ශ‍්‍රී ලංකාව සංවර්ධනය වූ රටවලට සමාන වෙයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්..

March 4, 2018 at 5:30 pm | lanka C news
ශ‍්‍රී ලංකාව සංවර්ධනය වූ රටවලට සමාන වෙයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අවමවීම සහ සජීවී දරු උපත් සංවර්ධනය වූ රටවලට සමාන අගයක් ගැනීම අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සදහන් වන්නේ සජීවී දරු උපත් නිරෝගී රටවලට සහ ඇමරිකා එක්සත් ජනපදයට වැනි රටවල දත්තයන්ට සමාන වී ඇත්තේ ශ්‍රි ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අවම වීම හේතුවෙනි.

වළක්වාගත හැකි මාතෘ හා ළදරු මරණ තුරන් කිරීමට ශ්‍රි ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කර ඇත. ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබාදෙමින් මාතෘ මරණ අවම කිරීම ජයග්‍රහණයක් බව එම සංවිධානය සදහන් කරයි.

ගර්භනී අවධියේ දී අධිරුධිර පීඩනය, අධික රුධීර වහනය හේතුවෙන් සියයට 15 ක් පමණ ජීවිත අවධානමක් පවතී. විධිමත් ප්‍රතිකාර නොලැබුනහොත් ගර්භනී මාතාවන් මියයාමේ තත්ත්වයක් ද පවතී.

ගෝලීය වශයෙන් බලන විට ගර්භනී තත්ත්වයේ දී සහ ප්‍රසුතීයේ දී වසරක් තුල ලක්ෂ 03 කට ආසන්න කාන්තාවන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවලින් වාර්තා වෙයි.

මාතෘ මරණ අවම කර ගැනීමේ ඉළක්ක ශ්‍රී ලංකාව මේ වනවිට ජයගෙන ඇත. ළදරු මරණ අනුපාතය ද අඩු වී ඇත. එය වෙනත් රටවලට ආදර්ශයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා විධිමත් කිරීම තුලින් එම ජයග්‍රහණය ලගා කර ගැනීමට හැකි වූ බව මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

– ප‍්‍රසන්න අධිකාරී

226 views

8 Comments to “ශ‍්‍රී ලංකාව සංවර්ධනය වූ රටවලට සමාන වෙයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්..”

  1. ඩොකා මල්ලි says:

    දැන් ඩොකාලට බනින උන් කෝ… ලංකාවේ ප්‍රමිතිය කොහොමද?
    නෙවිලට දුන්න නම් කොහොමට හිටීද?

    • ranjith fernando says:

      දැන් මේ වර්ධනය වෙලා තියෙන්නෙ මේ පහුනු අවුරුදු දෙකේදිද

  2. Dubba says:

    සෞඛ්‍ය විතරක් නෙවෙයි රටේ ආර්ථික දත්තත් මේ වෙනකොට දියුණු වෙලා මහින්ද හිටියනම්. බැංකු ටික හොරා කෑවේ නැත්නම්.

  3. daminda says:

    pawul saukkya sevawae jayakk

  4. After all, a happy news to hear !

  5. Perera says:

    අවුරුදු දෙකහමාරක යහපාලන විප්ලව මේව තමා. අපි රට බාරගන්නකොට ළමයි දෙන්නෙකුට එකෙක් මැරෙණ රටක් රාජපක්ෂය බාරදීල ගියේ.

    • rambanda says:

      නෑ බං ඒකාලෙ කොටින් අම්මගෙ කිරි බිබී හිටපු ලදරුවො උදුරල බිත්තියෙ ගහල මැරුනනෙ තොපි ඉතුරු වෙච්ච එකයි වැරැද්ද. හාද කියාපන් එහෙනං

  6. suba says:

    This is not yamapalana work.. only because of well trained and responsible Doctors and nurses still we have in sri lanka..Only Mr.Rajitha just doing politic

Main News