ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ ප‍්‍රචණ්ඩ වෙති.. ප‍්‍රබල ඉන්දියාව ලකුණු 112කට සහමුලින්ම දැවී යයි..

December 10, 2017 at 3:05 pm | lanka C news
ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ ප‍්‍රචණ්ඩ වෙති.. ප‍්‍රබල ඉන්දියාව ලකුණු 112කට සහමුලින්ම දැවී යයි..

සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායම සමග ඉන්දියාවේ ධර්මශාලාහි පැවැත්වෙන පළමු එක්දින තරගයේදී ඉන්දීය පිල දැඩි අසීරුතාවයට පත්ව සිටී.

කාසියේ වාසිය දිනූ ශ‍්‍රි ලංකා පිලේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් ඉන්දිය පිල පන්දු වාර 38.2කදී සියල්ලන්ම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112ක් පමණි.

ඉන්දීය ඉතිහාසයේ මුල් වතාවට ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුළු 07 ලකුණු 29ක් තුල දැවී යාම විශේෂත්වයකි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මහේන්ද්‍ර සිං දෝණි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 65කි.

විරාත් කෝලි ඉන්දීය පිලේ නිත්‍ය නායකයා මෙම තරගයට ක‍්‍රිඩා නොකරයි.

සජීව විකාශණය මෙතනින්
සජීව ලකුණු පුවරුව මෙතනින්

32 views

2 Comments to “ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ ප‍්‍රචණ්ඩ වෙති.. ප‍්‍රබල ඉන්දියාව ලකුණු 112කට සහමුලින්ම දැවී යයි..”

  1. Harshie says:

    Apoi ow itin.wadiya uda paninna one na okata.kholiya nathi nisai oya serama sellam.hitiya nam balaganna tibuna.kholita paadamak ugannapu dawasata sathutu weyalla kollane……

  2. Anushka sharma says:

    ඕකට ඉතින් ඔය තරම් උඩ පනින්න ඔනෙ නෑ,කෝලියා හිටියා නම් බලගන්න තිබුනා කෙරුවාව.කෝලියාට පාඩමක් උගන්නපු දවසට සතුටු වෙයල්ලා කොල්ලනේ……

Main News