ශ‍්‍රී ලංකාව වැඩිම පරාජ ලයිස්තුවෙන් දෙවැනි තැනට.. තව එකක් පැරදුනොත් වැඩිම පරාජිතයන්ගේ මුල් තැනට..

October 16, 2017 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාව වැඩිම පරාජ ලයිස්තුවෙන් දෙවැනි තැනට.. තව එකක් පැරදුනොත් වැඩිම පරාජිතයන්ගේ මුල් තැනට..

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම 2017 වසරේදී එක්දින ජාත්‍යන්තර තරග 22කට සහභාගී වී ඉන් 17ක් පරාජය වී ඇත.

මෙය ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් කණ්ඩායමක් වසරක් තුල පරාජය වූ දෙවන වැඩිම තරග සංඛ්‍යාව වෙයි.

බටමිර ඩන්දීය කොදෙවු පිල 2009 වසරේදී තරග 21කට සහභාගී වී තරග 17ක් පරාජය වී පරාජය ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවිය.

වසරක් තුල වැඩිම පරාජයන් ලයිස්තුවේ මුල් ස්ථානයේ පසුවන්නේ 1994 වසරේදී නවසීලන්ත කණ්ඩායම තරග 27 කට සහභාගී වී තරග 18ක් පරාජයට පත් වීමයි.

මේ දිනවල පාකිස්තානය සමග පැවැත්වෙන තරගාවලියේ තවත් එක්දින තරග 04ක් ඉතිරිව ඇති අතර ඉන් එකක් පරාජය වුවහොත් වැඩිම තරග ගණනක් පරාජය වීමේ සම තැන් ලබන අතර දෙකක් පරාජය වුවහොත් වැඩිම පරාජ ලයිස්තුවේ පළමු තැනට පත්වීමට ඉඩ තිබේ.

28 views

6 Comments to “ශ‍්‍රී ලංකාව වැඩිම පරාජ ලයිස්තුවෙන් දෙවැනි තැනට.. තව එකක් පැරදුනොත් වැඩිම පරාජිතයන්ගේ මුල් තැනට..”

  1. LION says:

    සිංහලේ සිංහයන් පරදින ජාතියක් නොවේ ජය අපිටය බුදු සරණි

    • asaranaya says:

      අපේ කැරිකට් ක්‍රීඩකයන්ට බුකි රජාගෙයි, රිලාසිරියගෙයි ග්‍රහා ඒරාශ්ඨකය බලපාලා. මුන්ට යන එන මන් නැහැ, අර නලීන් බන්ඩාරයා කිව්වෙ රානි අලයගේ පින් බලෙන් කැරිකට් මැච් දිනනවා කියලනේ , කෝ ඔය නලීන් බන්ඩාරයා කියෙන එකා, ඒකාගෙ කටවහා අපෙ කැරිකට් කාරයන්ට වැදිලා.

  2. ඔහොම ගියොත් අගමැටියා තියපු ලෝක වාර්තාවත් කඩයි වගේ

  3. namel says:

    indiyawedi thawa 3k thiyenawa november wala , bayawenna epa. recod eka apita sure.

  4. Gunaruwan says:

    Ara Vandersay kiyana hadaya team ekata gahapu eka match ekakwath Lankawa thama dinala na kiyanne aththada ?

Main News