ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි.. පකිස්තානයට පැරදී අවසන් පූර්ව වටය අහිමි වේ..

June 12, 2017 at 11:05 pm | lanka C news
ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි.. පකිස්තානයට පැරදී අවසන් පූර්ව වටය අහිමි වේ..

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට පාකිස්තානය හා පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා පිල පරාජයට පත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 49.2 කදී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 236ට පිලිතුරු ලෙස පකිස්තානය පන්දු වාර 44.58කදී කඩුළු 07ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල මුල් වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවන අතර ඉන්දියාව, බංගලා දේශය, එංගලන්තය සමග පකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.

8 views

2 Comments to “ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි.. පකිස්තානයට පැරදී අවසන් පූර්ව වටය අහිමි වේ..”

  1. Harsha Munasinghe says:

    The reason is Yahapalanaya.

  2. siri says:

    අර අස්ප සුමතියගෙ පස්සට පයින් ගහල කොස්සෙන් ගහල එලවන්න ඕනේ අපේ ක්‍රිකට් වලට මේ කරපු වින්නැහියට. අනික කෝ අපේ රටේ ඉන්න අති දක්ෂ ක්‍රිකට් විස්තර විචාරකයන්ට මොකද උනේ?. මේ වගේ ප්‍රධාන පෙලේ තරඟාවලියකට ඒ එකෙක් වත් නොයැව්වේ ඇයි?..ඉන්දියාවෙන් හතර පස් දෙනෙක්ම ඒ වෙනුවෙන් යවලා තිබුනා..අපේ මැච් වලත් විස්තර විචාරය බාර දීලා තිබුනේ උන්ට..

Main News