ශ‍්‍රී ලංකා ටෙලිකොම් රජයේ කොටස් විකුණයි..

August 17, 2018 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකා ටෙලිකොම් රජයේ කොටස් විකුණයි..

රජය සතුව පවතින ශ‍්‍රී ලංකා ටෙලිකොම් 49.5% ප‍්‍රමාණයෙන් 4.74% ක් කොටස් වෙළඳපලේ අලෙවි කිරීමට සූදානම් වන්නේ යයි ශ්‍රි ලංකා ටෙලිකොම් සේවා සංගමය සදහන් කරයි.

ඊට විරෝධය පල කරමින් සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් කොටස් සියයට 4.74 ක් විකිණීමට කටයුතු කිරීම හා ඊට විරෝධය පෑම

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයේ සතු කොටස් සියයට 49.5 න් සියයට 4.74 ක් කොළඹ කොටස් වෙළඳපලට නිකුත් කිරිමට සූදානම්කර ඇති බව දැනගන්නට ලැබී තිබේ. රාජ්‍ය පංගුවෙන් මෙම කොටස් ප‍්‍රමාණය විකිණීමෙන් මෙතෙක් ආයතනය සතුව පැවති රාජ්‍ය හිමිකාරත්වය මෙන්ම රාජ්‍යය වෙනුවෙන් කේවල් කිරිමේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියට ද බලපෑම් සිදුවෙයි. එය ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පැවැත්මට හා මෙතෙක් ආරක්ෂාකරගෙන ආ සේවක අයිතීන් හා වරප‍්‍රසාදවලටද මෙන්ම පාරිභෝගික විශ්වාසයටද බලපෑම් ඇතිකරනු ඇත. එවගේම තර`ගකාරි වෙළඳපල තත්වය අනුව මෙතෙක් පාලනාධිකාරිය විසින් ක‍්‍රියාත්මක කිරිමට නොහැකි වූ ඇතැම් තීරණ ක‍්‍රියාත්මක කිරීමේ නිදහස හා බලයක්ද නිර්මාණය කරගනු ඇත.

එබැවින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රාජ්‍ය පංගුව සතු කොටස් සියයට 4.74 ක් කොටස් වෙළඳපලට විකිණීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් පාලනාධිකාරිය හා රජය විසින් ගනු ලැබු තීරණයට ඉහත කී කරුණු පදනම්කරගනිමින් අප සංගමයේ විරෝධය පළකර සිට්න බවත් මේ සම්බන්ධයෙන් ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය හරහා පුළුල් ප‍්‍රචාරයක් ලබාදෙමින් ලාංකීය ජනතාව මෙන්ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයින් හා කොටස් හිමියන් දැනුවත් කරන ලෙස කාරුකව ඉල්ලා සිටිමු.

පී.එස්.බි. ජයසුන්දර
ප‍්‍රධාන ලේකම්

75 views

2 Comments to “ශ‍්‍රී ලංකා ටෙලිකොම් රජයේ කොටස් විකුණයි..”

  1. ගොමයා says:

    කාපිය කාපිය කාල විනාශ කරලම මක බෑවිය. මොන අතකින් මොනම දේකටවත් හැකියාවක් නැතුව ආපු එකෙක් වෙන ඉතිං මොනව කරන්නද? ගොම ගෑවිලාම පල. තිබුනෙ ගොං රැලක් රවට ගන්න පුළුවං වාචාල කටක් විතරයි

  2. hewwel says:

    හොඳ පියවරක් රාජ්‍ය අංශය සහමුලින්ම ඉවත්වී ටෙලිකොම් පවුද්ගලීකරණය කල යුතුය්

Main News