ශ‍්‍රී ලංකා පිලට ටෙස්ට් වරම් නැති රටවල් එක්කත් තරග කරන්න අසීරුයි.. ඒ වෙනුවට කැසිනෝ, අශ්ව රේස්…

September 11, 2017 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකා පිලට ටෙස්ට් වරම් නැති රටවල් එක්කත් තරග කරන්න අසීරුයි.. ඒ වෙනුවට කැසිනෝ, අශ්ව රේස්…

ලෝක කුසාලනය පවා දිනා ගත් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායටම අද වන විට ටෙස්ට් වරම් නැති රටවල් සමග පවා කරග කිරීමද අසීරු දෙයක් බවට පත්ව ඇතැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පවසයි.

ලාංකිකයන් අසීමිතව ආදරය කල ක‍්‍රිකට් ක‍්‍රීඩාව යහපාලකයන් විසින් නැත්තටම නැති කර ඇති බවත් ඒ වෙනුවට ක‍්‍රීඩා ලෝලින්ට දැන් බැලීමට ඇත්තේ කැසිනෝ, අශ්ව රේස් බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ ගාල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

77 views
Main News