ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 40කගේ අත්සනින් ක‍්‍රිකට් ආයතනයට ලිපියක්.. තරග පාවාදීම් ගැන පරීක්‍ෂණ ඉල්ලති..

September 22, 2017 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 40කගේ අත්සනින් ක‍්‍රිකට් ආයතනයට ලිපියක්.. තරග පාවාදීම් ගැන පරීක්‍ෂණ ඉල්ලති..

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම, හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක්ද වෙන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ක්‍රිකට් ආයතනය භාර දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායකයන්වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග විසින් මෙම ලිපිය ක්‍රිකට් ආයතනයට භාර දී ඇති බව වාර්තා වෙයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා එහිදී පසුගිය ඉන්දීය තරගාවලිය පිළිබඳව කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ක්‍රිකට් ක්‍රීඩකයන් එම ලිපිය මගින් පවසා ඇති බව සඳහන් වෙයි.

ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අස්වාභාවික ලෙස තරග පරාජය වූ බවත් තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවටත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ චෝදනා කර තිබුණි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බවත් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිකරන ලෙසත් එම පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන්ගේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ක්‍රීඩකයන් ලිපියේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

– ada.lk

22 views

2 Comments to “ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 40කගේ අත්සනින් ක‍්‍රිකට් ආයතනයට ලිපියක්.. තරග පාවාදීම් ගැන පරීක්‍ෂණ ඉල්ලති..”

  1. hitan gedara appuhami says:

    ඔය පරීක්ෂණය ක්‍රිකට් බෝඩ් එකෙන් කරලා වැඩක් නැහැ. ඕක බාර දෙන්න CID එකට.
    අපිටත් සැකයක් තියෙනවා පහුගිය කාලය පුරාවටම තරග වලදී මොනවා හෝ වැරදි දෙයක් වෙනවා කියලා.
    බෝඩ් එකෙන් පිට අය මේවා හොයන්න ගියොත් ලංකාවට හොද නැහැ, ලංකාවේ ක්‍රිකට් වලට හරි නැහැ, ක්‍රීඩකයන්ට හොද නැහැ වගේ බයිලා කියන්නේ නැතිව හරි හෝ වැරදි හොදම දේ පරීක්ෂණය CID යට දෙන්න. නැත්නම් හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වේවි.අර චාමර සිල්වාට වෙච්චදේ දැක්කනේ. විත්තිය ගෙදර, පැමිණිල්ල හිරේ
    මොකද දැන් අපේ අය දැන් ක්‍රිකට් ගහන්නේ අශ්වයා උඩ නැගලානේ.

  2. LION says:

    ඉන්දියාවත් සමග සැම මැච් එකක් මුරලි හොදට සෙල්ලම් කලේ නැහැ ඒ ගැනත් සොයාබලන්න අපි පැරදුනා

Main News