ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් නීති කඩා හෝටලයේ අරක්කු සාදයක.. වහාම තහනමක්..

July 22, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් නීති කඩා හෝටලයේ අරක්කු සාදයක.. වහාම තහනමක්..

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ හෝටලයක නිරෝධායනයට ලක් කර සිටියදී විනය විරෝධීව හැසිරුනු ‍ක‍්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකටත් ඔවුන් භාරව සිටි නිලධාරීන්ටත් තාවකාලික තරග තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන් භාරව සිටි නිලධාරීන්ට අදාළ විනය පරීක්ෂණ අවසන් වනතුරු තරග වලට සහභාගී වීම මෙසේ තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් එම පිරිස අතර සිටින ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩකයන් දෙදෙනකුට පමණක් ඒ සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබෙන අතර ඊට සහභාගී වීමෙන් පසු ඔවුන් දෙදෙනාට ද තාවකාලිකව තරග තහනමක් බලපැවැත්වෙනු ඇත.

ඔවුන් හෝටලයේ නිරෝධයට ලක්ව සිටි අතරතුර දී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩමින් මත්පැන් සාදයක් පැවැත් වූ බවට එල්ල වූ පැමිණිල්ලක් මත මෙම පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සොයා විමර්ශනය කිරීමට රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබේ.

100,353 views

8 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් නීති කඩා හෝටලයේ අරක්කු සාදයක.. වහාම තහනමක්..”

  1. Soma says:

    බාලාංශයේ ඉදන් දරුවන්ගේ විනය ගොඩනැගිම සිදුකළ යුතුයි . නොඑසේනම් රටට හානිකර වැඩිහිටියන් සමාජගතවීම වැළැක්විය නොහැකියි .

  2. බිංකුණ්ඩා says:

    විනය පරීක්ෂණේට පත් කරල ඉන්නෙ නම් පට්ටම විනය ගරුක පොරක්

  3. nivataya says:

    sports minister pay your attention rather interfering other ministries and their work. open your eyes for what you were assigned as sports minister. see the dicipline under your control.

  4. බූරු ජෙප්පා says:

    මේ රැලම එලවා දමන්න වටිනවා. ලන්කාවෙ මිනිස්සු දහස් ගානක් කන්න නැතිව ඉන්න කාලෙ මුන්ට රජ සැප දීල ක්‍රිකට් ගහන්න කිව්වාම මුන්ට මතක් වෙන්නේ අඩි පුඩි ගහන හැටියි ගනිකාවන් පස්සේ පන්නන එකයි. මුන් විනය කඩන හැම වතාවේම මුන්ට වියදම් කරපු මුදල් අයකර ගන්න ඕනෑ. විනය පිලිපදින්නේ නැති ගස් බල්ලන් බවට මුන් ඔක්කොම පත් වෙලා තියෙන්නේ.

    • සිරිසේන says:

      🤣🤣🤣 හරියට කියවලා ඉදපන් ඔක්කොටම කලින්. ක්‍රිකට් ගැන නෙවෙයි කියන්නෙ

  5. අතුල සෞදි says:

    රටේම බාර් ඇරියේ ආර්ථිකය හදන්න නම් ,මිනිස්සු බොන්නැතුව කොහොමද ඒක කරන්නෙ? මල විකාර

  6. අසා දැනගත් දේ says:

    රජා අවුල් ගියාම සියල්ල අවුල් යනවලු. අනේ මන්දා මුං බොන්ඩ පටං ගත්තේ…. අර ඔලිංපික්… එක්කො ඕන් නෑ.

Leave a Comment

Main News