ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ICC සාමාජිකත්වය අත්හිටුවයි..?

January 18, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ICC සාමාජිකත්වය අත්හිටුවයි..?

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවැත්විය යුතු නිලවරණය නියමිත දිනයේදී නොපැවැත්වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තුල ශ‍්‍රී ලංකාව දරන සාමාජිකත්වය අහිමි වන්නේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ඡන්ද විමසීමකින් තෝරා ගන්නා කමිටුවත් අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය වෙත් පෙබරවාරි 14 දාට කලින් යැවිය යුතු බවත් එසේ නොකලහොත් ජූනි මස පැවැත්වෙන මහ සභාවේදී ශ‍්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවනු ඇතැයිද හිටපු සභාපතිවරයා කියයි.

ඉන් පසු නැවත සාමාජිකත්වය ගත හැක්කේ 2020 ජුනි මාසයෙන් පසුව බවත් එසේ ගත හැක්කේද ඡුන්ද විමසීමකින් පත් කරන කමිටුවකින් ඉල්ලීමක් කිරීමෙන් පමණක් යයිද ඔහු පෙන්වා දෙයි.

පෙබරවාරි මස 07 වැනිදා වන විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා අවසන් කල යුතු බවට අන්තර්ජාතික ක‍්‍රිකට් ආයතනය දන්වා ඇතත් එය 21 වැනිදා තෙක් කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර තිබීම ගැන අදහස් පල කරමින් සුමතිපාල මහතා මෙම අදහස් පල කලේය.

17,137 Viewers

2 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ICC සාමාජිකත්වය අත්හිටුවයි..?”

  1. john the baptice says:

    මහ බැංකුවට වැඩදිලා දැන් ක්‍රිකෙට් එකටත් වැඩක් දෙන්න යන්නේ ලැජ්ජයි

  2. Sam says:

    Samajikathwaya thibunath wadak na.
    Dan hamadama gahana gahana match aka paradai.

Main News