ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් නැගිටී.. අලුත් ව්‍යවස්ථාවේ කණ පලා ලුණු දමයි..
October 25, 2017 at 3:22 am | lanka C news
අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාවේ දෙමළ පිටපතේ සඳහන් පරිදි ශ්‍රීලංකාව ඒකිය රාජ්‍යක් ලෙස පිලිගැනිම බැහර කොට ඇතැයි ශ්‍රීලංකා නීතිඥ සංගමය විසින් ජනතාව දැනුවත් කලේ ය. එහී ඒකිය යන අරුත් ගැන්වෙන වචනයට යොදා ඇති දෙමල වචනයෙන් අරුත් ගැන්වෙන්නේ “ඔරුමිත්ත නාඩු” යනු ප්‍රාන්ත කිහිපයකින් සැදුම්ලත් රාජ්‍යයක් බව ශ්‍රීලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා ප්‍රකාශ කලේය.
ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කිරිමට ශ්‍රීලංකා නීතිඥ සංගමයේ විශේෂ සභා රැස්වීමක් ඊයේ 23 වෙනිදා පැවති අතර එහිදි ගත් තීරණයක් අනුව එහි සභාපතිවරයා මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කලේ ය.
මෙරටේ නීතිය ක්ෂේත්රයේ සම්බන්ධව ඉහළම දැනුම ඇති පිරිස පක්ෂ ජාති භේදයකින් තොරව ශ්‍රීලංකා නීතිඥ සංගමය නියෝජනය කරනු අතර පසුගිය රජය සමයෙහි දි සමහර අවස්ථාවන් වලදි එම සංගමයේ අදහස් ස්වාධීනව ප්‍රකාශ කලහ.
‘ඔරුමිත්ත නාඩු’ යන වචනය යොදමින් සිදුකර ඇති මෙම කමිටු වාර්තාව ඉතාමත්ම බරපතළ තත්ත්වයක් බැවින් වහාම රජයෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීමට නීතිඥ සංගමය මෙම කමිටු රැස්වීමේදී තීරණය කළ බවද යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ සඳහා ප්‍රශ්න 12කින් යුතු ප්‍රශ්නාවලියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් පිළියෙල කොට ඇති බවත්, ඒ සඳහා වහාම පිළිතුරු ඉල්ලා සිටින බවත් එකී පිළිතුරු සම්බන්ධයෙන් 28 වැනි දින පැවැත්වෙන නීතිඥ සංගම් රැස්වීමේදී සාකච්ඡාකොට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය එහිදී තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් රටට නොමැති අවස්ථාවක මෙවැනි ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණ කුමක්ද යන්නත්, එමඟින් රටේ භෞමික අඛණ්ඩතාවටත් රටේ ස්වෛරීත්වයටත් එල්ල විය හැකි තර්ජනය කෙබඳුද යන්නත් ගැන සංගමයේ දැඩි අවධානය යොමු කළ යුතු බව කමිටු රැස්වීමේදී සාමාජිකත්වය දැඩි ලෙස අවධාරණය කළ බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– BAR