ශ‍්‍රී ලංකාව ලෝක යුද්දයක පැටලේ.. ජපාන ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරයේ තිරය පිටුපස කතාව මෙන්න..

August 24, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ලෝක යුද්දයක පැටලේ.. ජපාන ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරයේ තිරය පිටුපස කතාව මෙන්න..

දින කීපයකට පෙර ජපානයේ ආරක්ෂක ඇමතිවරයා හදිසියේ ලංකාවට පැමිණ හම්බන්තොට වරාය චීනය විසින් යුධ කටයුතු සඳහා යොදා නොගතයුතු යැයි ප්‍රකාශයක් කිරීමට අදාළ තිරය පිටුපස කතාව පිළිබඳ  ලංකාවේ ජනතාව දැනු වත් වියයුතුයැයි දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

“2007 වසරේදී අමෙරිකාව ඉන්දියාව ඕස්ට්‍රේලියාව හා ජපානය  ඒක්ව ගිවිසුමක් ඇතිකරගත්ත  චීනයට ඒරෙහිව ආරක්ෂක සන්ධනයක්  සඳහා ඔවුන් දුටුවා ඉන්දිය සාගර කළාපය තුළ අනාගතයේ චීනය යුධ තර්ජනයක් වියහැකිය කියා.

අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආවාට පසු 2017 දී මෙම සන්ධානය  යළි පනගන්වනු ලැබුවා. ඒ් අනුව හදිසියේ ජපානයේ ආරක්ෂක ඇමතිවරයා ලංකාවට ඒන්නේ අමෙරිකාව ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව ද නියෝජනය කරමින් බව අපි වටහාගත යුතුයි. මේ ගමනේ දී ජපානයේ ආරක්ෂක ඇමතිවරයා හම්බන්තොට හා ත්‍රිකුණාමල වරායන් පරීක්ෂා කළා. අපිට දැනගන්න ලැබී තිබෙනවා යම් ආකාරයකට ත්‍රිකුණාමලය වරාය හා සම්බන්ධවීමට ජපාන සාකච්චඡා කරමින් ඉන්නවා කියා.

යම් විදිහකින් අපේ අදුරදර්ශි ආණ්ඩුව ත්‍රිකුණාමලය වරාය ජපානයට දුන්නොත් ඒ් පිටුපස අමෙරිකාව ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව සිටින බව අපි දැනගතයුතුයි. දැන් වැඩේ හරිම අපූරුයි හම්බන්තොට චීනයට, මත්තල ඉන්දියාවට, ත්‍රිකුණාමලය ජපානය හරහා අමෙරිකාවට දුන්හම අනාගතයේ මේ කළාපයේ ඇතිවිහැකි යුද්ධයක නිසැකවම ලංකාව පැටලෙනව.

ලංකාව ඉතිහාසය පුරා විදේශ රටවල් සමග සාමකාමී සබඳතා පවත්වපු රටක්. 1977ට පෙර අපි නොබැදි ජාතියක් ලෙස ලෝක බලවතුන් කාගේත් හොදහිත දිනාගෙන සිටිය. මේ තත්ත්වය නරක්කරගත්තේ නොබැදි ප්‍රතිපත්තිය අතහැර ඒදා අමෙරිකාවට මුක්කුගහන්න ගොස් ඉන්දියාව තරහ කරගත් ජේ. ආර්. ජයවර්ධනයි. ඔහුගේ අනුවන විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වුණේ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අපමත ඉන්දු ලංකා ගිවිසුම පටවනු ලැබ 30 වසරකට ආසන්න කාලයක් ලංකාවට ත්‍රස්තවාදයෙන් බැටකන්නට සිදුවීමයි. දැන් ජේ. ආර්. ගේ බෑනා රනිල් වික්‍රමසිංහගේ අදුරදර්ශි විදේශ ප්‍රතිපත්තිය නිසා   ඒකිනෙකාට විරුද්ධ යුධ බලවතුන් කිහිපදෙනෙක්ම ලංකා භූමිය තුළ ස්ථානගතවෙන්නට යනව  ඒ්නිසා අනාගතයේ ඇතිවිය හැකි කළාපීය යුද්ධයකදී ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව අනතුරේ වැටෙන බව ඉතා පැහැදිලියි.”

– චමින්ද කරුණාරත්න

157 views

3 Comments to “ශ‍්‍රී ලංකාව ලෝක යුද්දයක පැටලේ.. ජපාන ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරයේ තිරය පිටුපස කතාව මෙන්න..”

  1. Love nature says:

    Japanese Colonialism

    The Japanese colonized Korea, Taiwan, Manchuria and islands in the Pacific. After defeating of China and Russia, Japan began conquering and colonizing East Asia to expand its power.

    The Japanese victory over China in 1895 led to the annexation of Formosa (present-day Taiwan) and Liaotang province in China. Both Japan and Russia claimed Liatong. The victory over Russia in 1905 gave Japan the Liaotang province in China and led the way to the annexation of Korea in 1910. In 1919

    • දර්ශන says:

      එදා ජනවාරි අටට ප්‍රථම සමාජ ජාලා හරහා අපේ පත පොත නොකියවන ලෝකය ගැන ලෝක දේශපාලනය ගැන නොදන්නා ජනතාවට චීන භීතිකාවක් ඇතිකර මහින්ද රජය පෙරලා දමන්න ලෝක බලවතුන් ක්‍රියාකලා ඔවුන් එසේ කලේ චීනය ඔවුන් අබිබවා යමින් පවතින නිසයි .
      නමුත් මේ රටේ ජනතාව චීනය අපේ සතුරා නොව මිතුරා බවත් සැබෑ සතුරා ඉන්දියාව ,බටහිර රටවල් සහ ජපානය බවත් තේරුම් ගත්තේ නෑ.අද ජපානය ,ඔස්ට්‍රේලියාව ,යුරෝපය ,ඇමෙරිකාව ඉන්දියාව ආදී රටවලට චීනය හා තරග කිරීමට නොහැකි වී තිබෙනවා එනිසා ඔවුන්ගේ ඉලක්කය චීනයට විරුද්දව රටවල් උසිගැන්වීම හා චීන ආර්ථික සහයෝගීතව බිඳදමා රටවල් විනාශ කිරීමයි .එහි මංගල පියවර ශ්‍රී ලංකාවයි .
      චීනය කිසිම විටෙක රටවල අබ්යන්තර දේශපාලනයට අතපෙවීම් කර නෑ .ඒ ඒ රටවල ත්‍රස්තවාදීන් පෝෂණය කර ඔවුන්ට ආයුද සපයා බොරු සාම ගීවිසුම් මගින් ත්‍රස්තයා ශක්තිමත් කරමින් රටවල් විනස කරන්නේ ජපානය ,ඇමෙරිකාව ,යුරෝපය ,ඉන්දියාව යන රටවල්ය .
      සිංහලයා මේබව හොඳින් අවබෝදකරගෙන තම සැබෑ සතුරා කවුද යන්න දැනගැනීම වැදගත්

  2. sunimal says:

    How did Japan Invade China in WWII?

    https://www.youtube.com/watch?v=MaDeB84WNjA

Main News