ශ්රී ලංකාව යෝද පරාජයක් අබියස.. මුල් ඉනිමේ 183කට දැවී යයි..
August 5, 2017 at 12:40 pm | lanka C news
සංචාරක ඉන්දීය පිල සමග කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිමේදී ලකුණු 183කට සියල්ලන්ම දැවී ගිය ශ්රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා තවත් ලකුණු 439ක් පසුපසින් සිටී.
ඉන්දීය පිල සිය මුල් ඉනිම සදහා කඩුළු 09කට ලකුණු 622ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්රී ලංකා පිලට ලබා දුන්නේය. අද තරගයේ තුන්වන දිනයයි.
ගාල්ලේදී පැවති පළමු තරගයෙන්ද ශ්රී ලංකා පිල දැවැන්ත පරාජයක් ලැබුවේය.
තරගයේ ලකුණු පුවරුව මෙතනින්