ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා..- සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි..

July 2, 2021 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා..- සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් හැසිරෙන ආකාරය බොහෝ කලකිරවන සුලු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ එංගලන්තයේදී ‘ස්කයි’ රූපවාහිනී සේවයේ විස්තර විචාරක වූ වශයෙන් කටයුතු කරමින් සිටියදීය.

ශ‍්‍රී ලංකා එංගලන්ත පලමු එක්දින තරගයෙන් අනතුරුව රූපවාහිනි සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට කඩාවැටීමට ප්‍රධාන හේතු වී ඇත්තේ දේශීය ක්‍රිකට් තරඟාවලියේ පවතින දුර්වල තත්ත්වය බවද ඔහු එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලෝකය තුළ සාර්ථක කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණ නම් දේශීය තරගවලින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් නිර්මාණය කරන ආකාරයට වෙනස් විය යුතු බවද ඔහු තව දුරටත් පැවසීය.

63,688 views

19 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දැක්කාම බොහෝම කලකිරෙනවා..- සංගක්කාර විදෙස් මාධ්‍යයට කියයි..”

  1. කුඹුක්කණ් says:

    බෝන් අගේන් , ක්‍රිස්තියානි අන්තවාදී ගෝත්‍රික ලිං මැඩියන් විසින් විනාශ කර දැමූ වග කියන්න බැරිද?
    නායක්කාර මැතිතුමෝ..

  2. Saman says:

    මෙයා තොත්ත බබා. බයින් ඇන්ඩ් සෙලින් ගේම් එක පටන් ගත්තෙ මෙයයි අනික් ලෙජන්ඩ් පොරයි. ඊට පස්සෙ තමයි ක්‍රිකට් වැටෙන්න ගත්තෙ . ක්‍රීඩකයො මැනේජර්ලට හදුන්වා දීලා උන්ව වලට ඇදලා විනාශ කරන්න පාර කැපුවා ..ipl එකට ඉන්දියාවට කඩේ ගිහින් ලංකාව පාවා දුන්න ..

    • Sunil says:

      I 100% agree with you. Thses two greedy stupids, Mahela and Sanga are responsible for the downfall of the cricket in Sri Lanka.
      Paved the way for hiring managers to negotiate deals to make money.

  3. ගොනාට අo says:

    ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශය කරා යනඑක නතරකරන්න වහාම අන්තර් කාලින කමිටුවක් පත්කරනවා ඇරෙන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඒකට දැන් පත්වෙලා ඉන්න හාල්පාරුවෝ නැතිව අර්ජුන, සංගා, මහේල වගේ රටේ ආදරේ දිනාගත්තු සෙට් එකක් පත්කරගත්තොත්, ඔවුන් විසින් ටීම් එක ගොඩගන්නවා විතරක් නොවේ රේස් කාර පරයන්ට පිමිපිකම් නොකරණ සහ රටට, ක්‍රිකට් වලට ආදරේ කරන පාලක මණ්ඩලයක් පත්කරගන්න පාර හදන්නත් ඕන. බලමු ඇමතිගේ දක්ෂකම්. මේ මූලික පරික්ෂනේ පාස් වුනොත් ඇමතිගේ දේශපාලන අනාගතෙත් හොඳයි. බලමු.

    • කොහෙද මුන් රටට අාදරේ මගෙන් අහගන්න එපා. මුන් මැච් පිටින් විකුනපු සෙට් එකක්. එකනේ කාසාය බිල වගේ ඉන්නෙන

  4. John says:

    සංගක්කර කියන්නේ ජත්‍යන්තරව ඔහුට පිලි ගැනීමක් තිබුනත් ලංකවේ සනත් අර්ජුන අරවින්ද මහානාම වගේ ලංකිකයින් අතර ඔහුගේ නම රැදී නෑ .ඔහු ඉතාම බටහිර ගැති ලාංකිකියෙක් කීමටව අකමැති මුදල්වෙනුවෙන්ම කාලය කැප කරන පුද්ගලයෙක්. මුදල් ලැබෙනවානම් මත් ද්‍රව්‍ය දැන්වීමකට උනත් පෙනී සිටීමට පසු බට නොවන ආත්නාර්තකාමී පුද්ගලයෙක්.

