ශ‍්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 05 අතරට…

October 12, 2021 at 6:40 am | lanka C news
ශ‍්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 05 අතරට…

ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රි ලංකාවත් එක්වෙයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ.

පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙලින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ හොදම සුවතා ගමනාන්තයක් ලෙස ද තෝරා ගැණුනි. පසුගිය වසරේ දි ද Conde Nast Traveler සගරාව පැවැත් වූ Readers Choice ශ්‍රේණිගත කිරිම් වල දි ශ්‍රි ලංකාව හොදම ගමනාන්තයක් ලෙස ශ්‍රේණිගත කිරිම් කර තිබිණි.

ලොව පුරා විසිරී සිටින Conde Nast Traveler සගරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.

ප්‍රදීප් අනුර කුමාර

32,838 views

6 Comments to “ශ‍්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 05 අතරට…”

  1. දුක හිතෙනවා says:

    ජෙප්පන්ට මේ සම්බන්ධව කුමක් හෝ කල හැකිද? වැඩ වර්ජන සහ උද්ඝෝෂණ කැදවා කොවිඩ් පතුරා රට නැවත වසා දමමුද?
    එතකොට පාලන බලය ලබාගැනිමට උත්සාහක් ගත හැකියි? ආණ්ඩුවක් ගත්තොත් මොකද?රටක් නැති වුනත් නේද?
    විශ්ව විද්‍යාල ළමයින් ටිකත් උද්ඝෝෂණ වලට කැදවමු. මේක ද උන් මෝඩයෝ මේ වේලාවේ පවතින ප්‍රශ්න නිසා දුර පෙන්නේ නැහැ. නායකයෝ උන අපේ ළමයින් යුරෝපයේ ඉගෙන ගැනිමට සහ පදිංචියට යවමු,

  2. මෝඩයා says:

    හැබැයි සමහරක් ලංකාව අතහැරලා දාලා යනව

  3. MD says:

    සජිත් අනුර කියන්නේ මේක රාජපක්ෂ පවුලේ වැඩක් කියලයි.

  4. ජනපති ද පිලිගන්නා ලෙස මේරජය ජනතා අප්‍රසාදයට පත්ව ඇත්නම්ද, යම් ලෙසකින් ඉදිරි පලාත් සබා මැතිවරනයකදී කුජීතවී යන්නේද, ඒ සදහා හේතුවන ප්‍රමුකතම කරුන වන්නේ , බැසිල් රාජපක්ශ විසින් සිදුකරන, ජාතික සම්පත් විකිනීම සහ ඔහුගේ බත්බැල රැල වන සාගර කාරියවසම්ද, තිස්ස කුට්ටිආරච්චි, ලන්සා, වැනි මෙකී නොකී අන්තේවාසිකයන්ගේ වහසිබස් සහ කියුම් කෙරුම්ද බව සිහිතබා ගත යුතුය.

  5. Kalu Albot says:

    Ara American Sanchaarakayaata peya pahen Lankaawa Epaa welaa aapahu giye mokada danne naha!

  6. Mtmmanvar says:

    Ekane Ara America tourisla denna aapugaman aapahu yanna giye. Nikam baila kiyanna epa. Tamuse LA.