ශ‍්‍රී ලංකා පිලට වාසනාව කැන්දූ ගාළු ක‍්‍රිකට් පිටිය කඩා ඉවත් කරයි.. පාර්චසය කෝටි 02යි.. විකුණා දමන්න සූදානම්…

July 19, 2018 at 10:46 pm | lanka C news
ශ‍්‍රී ලංකා පිලට වාසනාව කැන්දූ ගාළු ක‍්‍රිකට් පිටිය කඩා ඉවත් කරයි.. පාර්චසය කෝටි 02යි.. විකුණා දමන්න සූදානම්…

ගාල්ල ක‍්‍රිකට් පිටිය වටා ඇති ගොඩනැගිලි ඇතුඵු ඉදිකිරීම් කඩා ඉවත් කර ඉඩම ජනතා අයිතියට පත්කිරීමට රජය තීරණය කර ඇති බව ඇමති වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියක් අවශ්‍ය නම් වෙනත් ස්ථානයක ඉදි කල හැකි යයිද ඔහු කියා සිටී.

ක්‍රීඩාංගනය වෙනුවෙන් කිසිඳු අනුමැතියක් ගෙන නැති බවත් කී ඔහු අධිවේගී මාර්ගය ආසන්නයේ ක‍්‍රිකට් ක්‍රීඩා පිටියක් සදා දෙන බවත් පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පවත්වන ලද උත්සවයක් අමතමිනි.

මේ සම්බන්දයෙන් අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පවසන්නේ ගාළු කොටුව ආසන්න මෙම ඉඩම් විකුනා දැමීම සදහා දැනටමත් සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රමේෂ් පතිරන මහතා පෙන්වා දෙන්නේ මෙම ප‍්‍රදේශයේ පර්චසයක් රුපියල් කෝටි 02ක් පමණ වන බවයි.

යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ලයිස්තුවෙන් ගාළු කොටුව ඉවත් කරන්නේ යයි පවසා ඇතැයි කියමින් පිට්ටනිය ඉවත් කිරීමට ආණ්ඩුව සැරසෙතත් යුනෙස්කෝව එවන් ප5කාශයක් කල බවට කිසිදු සාක්‍ෂියක් නැති බවද පැවසීය.

මෙම ස්තානයේ තුරග තරග පිටියක් පිටියක් පැවත එන්නේ 1876 වසරේදී තරම් ඈත කාලයේදී වන අතර එය ක‍්‍රිකට් ක‍්‍රීඩංගණයක් වූයේ 1927ය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට වාසනාය උදා කරන ක‍්‍රිඩාංගණයක් ලෙස ප‍්‍රකට මෙම පිටියේදී පවත්වා ඇති ටෙස්ට් තරග 31 න් තරග 18ක් ශ‍්‍රී ලංකාව ජයගෙන ඇත.

156 views
Main News