  5. Elmo Perera says:

    CURRENT BOARD AND SELECTION COMMITTER MUST GO.INTERIM COMMITTEE IS THE ANSWER FROM DAY CURRENT BOARD TOOL OVER FROM PREVIOUS ELECTION LOSSES WERE PROMINENT

  6. බයියා says:

    විනයක් නැති තැන ක්‍රීඩාවක් පවතින්නේ කොහොමද? මොන වැරදි කලත් දඩුවමක් නැහැ . ප්‍රසිද්ධියේ මිනීමරපු එකාට දඩුවම් දුන්නේ නැහැ ඉතින් ඌ දැන් වැඩිපුර වැරදි කරනවා. රාත්‍රි කාලෙ ජය්ව බුබුල උල්ලංඝනය කරලා වල්කමේ ගියත් දඩුවම් දෙන පාටක් නැහැ. ඉතින් ක්‍රීඩාවක විනය දක්ශකම් එන්නේ කොහොමද ?

  7. Saman kumara says:

    මේකෙ කමෙන්ට් කරල තියෙන සම හරක්ට තේරෙන්නෙ නෑ සංග කියන දේ..ලංකාවේ මුල්පෙල තරඟාවලියේ කලින් තිබුනේ ටීම් 10යි. ඒක 24ක් කලා තිලංග සුමතිපාලට ලේසියෙන්ම ක්‍රිකට් පාලනයට පත්වෙන්න පුළුවන් වෙන්න ඒ කණ්ඩායම් වල චන්දයෙන්. ඒ කාලේ මතය වෙලා තිබ්බෙත් ලංකවේ මුල් පෙල කණ්ඩායම් 10ත් වැඩියි කියන එකයි. ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා කලත් ක්‍රිකට් වල ගුණාත්මක භාවය අඩු උන එකයි උනේ. මේ කණ්ඩායම් වලින් එන ක්‍රීඩකයන් අන්තර්ජාතික මට්ටමේදී අසාර්ථක වෙනවා. මේක හරි ගස්සන්න නම් ආයෙම කණඩායම් ප්‍රමාණය අඩු කරල තරඟකාරීත්වය වැඩි කරන්න ඕන.

    • Independent Buwa says:

      ඇත්ත ස්හෝදරයා, මේකේ කොටන එවුන්ට ඕවා තේරුම් ගන්න බැහැ ,

  8. kenken says:

    best thing to do is leave cricket to u.s and find some vilage game that no one can play but us .

  9. Russel says:

    සංගක්කාරයි, මහෙලයි ඔවුන් දෙදෙනාගේ ජනප්‍රියතාවය තියා ගැනීමට ඔවුන් නවක ක්‍රීඩකයින්ට ඉදිරියට ගත්තේ නැහැ. ඔවුන් දෙපල තමයි ලංකාවේ ක්‍රිකට් විනාශකලේ.දැනටත් ඒ දේම සිද්ද වෙනව.දක්ෂ ක්‍රීඩකයින් නැති කරනවා වක්‍රාකාරව.අලුත් ක්‍රීඩකයින් ලෝකයේ ජනප්‍රිය වුණාම ඔවුන්ගේ ජනප්‍රියතාවය අඩු වෙනව.

  10. MD says:

    බලද්දි මෙයයි ෆොන්සේකායි කාසියේ දෙපැත්ත වගේනේ.තමන්ගේ රට පාවා දෙන දේශදෝහියෙක්නේ.කුහක කුජීතයෙක්නේ.කනගාටුව පලකරමි.

Main News