ශ‍්‍රී ලංකා ආර්ථිකය කාල බෝම්බයක්.. ඔ්නෑම මොහොතක පුපුරා යනු ඇත…- ජාත්‍යන්තර මාධ්‍ය කියයි..

November 6, 2021 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකා ආර්ථිකය කාල බෝම්බයක්.. ඔ්නෑම මොහොතක පුපුරා යනු ඇත…- ජාත්‍යන්තර මාධ්‍ය කියයි..

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයකට සමාන කළ හැකි බව nikkei සගරාව වාර්තාවක් ප‍්‍රසිද්ධ කර තිබේ.

විදේශ සංචිත පහළ වැටීම, ජීවන වියදම ඉහළ යාම, මුදල් මුද්‍රණය වැනි කාරණා මත ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි එම වාර්තා දැක්වෙයි.

ඔක්තෝබර් මාසයේදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 130 ක් ඉක්ම වූ මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවත් පවසන එම වාර්තාව මෙම තත්ත්වය ග්ලැසියරයක උඩ කොටස පමණක් යැයිද කියා සිටී.

අදාල සම්පූර්ණ වාර්තාව මෙතනින්…

73,769 views

9 Comments to “ශ‍්‍රී ලංකා ආර්ථිකය කාල බෝම්බයක්.. ඔ්නෑම මොහොතක පුපුරා යනු ඇත…- ජාත්‍යන්තර මාධ්‍ය කියයි..”

  1. Silva says:

    මේ වගේ අමාරු කාල ඕන තරම් පහු කරලා තියනවා.

    • sunimal says:

      මින් ඉදිරියට මේ 225න් එකෙක්ට ඔබේ වටිනා චන්දේ නොදෙන්න.

    • Sahan says:

      සිම්බාබවේ එහෙමත් මෙහෙම තමා.
      මොනවා උනත් අපිට ඉන්න රටක් තියෙන්නේ පොහොට්ටුවයි මහින්ද මාතිත්‍යා හින්දයි.

      • මරා says:

        යකෝ..මහින්ද මහත්තයයි….උගේ පව්ලේ උනුයි කියන්නෙ මොනවා උනත් උන්ට ඉන්න ඇමරිකාව තියනවා කියලා…

      • yakka says:

        Yako thopi wage goboya nisa thami rata nathi wenne

  2. Raminda says:

    සිරි ලාංකිකයන් වශයෙන් අප වැපිරූ දේ අප නෙලනු ඇත.අපිට ඕනැ වුනේ බදු අඩු, සහනාධාර වැඩි පෙන්ශන් සමෘද්ධි වගේ දේවල් දෙන ආණ්ඩුවක්නෙ. ඉතිම් එන එන ආණ්ඩුත් ඡන්ද බලාගෙන ණය අරං කන්ඩ දුන්න..කාලම වරෙවු දැන් කියල..!

  3. Darshana abayakoon says:

    ජාතියන්තර මාධ්‍ය මොනව කිව්වත් රාජපක්ශ වරුන් විසින් ඇති කල යොධ සංවර්ධන වියාපෘති වල ප්‍රතිලාභ අද ජන්තාව බුක්ති විදිනවා. අපිට තියෙනව අති නවීන වරායක් හම්බන්තොට, නවීන ගුවන් තොටුපොලක් තියෙනව ලෝකෙ ඔනේම විශාල ගුවන් යානයක් බාන්න පුලුවන්. ලොකේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගනය හම්බන්තොට තියෙනවා. දකුනු ආසියාවේ උසම ලයිට් පත්තුවෙන කුලුණ අපිට තියෙනවා තව කාපට් අතුරපු නවීන මාවත් කිලොමීටර් ලක්ෂ ගානක් අපිට තියෙනවා. මුහුද ගොඩ කරලා හදපු නගරයක් අපිට තියෙනවා. මේ සංවර්ධනය දැකල විදෙස් මාධ්‍ය කාරයොන්ට පැලියාව.

  4. කොළ Jeppa says:

    හුරේ! දැන් අපේ වාරයයි! දැන් සටන පටන් ගනිමු! 88-89 වගේ බස් ගිනි තියමු, ලයිට් කණු කඩමු, මිනි මරමු.

  5. benty says:

    .නිරුපමාගේ සොරාගත් මුදල් නැවත රටට ලබා දෙන්න …