්වී ඇත.

උදයජීව ඒකනායක
– Aruna

202,832 views

28 Comments to “ශ‍්‍රී ලංකාව මරණ 18,000ක් කරා.. ඇදිරි නීතිය පනවන්න.. රට වහන්න..- ලෝක සෞඛ්‍ය සංවිධානය”

  1. මෝඩ බයියා says:

    ඔය වෛද්‍ය විශේෂඥයන් වගේද අට පාස් හමුදාවෙ උගත්කම අපි තමයි හොඳටම කළේ

    • Trotsky says:

      Any fool can suggest the closure of the country as the solution!

      Nevertheless people responsible for governing the country have so many other issues to think about.

      • saman says:

        Dear Troskey,
        Pls appear in front of a mirror. you can see your 2 hones by your self .
        Curse of the public will return as a tsunami soon for these idiots!.

    • Sumangala says:

      සජිත් ගේ බුද්ධිමතෙක් වගේ.

  2. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ ගුරුවරුන් විදුහල්පතිවරුන් සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ

    • Maha Sinhale says:

      ඔව් බන් ගොන් බයියෝ උබෙ හාමුල අහිංසකයි. 😀

    • dmk says:

      ගුරුවරයෙක් positive වෙනකන් හීන දැක්ක මූසිලයෙක්…. මෙච්චර දේවල් සිද්ධවෙන, සිද්ධවුන රටේ… අනේ ඉතින් මොකුත් නොකිය ඉන්නම්…

  3. LalithM says:

    ෂුහ්. මේ අය වගේද කාර්ය සාධක බළකාය. නොදන්න දෙයක් නෑ. කරන්න දන්න දේකුත් නෑ. පඩිනඩි දීමනා නම් ඉහලයි. ලංකාවේ කොම්පෝස්ට් වගේ. කලු පාටයි. පෝර වගෙයි.ඒත් පෝරත් නොවෙයි. කිසිම ගුනයක් නෑ. ඒත් ගානනම් ඉහලයි. අන්න ඒ විදියට තමා…

  4. Dr. Zee says:

    මේ රටේ දිය වැඩියාව​, කෙලෙස්ටරෝල්- හාට්, ස් ට්‍රෝක්, වකුගඩු , නිව්මොනියා වලින් වසරකට ලක්‍ෂයකට වඩා මැරෙනව​. කොරෝනා නිසා අසාද්‍ය වී මැරෙන ඔය 18,000 න් වැඩි දෙනෙකු ඒ අය.

    ඒ හින් දා රට වහල කෝටි 2 ජනතාවක් බඩ ගින්නෙ මරන්න කියන්නෙ මුන් කකුල් දෙකේ හරක් වෙන්න ඕන​.

  5. සමනා says:

    මයේ අප්පලා ඔය දේශීය කැඳ පැණි වගේ අනුමත ප්‍රතිශක්තිකරන ආහාර ගනිල්ලා හැදුනට මැරෙන්නේ නෑ මරණ අනුපාතය අනිවාර්යෙන්ම අඩුවෙනවා මේවාට ලොකු වියදමක් යන්නේ නෑ රට වහලා ‌‌රටේ ආර්ථිකේ විනාශ වෙනවා බලන්න ආස අය ඉන්නවා දොස්තරා දන්න සිංදුවම ගහනවා.